අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය පවසන්නේ කොළොන්නාව නගර සභා බල සීමාව, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය, මුල්ලේරියාව සහ කොටිකාවත්ත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට පැය 18ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.
අද (04) රාත්‍රී 9 සිට හෙට (05) පස්වරු 3 දක්වා මෙලෙස ජල කප්පාදුව සිදු කෙරෙනවා.
අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට ජලය සැපයෙන ජල නලයක හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.