ලයිරිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (22) මධ්‍යම රාත්‍රියේ උතුරු අහසේ දිස්වන බව අභ්‍යවකාශ විද්‍යාඥයින් පවසනවා.
වාර්ෂිකව දිස්වන උල්කාපාත වර්ෂාට ප්‍රධාන ස්ථානයක් හිමිවන අතර සෑම වසරකම අප්‍රේල් 15 සිට අප්‍රේල් 29 දක්වා සක්‍රීයව පවතී.
මෙම උල්කාපාත වර්ෂාව වීණාව කියන තාරකා රාශිය ආශ්‍රිතව දැකගත හැකි නිසාවෙන් ලයිරිඩ්ස් යනුවෙන් හඳුන්වන බව අභ්‍යවකාශ විද්‍යාඥ ඉංජිනේරු ගිහාන් වීරසේකර මහතා පවසයි
මෙම උල්කාපාත වර්ෂාවේ දී පැයකට උල්කාපාත 20ක් පමණ නිරීක්ෂණය කළ හැකි වෙයි.
අද රාත්‍රීයේ හෝ හෙට අලුයම උපරිම අවස්ථාවට පත්වෙයි.