අකුණු සැර වැදීමෙන් වලස්මුල්ල මූලික රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට දැඩි හානි සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

පස්වරුවේදී ඇතිවු අධික වර්ෂාපතනය සමඟ පමණ මෙම අකුණ සැර වැදී ඇති අතර ඒ අවස්ථාව වන විට විශේෂ ප්‍රතිකාර ඒකකයේ රෝගීන් තිදෙනකු පමණක් සිටි බවත් එම අවස්ථාවේදී ඔවුන් වහාම මුදා ගෙන දැඩි සත්කාර ඒකකයට යොමු කර තිබෙනවා.

අකුණු සැර වැදීමත් සමඟ විශේෂ ප්‍රතිකාර ඒකකයේ තිබූ වටිනා සෞඛ්‍ය උපකරණ රැසකට හානි වී තිබු ආකාරය දක්නට තිබිණි .

කෙසේ නමුත් එම උපකරණවල වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බවට පැවසේ.

මෙම සිදුවීම සමග මෙම ඒකකය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගොඩනැගිලි අලුත්වැඩියාව සහ නව යන්ත්‍ර ස්ථාපනය කළ යුතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here