මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.

ඒ අනුව, අර්තාපල් (චීනයෙන් ආනයනය කරන ලද)  කිලෝවක මිල රුපියල් 15කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 215ක්.

එමෙන්ම, රතු පරිප්පු කිලෝවක මිල රුපියල් රුපියල් 14 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 282ක්.

තවද සුදු සීනි කිලෝවක මිල රුපියල් 6කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල්ල් 269ක්.

සතොස නිවේදනය කළේ, දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද (04) දින සිට ලබා ගත හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here