ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (11) පෙරවරුවේ යාපනයේ සිදු කරන ලද සංචාරයේ දී යාපනය ශාන්ත මරියා ආසන දෙව්මැදුරු ශාලාවේ දී යාපනය කතෝලික රදගුරු පදවි අනුනායක පී.ජේ. ජෙබරත්නම් පියතුමාද, ඉලවාලෙයි කතෝලික මීසම බාර ජෙයකුමාර් පියතුමාද ඇතුළු කතෝලික පියතුමන්ලා සහ පැවිදි සොයුරියන් පිරිසක් හමුවී සාකච්ඡා කර තිබෙනවා.
මේ අවස්ථාවට ජාතික ජන බලවේගය වෙනුවෙන් විධායක සභික රාමලිංගම් චන්ද්‍රසේකර්, විධායක සභික බිමල් රත්නායක, කැලණි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය විජිත් රොහාන් හා අජිත් හැඩ්ලි පෙරේරාද, සරත් පීරිස් පියතුමා, සුසිල් හෙට්ටිආරච්චි සොහොයුරාද එක්ව සිටි බවයි කියන්නේ.
මෙම හමුවේදී රටෙහි වත්මන් ආර්ථික සහ දේශපාලන තත්වය පිළිබඳවත් ජනතාව මුහුණ පා සිටින ගැටලු පිළිබඳවත් අදහස් හුවමාරු කර ගත බව පැවසෙනවා. පියතුමන්ලා හා පැවිදි සොයුරියන් නැගූ විවිධ ප්‍රශ්නවලට අනුර කුමාර දිසානායක මහතා විසින් ජාතික ජන බලවේගයේ ස්ථාවරය පිළිබඳ පැහැදිළි කිරීමක් කළ බවයි කියන්නේ.