Uncategorized
අධික වැසි හේතුවෙන් වවුනියාවේ වැව් දෙකක් කැඩී යයි(ඡායාරූප)
පවතින අධික වැසි හේතුවෙන් වවුනියාව සින්නකුලම හා සින්නගල්වීරන්කුලම යන වැව් දෙකේ බැමි කැඩී ගොස් ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසූවේ වැව් බැමි කැඩී යාම හේතුවෙන් කුඹුරු අක්කර 100 ක් පමණ ජලයෙන් යටවි ඇති බවයි.
කැඩී ගිය වැව් බැමි වැලි කොට්ට යොදා තාවකාලිකව රැක ගැනීමට යුධ හමුදා නිළධාරීන් උත්සහ කළද පවතින වැසි තත්වය මත වැව් බැමි ආරක්ෂා කර ගැනීමට අපහසු වි ඇති බව ප්‍රදේශවාසීන් පවසති.
කැඩී ගිය වැව් බැමි නිරීක්ෂණය කිරීමට වවුනියාව දිස්ත්‍රික් ලේකම් පි.ඒ.සරත්චන්ද්‍ර මහතා ඊයේ(13) සවස අදාළ ස්ථාන වෙත ගමන් කළහ.
අදාළ වැව් කැඩී යාම හේතුවෙන් වැව් ආසන්නයේ පහත්බිම්වල සිටින ජනයාට අවධානයෙන් පසුවන ලෙස දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුමී දී ඇත.
අදාළ වැව් බැමි කඩා යාම හේතුවෙන් මෙවර මාස් කන්නයේ වැව් යටතේ වගා කළ අක්කර 100 ක් පමණ ජලයෙන් යටවි පවති.
වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසූවේ ආරක්ෂක අංශ සමඟ එක්ව වැව් බැමි ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.
(වවුනියාව මාධව කුලසූරිය)




Uncategorized
Watch : ඩයනා, සුජිත්,රෝහණ සිද්ධියෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩයනා ගමගේ සුජිත් සංජය සහ රෝහණ බණ්ඩාර යන අයට පැනවුණු පාර්ලිමේන්තු තහනම පිළිබඳ යෝජනාවට පක්ෂ ව ඡන්ද 57ක් ලැබුණු අතර, විපක්ෂ ව ඡන්ද ලැබුණේ එකක් පමණි.
මන්ත්‍රීවරුන් තිදෙනෙක් යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී තිබේ.
ඒ අනුව යෝජනාව වැඩි ඡන්ද 56කින් සම්මත වුණා.
Uncategorized
පස් කන්දක් කඩා වැටී පැල්වත්ත පස්සර මාර්ගයේ ගමනාගමනයට බධා
පැල්වත්ත පස්සර ප්‍රධාන මාර්ගයට හිගුරුකඩුව රෝහල අසලින් විශාල පස් කන්දක් කඩා වැටී මාර්ගයේ ගමනාගමනයට බධා එල්ල වී තිබේ.
එම පස් කන්ද කඩා වැටීම නිසා මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම නැවතී ඇති අතර පස් කන්ද ඉවත් කිරීමේ කටයුතු සිදු වෙමින් පවතී.
(ජයන්ත වීරසේකර -වැල්ලවාය)



Uncategorized
Watch : නුවරඑළියේ තැපැල් කාර්යාල ගැන අලුත් යෝජනාවක්

වසර 130 ක පෞරාණික වටිනාකමින් යුතු නුවරඑළිය තැපැල් කාර්යාලය තැපැල් දෙපාර්තුමේන්තුවේ වැඩ කටයුත්තකට හැරෙන්නට වෙනත් කිසිදු ව්‍යාපාර අරමුණකට භාර නොදී සංරක්ෂණය කර දෙන මෙන් ඉල්ලා සර්ව ආගමික නායකයන් , නුවරඑළිය තැපැල් හා විදුලි සංදේශ වෘත්තිය සමිති නියෝජිතයන් , රාජ්‍ය අංශය නියෝජනය කරන සියලුම වෘත්තීය සමිති නියෝජිතයන් , ස්වේච්ඡා සංවිධාන නියෝජිතයන් හා මහජනතාව විශාල පිරිසකගේ අත්සනින් යුතු සන්දේශයක් අද (13) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා වෙත භාරදීමට කටයුතු කර තිබේ ,
තැපැල් වෘත්තිය සමිති හා රාජ්‍ය සේවක වෘත්තීය සමිති සමග සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් මෙම සංදේශය දිස්ත්‍රික් ලේකම්වරයාට භාර දී ඇත්තේ දිස්ත්‍රික් ලේකම්වරයා අරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දෙන ලෙස ඉල්ලීමක් කරමිනි ,
දිසාපති වරයා වෙත සන්දෙශය භාරදී සන්දේශය යොමු කිරීමේ අරමුණ පැහැදිලි කිරීමේ සාකච්ඡාවක් පැවැත්වුණා.
සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස්දක්වමින් නුවරඑළිය පොදු දේපල සුරකීමේ සංසංවිධානයේ සභාපති හා නුවරඑළිය දිස්ත්‍රික් සාසනාරක්සක බල මන්ඩලයේ ලේඛකාධිකාරී දඹගොල්ලේ සෝමානන්ද හිමිපානන් සහ නුවරඑළිය තැපැල් හා විදුලි සන්දේශ වෘත්තීය සමිතියෙ නුවරඑළිය ශාඛා ලේකම් හා නුවරඑළිය සහකාර තැපැල් ස්ථානාධිපති අජන්තා හිටිහාමු මහත්මිය කියා සිටියේ ,
දැන් දෙපාර්තමේන්තුවට වැඩිම ලාභයක් උපයන හා සංචාරක ආකර්ෂණය දිනාගත් වසර 130 කි පෞරාණික ඉතිහාසයකට උරුමකම් කියන නුවරඑළිය තැපැල් කාර්යාලය වෙනත් කිසිදු ව්‍යාපාරික කටයුත්තකට යොදා නොගෙන තැපැල් කාර්යාලයක් හා තැපැල් කෞතුකාගාරය හැටියට ප්‍රතිසංස්කරණය කරමින් රැක දීමට අවශ්‍ය කටයුතු කරන මෙ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා ,
මෙම තැපැල් කාර්‍යාලයට අතිවිශාල සංචාරකයන් පිරිසක් පැමිණෙන මෙය පෞරාණික තැපැල් කාර්යාලය බැවින් මිස හෝටයක් කරානම් ඒ සංචාරක ආකර්ෂණය මුළුමනින්ම නැති වල යනවා ,
අද දිසාපතිවරයාට භාර දුන් සංදේශය ජනාධිපතිවරයාගේ අතුරු ලැබුණු විගස සාධනීය පිළිතුරක් ලැබෙනු ඇතැයි පේක්ෂා කරන බවයි ,
මේ පිළිබඳව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් දිසාපති නන්දන ගලබඩ මහතාගෙන් අප කළ විමසුමකට දිසාපතිවරයා කියා සිටියේ තැපැල් හා අනෙකුත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති හා ස්වේච්ඡා සංවිධාන රැසක් අත්සන් තබා තැපැල් කාර්යාලය රැකගෙන මේ ජනපතිවරයාට ඉල්ලීමක් කළ ලබාදුන් සංදේශය අද දින බාර ගත් අතර එම සංදේශය ජනාධිපතිවරයාට රාජකාරිමය වශයෙන් යොමු කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන බවයි .
-
Hot News4 days ago
මුළු කළුතරම පැයක් තුළ භීතියට පත්කල දොඩංගොඩ පූස්කොටා සහ ගෝලයා අත්අඩංගුවට
-
Sports4 days ago
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
-
Sports2 days ago
සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට IPL වෙන්දේසියේ ඉහළම ලංසුවක්
-
World2 days ago
සුනාමි අවදානම ගැන විශේෂ නිවේදනයක්
-
Hot News3 days ago
සුරාසැල් විවෘතව තබන වේලාව වෙනස් වෙයි ?
-
Hot News3 days ago
Watch : ඩ්‍රෝන් යොදාගෙන ගුවනින් වල්නාශක ඉසින කවුඩුලු ගොවියෝ
-
Hot News4 days ago
Watch : ආයුධත් අරගෙන තෙල් ගහන්න ආපු මැරයෝ දෙන්නා
-
World2 days ago
එක කාන්තාවකට අවම වශයෙන් දරුවන් 8ක් ඉන්න ඕන – මෙන්න විශේෂ තීරණයක්