පාසල් පොත් බෑගයේ බර අඩු කරමින් නිකුත් කළ චක්‍රලේඛය බස්නාහිර පළාත තුළ අද (04) සිට ක්‍රියත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දී ඇති පරිදි පාසල් දරුවන්ගේ පොත් බෑගය බර වැඩිවීම නිසා සිසුන්ගේ කොඳු ඇට පෙළ ආශ්‍රිතව ආබාධ සහ ශරීරික අපහසුතා ඇතිවීම මත එය ක්‍රියාත්මක කරන බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා සඳහන් කළේ.
එම නිසා විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ දරුවන්ට පොත් රැගෙන ඒම පිළිබඳව උපදෙස් දී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.