තමන් ඇතුළු ඉන්දීය ජනතාව සැමදා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.

ඔස්ට්‍රේලියාව සමග ඊයේ පැවති ලෝක කුසලාන අවසන් මහා තරගය ඉන්දියාව පරාජය වීමෙන් පසු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ, ලෝක කුසලාන තරගාවලිය පුරාවටම ඉන්දීය කණ්ඩායමේ අධිෂ්ඨානශීලිත්වය සහ දක්ෂතාව කැපී පෙනෙන මට්ටමක පැවති බවයි.

කණ්ඩායම සුවිශේෂි ආත්මාභිමානයකින් ක්‍රීඩා කර ජාතියට අපිරිමිත ආඩම්බරයක් ගෙන දුන් බව ද අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් පණිවුඩයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here