අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් නිල කාමරයේ ලංකාවේ නිෂ්පාදනය කරන ලද ෂොට් ගන් එකක් කොළඹ රස පරීක්ෂණාගාරයට යැවීමට සූදානම් කර තිබියදී,එම තුවක්කුව අසුරා බිත්තියට හේතු කිරීමේදී තුවක්කුව පත්තු වී තිබෙනවා.

එම අවස්ථාවේදී නිල කාමරය තුළ මහේස්ත්‍රාත්තුමා සිටි නොමැති අතර තුවක්කුව පත්තුවන අවස්ථාවේදී මෙය ඇසුරුම් කරන ලද දෙදෙනා එම කාමරයේ සිටි ඇත.

නමුත් කිසිවෙකුට කිසිම තුවාලයක් වී නොමැත බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි.මේ පිළිබඳව අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(අනුරාධපුර තම්සර් )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here