පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ සේවිකාවන් දෙදෙනකු ලිංගික හිංසනයට පත් කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් කණිෂ්ක සේවකයන් තිදෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (30) දින නියෝග කළාය.
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ සේවිකාවන් දෙදෙනකුට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි කනිෂ්ඨ සේවකයන් තිදෙනා අත්අඩංගුවට ගත්තා.
එම කාර්යාංශයේ නිලධාරීන් පාර්ලිමේන්තු සංකීර්ණයට ගොස් මේ පිළිබඳව පසුගියදා විමර්ශන පැවැත්වීය.
එම ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සහකාර ගෘහපාලකවරයා ඇතුළු දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.
Muchas gracias. ?Como puedo iniciar sesion?