Weather
අද හවස්වරුවේ ප්‍රදේශ රැසකට තද වැසි

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
ඌව සහ මධ්‍යම පළාත්වල පස්වරු 02.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
වයඹ, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව වාර්තා වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Weather
“මිජවුම්” සුළි කුණාටුව ශ්‍රී ලංකාවෙන් ඉවතට

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මිජවුම්” (MICHAUNG) සුළි කුණාටුව, දෙසැම්බර් 03 දින පැය 2330 වන විට උතුරු අක්ෂාංශ 12.8° සහ නැගෙනහිර දේශාංශ 81.6° ආසන්න ප්‍රදේශයේ, යාපනයේ සිට කි.මි. 365 ක් පමණ ඊසාන දෙසින් පැවතුනි.
මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවෙන් ඉවතට, වයඹ දෙසට ගමන් කරනු ඇත. එය උතුරු තමිල්නාඩුව දෙසට ගොස් පසුව උතුරු දෙසට ගමන් කර 2023 දෙසැම්බර් 05 දින වන විට දකුණු අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළුවනු ඇතැයි බලාපොරොත්තුවේ.
බස්නාහිර, සබරගමුව, උතුරු, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.
සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
Weather
කාලගුණය පිළිබඳ රතු නිවේදනයක්

තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වේ.

Weather
බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් – ඉදිරි පැය 12 තීරණාත්මකයි

නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත ගැඹුරු පීඩන අවපාතය, ඉදිරි පැය 12 තුළ, සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වී ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල අහස වළාකුලින් බරව පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකියි.
සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර ඌව පළාතේත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි අතර උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත්, විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
-
Hot News4 days ago
මුළු කළුතරම පැයක් තුළ භීතියට පත්කල දොඩංගොඩ පූස්කොටා සහ ගෝලයා අත්අඩංගුවට
-
Sports4 days ago
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
-
Sports2 days ago
සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට IPL වෙන්දේසියේ ඉහළම ලංසුවක්
-
World2 days ago
සුනාමි අවදානම ගැන විශේෂ නිවේදනයක්
-
Hot News3 days ago
සුරාසැල් විවෘතව තබන වේලාව වෙනස් වෙයි ?
-
Hot News3 days ago
Watch : ඩ්‍රෝන් යොදාගෙන ගුවනින් වල්නාශක ඉසින කවුඩුලු ගොවියෝ
-
Hot News4 days ago
Watch : ආයුධත් අරගෙන තෙල් ගහන්න ආපු මැරයෝ දෙන්නා
-
World2 days ago
එක කාන්තාවකට අවම වශයෙන් දරුවන් 8ක් ඉන්න ඕන – මෙන්න විශේෂ තීරණයක්