Hot News

අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් අවුරුදු 29ක තරුණයෙක් ජීවිතක්ෂයට

ඊයේ දවල් දින මිනුවන්ගොඩ අලුතෑපොල ප්‍රදේශයේදී අවුරුදු 29ක පුද්ගලයෙක් වන ධනුෂ්ක පුෂ්ප කුමාර නැමැති පුද්ගලයෙකු ඊයේ සවස කුලියට ලබාගත් නිවසක ගෙල වළඳාගෙන මියගොස් ඇති බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා දිවුලපිටිය කඩවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් අනියම් බිරිදත් සමග මිනුවන්ගොඩ අලුතෑපොළ ප්‍රදේශයේ මාස 06 කට ආසන්න කාලයක් මෙම කුලී නිවසේ සිටී බවත් මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයෙන් අප කළ විමසීමකදී අනියම් බිරිඳ සහ මියගිය පුද්ගලයා අතර බහින්බස්වීමක් දුරදිග ගිය හේතුවෙන් අනියම් බිරිඳ මියගිය පුද්ගලයාගෙන් වෙන් වී ගොස් වෙනත් පුරුෂයෙක් එක්ක ගිය නිසා ධනුෂ්ක පුෂ්ප කුමාර නමැති පුද්ගලයා ගෙල වැළඳාගෙන මියගොස් ඇති බව පොලිස් විමසනවලදී අනාවරණය වී ඇත.

මෙම මරණ පරීක්ෂණය මීගමුව මූලික රෝහලේ පවත්වන බව ප්‍රජා පොලිස් අංශයේ 95360 චමින්ද මහතා අප කළ විමසීමකදී පවසයි.

(මිනුවන්ගොඩ දමිත් තිසර)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version