අද (17) දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙනවා.

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකළපුව  දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං ගිනිකොණ දෙසින්ද  මඩකළපුව  සිට පොතුවිල් සහ හම්බන්තොට හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින්ද  හමා එන අතර  දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමයි. සුළං වේගය පැ.කි.මී. (15-30) පමණ වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here