Hot News

අධික උණුසුමෙන් යාපනයේ තවත් මරණයක්

යාපනය – පුන්නලයි කට්ටුවාන් ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකු අධික රශ්මිය හේතුවෙන් ඊයේ (09) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිවඥානම් ජයකුමාර් (45) නැමැති මොහු දහවල් මිතුරන් පිරිසක් සමඟ මත්පැන් පානය කොට නිවසට පැමිණ සිටියදී මිදුලේ වැටී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ඔහුව වහාම තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

කෙසේ වෙතත් රෝහලට ඇතුළත් කොට ස්වල්ප වේලාවකදී ඔහු මිය ගොස් ඇති බවයි වාර්තා වුණේ.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය යාපනය ශික්ෂණ රෝහලට යවා සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ අධික රශ්මිය නිසා ඔහු විජලනයෙන් මිය ගොස් ඇති බවයි.

මළ සිරුර අවසන් කටයුතු සිදු කිරීම පිණිස තෙලිප්පලෙයි පොලිසිය විසින් පවුලේ ඥාතීන් වෙත භාර දී තිබෙනවා.

මේ වන විට යාපනයේ පුද්ගලයින් හය දෙනෙකු අධික රශ්මිය හේතුවෙන් මිය ගොස් ඇති බව ද සඳහන් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version