ගම්පොළ අඹගමුව ප්‍රදේශයේ දී අනාරක්ෂිත ළිඳකට වැටී කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ ජාවත්ත ප්‍රදේශයේ පදිංචි නව හැවිරිදි පාසල් සිසුවෙක්.
ඔහු සිය මව්පියන් සමඟ රාමසාන් උත්සවය සැමරීම සඳහා ගම්පොළ පිහිටි ඥාති නිවසක් වෙත පැමිණ තිබුණා.
එහිදී මව සහ පියා අදාළ නිවසේ නොමැති අවස්ථාවේදීයි මෙම දරුවා අනාරක්ෂිත ළිඳට වැටී ඇත්තේ.
පසුව මව පැමිණ දරුවා පිළිබඳ සිදුකළ සොයා බැලීමේදී නිවසට මීටර 25ක් පමණ දුරින් වූ මෙම අනාරක්ෂිත ළිදෙහි තිබී දරුවාගේ මළ සිරුර සොයා ගෙන තිබෙනවා.