76 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව අද (30) සිට විශේෂ රථ වාහන සැලැස්මක් ක්රියාත්මක කරන බව පොලීසිය පවසනවා.
ඒ අනුව එහි පෙරහුරු පැවැත්වෙන අද දින සහ 31, 01, 02, 03 යන දිනයන්වලත්, නිදහස් උත්සවය පැවැත්වෙන දිනයේත් මෙය ක්රියාත්මක බවයි සඳහන් වන්නේ.
නිදහස් සමරු උත්සවයේ පෙරහුරු පුහුණුවීම් කටයුතු සඳහා පෙරවරු 6.00 සිට දහවල් 12.00 දක්වාද, නිදහස් සැමරුම් උත්සවය වෙනුවෙන් පෙබරවාරි 03 වැනි දින පස්වරු 02.00 සිටද රථවාහන ගමනාගමනය සීමා කිරීම, මාර්ග වසා තැබීම් සිදුකරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
ff