ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව පවසයි.
ඔවුන් පවසන්නේ, නුවර සහ නුවරඑළිය තැපැල් කාර්යාල පිහිටි ගොඩනැගිළි විකිණීමේ තීරණයට එරෙහිව මෙම වර්ජනය සිදුකරන බවයි.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක් ක්‍රියාත්මක වන පරිදි මෙම වර්ජනය ආරම්භ කිරීමට නියමිත බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය වැඩිදුරටත් පවසයි.