

Hot News
අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 54ක් ඉදිරි සතියේ මෙරටට
පිළිකා හා වකුගඩු රෝග සඳහා අවශ්‍ය ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 54 ක් ඉදිරි සතිය තුළ දී මෙරටට ලැබීමට නියමිතව ඇත.
අමෙරිකානු ඩොලර් 58,000 ක් වටිනා ඖෂධ තොගයක් ද ලැබීමට නියමිත බවයි සෞඛ්‍යය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ.
මීට අමතරව බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය තවත් අමෙරිකානු ඩොලර් මිලියනයක් වටිනා ඖෂධ ආධාර තොගයක් මෙරටට ලබා දීමට නියමිතයි.
Hot News
Watch : සාක්ෂියක් ඉතිරි කර 24 හැවිරිදි තරුණියක් අතුරුදන්

අවුරුදු 24 ක් වයසැති තරුණ කාන්තාවක් අතුරුදන් බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කල බව වැලිපැන්න පොලිසිය පවසයි .
වැලිපැන්න හිජ්රා මාවතේ පදිංචි දැරියගේ පියා විසින් කල පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
හිජ්රා මාවතේ පදිංචිව සිටී මොහොමඩ් අමීන් ෆාතිමා අස්මියා නමැති තරුණියක මෙසේ අතුරුදන්ව ඇති බව පොලිසිය කීය.
තරුණිය ඊයේ රාත්‍රි සිට අතුරුදන් බවට පැමිණිල්ලේ සදහන්ව ඇති බවත් , ඇය නිවසේ පිටුපස දොරෙන් පිටව ගොස් ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇති බවත් පොලිසිය කීය.
අතුරුදන්ව තරුණියගේ බවට හදුනාගෙන බවට හදුනාගෙන සෙරෙප්පුවක් නිවස ආසන්නයේ පිහිටී වැලිපැන්න ඇල ඉවුරේ තිබී සොයාගත් බව පොලිසිය කීය.
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාම්න්ද මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිපැන්න පොලිසිය පරීක්ෂණ පවත්වති.
(සම්පත් කුලරත්න – කළුතර)
Hot News
දිවුලපිටිය නගරයේ දී නීතිවිරෝධී දුම්වැටි 600ක් අත්අඩංගුවට

දිවුලපිටිය පොලිස් ස්ථානය දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති නිහාල් මහතාට ලැබුණු තොරතුරක් මත නීතිවිරෝධී දුම්වැටි 600 ක් ප්‍රවාන කර පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම නීතිවිරෝධී දුම්වැටි අලෙවි කිරිම සඳහා රැගෙන ගිය බව පොලිසියට පවසා ඇත.
මෙම සැකකරු කාලයක් තිස්සේ මෙම ව්‍යාපාරය කර ඇති බවත් සහ මෙම සැකකරු දිවුලපිටිය බලගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය පවසයි.
මෙම සැකකරු සහ නීති විරෝධී දුම්වැටි 600 මිනුවන්ගොඩ අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිත බව දිවුලපිටිය පොලිසිය පවසයි.
(මිනුවන්ගොඩ දමිත් තිසර)
Hot News
රෝහල් 40 ක් වැහිලා. තවත් 100 වැසී යාමට ආසන්නයි

දිවයින පුරා රජයේ රෝහල් 40 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට වැසී ගොස් ඇති බවත්, තවත් රෝහල් 100 ක් පමණ වැසී යාමට ආසන්න තත්ත්වයේ පවතින බවත් සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.
අදාළ රෝහල් වලට කඩිනමින් වෛද්‍ය නිලධාරින් අනුයුක්ත කර රෝගී ප්‍රතිකාර සේවා යථා තත්ත්වයට පත් කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ උපදෙස් ලබා දී තිබෙන බවයි සඳහන් වන්නේ.
උතුරු පළාතේ දිස්ත්‍රික්ක රැසක, පුත්තලම හා නුවරඑළිය දිස්ත්‍රික්කවල රෝහල් මෙසේ වැසී යාමට ආසන්නව පවතින බවයි. වෛද්‍යවරුන් විදේශගත වීම, විශ්‍රාම යාම, ස්ථාන මාරුවීම් ලබා ගැනීම, සේවය අතහැරයාම වැනි කාරණා හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇතැයි ඔහු සඳහන් කර තිබෙනවා.
එමෙන්ම ගතවූ මාස 10 තුළ, විශේෂඥ වෛද්‍යවරුන් 300 ක් හා සාමාන්‍ය වෛද්‍යවරුන් 1000 ක් රට හැරගොස් ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාශය වැඩිදුරටත් පවසනවා.
-
World1 day ago
තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි
-
World2 days ago
ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්
-
Sports2 days ago
තීක්ෂණ සහ මතීෂ චෙන්නායි කණ්ඩායම රඳවා ගනී
-
Hot News2 days ago
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ඉඟියක්
-
Hot News4 days ago
නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්? පොලිස්පති කාර්යාලයෙන් ඉවත් වෙයි
-
Sports2 days ago
ගුජරාට් කණ්ඩායම දසුන් ශානකව ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි
-
Hot News1 day ago
දිවුලපිටියෙන් කොටුකරගත් ලක්ෂ 12ක මත්ද්‍රව්‍ය තොගය
-
Hot News3 days ago
Watch : පොලිස් නිළධාරීන් අත්අඩංගුවට ගත් ජීප් රථය කාගේද ?