මේ වන විට රටේ ජනතාව දැඩි පීඩනයකින් හරිහැටි ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත් මෙයට වගකිව යුතු පුද්ගලයන් සමගි ජන බලවේගය විසින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය හරහා අනාවරණය කිරීමත් සමඟ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ මේ පුද්ගලයන්ගෙන් වන්දි ලබා ගැනීමට ආර්ථික අවපාතය නිසා සිය ව්‍යාපාර කඩා වැටුණු පුරවැසියන්ට හැකියාව පවතින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ ගැටලුව සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ලෙස තමා පාර්ලිමේන්තුවේදී එදා ප්‍රශ්න කරන විට තමාට පහර දීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පැමිණියත් ඒ කිසිවකට නොසැලී කටයුතු කිරිමට හැකි වූ බවත් එම ප්‍රශ්න නැවතත් අද දිනයේ පවා ඇසූ බවත් තමා කිසිදු අවස්ථාවක අභියෝගවලට බයේ පළා නොගිය බවත් තමාගේ එකම අරමුණ වන්නේ රටේ ජනතාව ජීවත් කරවීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (10) සක්වල තොරතුර තාක්ෂණ වැඩසටහනේ 64 වැනි අදියර යටතේ රත්මලාන කොතලාවලපුර මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here