බණ්ඩාරගම ගැලනිගම අධිවේගී මාර්ග පාලම අසළ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් හමු වූ බව පොලිසිය ප්‍රකාශ කරනවා.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බණ්ඩාරගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

මියගිය පුද්ගලයා අඩි 05යි අඟල් 4ක් පමණ උසැති ඔහු තලෙළු පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.

ඔහු උඩු කයට නිල්පාට අත්කොට කමිසයක් සහ තැඹිලි සහ දුඹුරු පැහැයට මිශ්‍ර සරමක් හැඳ සිට ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here