අධ්‍යාපනය සහ සෞඛ්‍ය ඉහලටම ඔසවා තබන්න කටයුතු කරන බවත් ඊට අමතරව නිෂ්පාදනය කර්මාන්තය සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දියුණුවක් ඇති කර සංවර්ධනයේ පාරාදීසයක් බවට පත් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හොරණ ඉංගිරිය පෝරුවදණ්ඩ මාපු⁣ටුගල මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 385 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here