

Hot News
අපේ රට වැටිලා නෑ , වැටිලා තියෙන්නේ ආණ්ඩුව – ශ්‍රී පාදස්ථානාධිපති හිමි
අපේ රට වැටිලා නැ , වැටිලා තියෙන්නේ ආණ්ඩුව බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පැවසිය.
ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් ඒ බැව් කියා සිටියේ 2023-2024 ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිම සම්බන්ධයෙන් වන්දනාකරුවන්ට පොදු පහසුකම් ලබාදිම සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් දැනුවත් කිරිම සදහා (09) දින පස්වරුවේ නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයේ පැවති සාකච්ඡාවේදිය.
මෙම සාකච්ඡාවේදි වැඩිදුරටත් අදහස් දැක් වු ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ
අපේ රට දුප්පත් රටක් නෙවෙයි , සම්පත් වලින් බහුල රටක් , දුප්පත් රටක් නම් රට වැසියන්ගෙන් මෙතරම් බදු මුදලක් අය කරන්නේ ඇයි ?
රටක් පවත්වාගෙන යන්න බදු මුදල් අවශ්‍යයි , රටේ ජනතාවත් පොහොසත් කරලා රටත් පොහොසත් වෙන්න ඕනි.
රටේ පවතින්නේ පරිපාලන ගැටළුවක් මිස අපේ රට වැටිලා නැ , ශ්‍රි පාදස්ථානයට පිවිසෙන මාර්ගය අයිති මේ රටේ ජනතාවට.
ශ්‍රි පාද වන්දනාවේ සෑම ජාතියකටම අයත් වන්දනාකරුවන් පැමිණෙනවා , ඒ අයටයි ශ්‍රි පාද මාර්ගය අයිති , එම මාර්ගය යුධ හමුදා සහ නාවික හමුදාව සමග එක්වෙලා විශාල මුදලක් වැය කරලා මමයි සංවර්ධනය කලේ.
එම මාර්ගයේ අවාරයේ ගමන් කරන අයගෙන් මුදල් අය කරන්න වනජිවියට අයිතියක් නැ .
ශ්‍රි පාද මාර්ගයෙන් පිට රක්ෂිතයට ඇතුල් වන අයගෙන් මුදල් අය කලාට කමක් නැ , අපේ රටේ ඕන තරම් ගැසට් ගහලා තියෙනවා , ඒවා ආපසු හරවපු අවස්තා ඕන තරම් තියෙනවා.
ඒ අනුව වනජිවියට කියන්නේ ඔය ගහපු ගැසට් එකත් ආපහු හරවන්න කියලා යනුවෙන් පැවසිය.
2023-2024 ශ්‍රි පාද වන්දනා වාරය ලබන මස (26) දිනට යෙදෙන උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කරන බවත්, ඒ අනුව පැල්මඩුල්ල ශ්‍රි පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබෙන සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව , දේව ආභරණ සහ පුජා භාණ්ඩ ලබන මස (25) දින ඉපැරණි චාරිත්‍ර අනුව මාර්ග හතරක් ඔස්සේ ශ්‍රි පාද මළුව දක්වා වැඩම කර ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කරන බවත්, ඒ අනුව ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට අවශ්‍ය පොදු පහසුකම් සලසන ලෙසයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේ.
මෙම සාකච්ඡාවට සහභාගි වු දුම්රිය දෙපාර්තුමේන්තුවේ නිලධාරින් කියා සිටියේ දුම්රියෙන් ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන සහ ආපසු ගමන් කරන වන්දනාකරුවන්ට දුම්රිය ස්ථානයෙන්ම නල්ලතන්නිය දක්වා ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත්, එම ප්‍රවේශපත්‍ර භාවිතා කරමින් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ලංගම බස් රථ වලින් වන්දනාකරුවන් ප්‍රවාහනය කරන බවයි.
තවද 2023-2024 ශ්‍රි පාද වන්දනා වාරයේදි වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සදහා විශේෂ ආරක්ෂිත වැඩපිලිවෙලක් දියත් කරන බව එම සාකච්ඡාවට සහභාගි වු හැටන් සහකාර පොලිස් අධිකාරි 01 එම්.ෆාරුක් මහතා පැවසිය.
මෙම සාකච්ඡාව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර , එම සාකච්ඡාවට ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් රුවිනි සිතාරා ගමගේ මහත්මිය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් රැසක් සහභාගි විය.
(හැටන් රංජිත් රාජපක්ෂ)
Hot News
Watch : සාක්ෂියක් ඉතිරි කර 24 හැවිරිදි තරුණියක් අතුරුදන්

අවුරුදු 24 ක් වයසැති තරුණ කාන්තාවක් අතුරුදන් බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කල බව වැලිපැන්න පොලිසිය පවසයි .
වැලිපැන්න හිජ්රා මාවතේ පදිංචි දැරියගේ පියා විසින් කල පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
හිජ්රා මාවතේ පදිංචිව සිටී මොහොමඩ් අමීන් ෆාතිමා අස්මියා නමැති තරුණියක මෙසේ අතුරුදන්ව ඇති බව පොලිසිය කීය.
තරුණිය ඊයේ රාත්‍රි සිට අතුරුදන් බවට පැමිණිල්ලේ සදහන්ව ඇති බවත් , ඇය නිවසේ පිටුපස දොරෙන් පිටව ගොස් ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇති බවත් පොලිසිය කීය.
අතුරුදන්ව තරුණියගේ බවට හදුනාගෙන බවට හදුනාගෙන සෙරෙප්පුවක් නිවස ආසන්නයේ පිහිටී වැලිපැන්න ඇල ඉවුරේ තිබී සොයාගත් බව පොලිසිය කීය.
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාම්න්ද මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිපැන්න පොලිසිය පරීක්ෂණ පවත්වති.
(සම්පත් කුලරත්න – කළුතර)
Hot News
දිවුලපිටිය නගරයේ දී නීතිවිරෝධී දුම්වැටි 600ක් අත්අඩංගුවට

දිවුලපිටිය පොලිස් ස්ථානය දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති නිහාල් මහතාට ලැබුණු තොරතුරක් මත නීතිවිරෝධී දුම්වැටි 600 ක් ප්‍රවාන කර පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම නීතිවිරෝධී දුම්වැටි අලෙවි කිරිම සඳහා රැගෙන ගිය බව පොලිසියට පවසා ඇත.
මෙම සැකකරු කාලයක් තිස්සේ මෙම ව්‍යාපාරය කර ඇති බවත් සහ මෙම සැකකරු දිවුලපිටිය බලගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය පවසයි.
මෙම සැකකරු සහ නීති විරෝධී දුම්වැටි 600 මිනුවන්ගොඩ අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිත බව දිවුලපිටිය පොලිසිය පවසයි.
(මිනුවන්ගොඩ දමිත් තිසර)
Hot News
රෝහල් 40 ක් වැහිලා. තවත් 100 වැසී යාමට ආසන්නයි

දිවයින පුරා රජයේ රෝහල් 40 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට වැසී ගොස් ඇති බවත්, තවත් රෝහල් 100 ක් පමණ වැසී යාමට ආසන්න තත්ත්වයේ පවතින බවත් සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.
අදාළ රෝහල් වලට කඩිනමින් වෛද්‍ය නිලධාරින් අනුයුක්ත කර රෝගී ප්‍රතිකාර සේවා යථා තත්ත්වයට පත් කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ උපදෙස් ලබා දී තිබෙන බවයි සඳහන් වන්නේ.
උතුරු පළාතේ දිස්ත්‍රික්ක රැසක, පුත්තලම හා නුවරඑළිය දිස්ත්‍රික්කවල රෝහල් මෙසේ වැසී යාමට ආසන්නව පවතින බවයි. වෛද්‍යවරුන් විදේශගත වීම, විශ්‍රාම යාම, ස්ථාන මාරුවීම් ලබා ගැනීම, සේවය අතහැරයාම වැනි කාරණා හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇතැයි ඔහු සඳහන් කර තිබෙනවා.
එමෙන්ම ගතවූ මාස 10 තුළ, විශේෂඥ වෛද්‍යවරුන් 300 ක් හා සාමාන්‍ය වෛද්‍යවරුන් 1000 ක් රට හැරගොස් ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාශය වැඩිදුරටත් පවසනවා.
-
World1 day ago
තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි
-
World2 days ago
ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්
-
Sports2 days ago
තීක්ෂණ සහ මතීෂ චෙන්නායි කණ්ඩායම රඳවා ගනී
-
Hot News1 day ago
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ඉඟියක්
-
Hot News3 days ago
නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්? පොලිස්පති කාර්යාලයෙන් ඉවත් වෙයි
-
Sports2 days ago
ගුජරාට් කණ්ඩායම දසුන් ශානකව ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි
-
Hot News1 day ago
දිවුලපිටියෙන් කොටුකරගත් ලක්ෂ 12ක මත්ද්‍රව්‍ය තොගය
-
Hot News3 days ago
Watch : පොලිස් නිළධාරීන් අත්අඩංගුවට ගත් ජීප් රථය කාගේද ?