Politics
අමාත්‍ය ධූර ලබා දීමේදී කිසිදු අසාධාරණයක් සිදු වී නැහැ – දිළුම් අමුණුගම

හැකි තරම් ඇමැතිධූර ලබා දී සියලු දෙනා සතුටු කිරීමේ ක්‍රමවේදයට තිත තබමින් එකම කාර්ය සිදු කරන අමාත්‍යාංශ කිහිපයක් වෙනුවට ඒ සියල්ල ඒකාබද්ධ කර තනි අමාත්‍යාංශයක් ගොඩ නැගීමට ජනපති කටයුතු කරමින් සිටින බවත් රටේ අනාගතව ගැන සිතා හෝ ඒ සඳහා සියලු දෙනා ගේ සහය එතුමාට ලබදිය යුතුව තිබෙන බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දෙනා ඇමැතිවරු විය යුතු බව කියමින් එසේ නොවන්නේ නම් ජනපතිට අපගේ සහය නැතැයි පවසන්නට කවුරුන් හෝ උත්සහ කරන්නේ නම් එය අනුමත කළ නොහැකි බවත් පසුගිය කාලයේ ඒ ආකාරයෙන් සිතූ අය සතුටු කිරීම සඳහා ඇමැති ධූර ලබාදීමේ ප්‍රතිපලයක් ලෙස එකම කාර්ය කිරීමට ඇමැතිවරු දෙතුන් දෙනා පත්ව සිටි බවත් ඒ මහතා කීය.
මහනුවර දී (25) දා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමුණුගම මහතා මේ බව ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යාංශය සඳහා එක් ඇමැතිවරයෙකු සිටිය දී ආයෝජන ප්‍රවර්ධන ක්ෂේත්‍රය වෙනුවෙන් තවත් ඇමැතිවරයෙකු පත්කර තිබෙන බවත් මේවා සම්බන්ධව විශේෂ අවධානයක් යොමුකර එකම විෂය පථය ඇති අමාත්‍යාංශ එක්කර එක් ඇමැතිවරයෙකු යටතට පත් කිරීමට ජනපතිවරයා ගේ අවධානය යොමුව තිබෙන බවත් හෙතෙම අවධාරණය කළේය.
එහි එක් පියවරක් ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පත්කර තිබෙන බව ද ඒ මහතා කීය.
සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පසුගිය කාලයේ දී ඇති වූ ගැටලු හා අර්බුද හේතුවෙන් වෛද්‍යවරයෙකු අදාළ ඇමැති ධූරය දැරීම සුදුසු බවට ජනපතිවරයා තීරණය කර තිබෙන බවත් එම තීරණය හා තමන් ද එකඟ වන බවත් කී ඇමැතිවරයා මෙවර ඇමැති ධූර දරන ලද පුද්ගලයින් වෙනස් වුවත් ඇමැතිවරු සංඛ්‍යාව වැඩි වී නොමැති බව ද අවධාරණය කළේය.
කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය ඇමැති ධූරයෙන් ඉවත් කළේ එතුමාට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් දඬුවමක් ලෙස නොවන බවත් අදාළ ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් අවබෝධයක් තිබෙන වෛද්‍යවරයෙක් ඊට පත් කිරීම මගින් ඖෂධ හා සම්බන්ධ පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට වැඩි අවකාශයක් සැලසේ යැයි යන විශ්වාසය මත බවත් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
මෙතෙක් කල් ක්‍රියාත්මක වූ ඇමැති ධූර හැකි තරම් ලබා දී සියලු දෙනා සතුටු කිරීමේ ක්‍රමවේදයෙන් බැහැරව ජනපතිවරයා අවශ්‍යතාව අනුව සුදුසු අයට ඇමැති ධූර ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ඊට සියලු දෙනා ගේ සහය ලබාදිය යුතුව තිබෙන බවත් ඒ මහතා පැවසුවේය.
පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට අවස්ථාව නොදී ඇමැතිවරු සංඛ්‍යාව වැඩි කළේ නම් තමන් ද එහි දී ඊට එරෙහිව හඬ නගන බවත් මේ අවස්ථාවේ ඒ ආකාර ඇමැති ධූර වැඩිවීමක් සිදුව නොමැති බව අප තේරුම් ගැනීම වැදගත් බවත් ඒ මහතා කීය.
විදුලි බල මණ්ඩලයේ ආදායම් සහ වියදම් තුලනය කිරීම සඳහා විදුලි බිල වැඩි කරන ලෙස ජත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන පරිදි විදුලි බිල වැඩි කිරීමෙන් ඉදිරියේ දී රටේ විදුලි බල මණ්ඩලය හැර වෙනත් කිසිදු අමාත්‍යාංශයක් ඉතිරි නොවනු ඇතැයි ද පවතින තත්ත්වය තුළ නව ආයෝජකයින් ගෙන ඒම තබා පැමිණ සිටින ආයෝජකයින් රඳවා ගැනීමත් ගැටලුවක් යැයි ද ඇමැතිවරයා පැවසුවේය.
(කේ.එල්. සුරවීර මහනුවර)
Politics
දුරස්වූ පාර්ලිමේන්තුව දැන් ජනතාවට වඩාත් සමීප වෙමින් පවතිනවා

මහජනතාවගෙන් දුරස්වූ පාර්ලිමේන්තුව දැන් ජනතාවට වඩාත් සමීප වෙමින් පවතින බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය, කොලොන්නාව බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරය අමතමින් පවසයි
කොලොන්නාව බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් 2023.11.30 වැනිදා එම විද්‍යාලයේදී පැවැත්විණි.
එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය ප්‍රකාශ කළේ මහජනතාවගෙන් දුරස්වූ පාර්ලිමේන්තුව නැවතත් ජනතාවට සමීප වෙමින් පවතින බවයි. ඒ සඳහා දිවයින පුරා මෙයාකාරයෙන් ශිෂ්‍ය පාර්ලිමේන්තු පිහිටුවීම ප්‍රමුඛ හේතුවක් බවටද පත්වී ඇති බවද ඇය ප්‍රකාශ කළාය. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදි වටිනාකම් සහ එහි ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය දරුවන් වෙත සමීප කරවීමේ වටිනාකම පිළිබඳවද පාර්ලිමේන්තුවේ මහලේකම්තුමිය මෙහිදී සිහිපත් කළාය.
මෙම අවස්ථාවට සමගාවමීව පාසලේ ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයන් වෙත නිල ලාංඡන පැළඳවීමද පාර්ලිමේන්තුවේ මහලේකම්තුමියගේ ප්‍රධාත්වයෙන් සිදුවිය. ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කරමින් කථානායකවරිය තෝරාපත් කර දිවුරුම් දීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය, අමාත්‍යවරියන් හා අනෙකුත් මන්ත්‍රීවරියන් දිවුරුම් දෙන ලදී .
මෙහිදී ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව මඟින් කොලොන්නාව බාලිකා විද්‍යාලය වෙත ග්‍රන්ථ ප්‍රදානයක්ද සිදු කළ අතර එම විද්‍යාලය විසින්ද ශිෂ්‍ය පාර්ලිමේන්තුව ස්ථාපිත කිරීම වෙනුවෙන් දැක්වූ දායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමෙන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව වෙතද තිළිණ ප්‍රදානයක් සිදුකරන ලදී.
ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහන සඳහා විද්‍යාලයේ විදුහල්පති ජයන්තා බලගල්ල මහත්මිය, සමාජ විද්‍යා විෂය භාර අධ්‍යාපන අධ්‍යක්ෂ වාසනා හෙට්ටිආරච්චි මහත්මිය, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, කොලොන්නාව බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව භාර ආචාර්යතුමිය වන නිසංසලා ගල්මන්ගොඩ මහත්මිය ඇතුළු, ආචාර්ය මණ්ඩලයේ ගුරු භවතුන්, ශ්‍රී ලංකා පර්ලිමෙන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා හා මාධ්‍ය අංශවල මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
Politics
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනයට නව පනතක් ගෙන එනවා – අමාත්‍ය විජයදාස රාජපක්ෂ

මෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන රටට පිළිකාවක් බවට පත්ව ඇති බවත්, එම ආයතන මහ බැංකුව තුළින් නොවන වෙනම ආයතනයක් පිහිටුවීම තුළින් නියාමනය කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා
මෙසේද පැවසීය.
අධිකරණ අමාත්‍යාංශය යටතේ ආයතන 21ක වගකීම පැවරී තිබෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීම, නීති ප්‍රතිසංස්කරණ කටයුතු ඇතුළු විෂයන් ගණනාවක් ඊට ඇතුළත්ව තිබෙනවා. මෙරට අධිකරණ තුළ ලක්ෂ 11කට අධික ප්‍රමාණයක නඩු කටයුතු තිබෙනවා. අධිකරණවල පවතින මෙම නඩුවල ප්‍රමාදය වළක්වා ගැනීමට පසුගිය කාලසීමාව තුළ විශාල වැඩකොටසක් සිදු කරමින් තිබෙනවා. සමථ මණ්ඩලවලින් ද ඇතැම් නඩු විසඳීමට පියවර ගනිමින් තිබෙනවා.
අපරාධ නඩු කඩිනමින් විසඳීමට ලෝකයේ පිළිගත් ක්‍රමවේද තිබෙනවා. නමුත් අප රටේ පවතින්නේ ඉතාමත් යල්පැනගිය නීති රාමුවක්. එම නිසා අපරාධ නඩුවක් අවසන් කිරීමට විශාල කාලයක් ගත වෙනවා. අපරාධ නඩු ප්‍රමාද වීම බරපතල ප්‍රශ්නයක්. ඒ නඩු ප්‍රමාද වීම තුළින් කාටවත් යුක්තියක් ඉටු වෙන්නේ නැහැ. මේ නිසා දෙපාර්ශ්වයම එකඟතාවකට ඇවිත් අඩු දඬුවමකට යටත්ව හෝ නඩුව අවසන් කරන්න පුළුවන්කම තිබෙනවා. එමගින් සියලුම දෙනාටම යම් වාසියක් අත් වෙනවා.
අපරාධ නඩු කඩිනමින් විසඳීම සඳහා සකස් කළ නීති කෙටුම්පත එළැඹෙන ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. ඇතැම් දියුණු රටවල්වල සුළු වරද කරන පුද්ගලයන් සිරගත කරන්නේ නැහැ. බොහෝ අය සිරගත වෙන්නේ ඔවුන්ගේම වරදින් නෙමෙයි. සමාජයේ වැරදි නිසාත් ඇතැම් අය සිරගත වෙනවා. මේ නිසා ඇප කොන්දේසි සහිතව ඔවුන්ට නිදහස ලබාදීමට හැකියාව පවතිනවා.
අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ පැමිණිලි 14,000 ක් පමණ පවතිනවා. අප මේ අමාත්‍යාංශය භාර ගන්නා විට එම පැමිණිලිවලින් විමර්ශන කටයුතු අවසන් කර තිබුණේ 62ක් පමණයි. අද වන විට එම පැමිණිලි 4795ක විමර්ශන කටයුතු අවසන් කර තිබෙනවා. අතුරුදන්වූවන්ගේ කාර්යාලයට ලැබී තිබෙන සියලු පැමිණිලි ලබන වසර වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම අධිකරණ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමට සහ කාර්යක්ෂම කිරීමට නව පනත් අටක් පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් කිව යුතුයි.
‘සංහිඳියා’ සමාජයක් සෑම ගමකම නිර්මාණය කිරීමට පියවර ගන්නවා. එම ‘සංහිඳියා සමාජය’ට රාජ්‍ය නිලධාරීන්, දේශපාලනඥයන් සම්බන්ධ කර ගන්නේ නැහැ. ගමේ සිටින වැඩිහිටියන්, ප්‍රභූවරු, ආගමික නායකයන්ට අවශ්‍ය ආකාරයට තමයි එම සිංහිඳියා සමාජවල වැඩකටයුතු සිදුවන්නේ. ගමට පාරක් හදන්න, විදුලිය දෙන්න දේශපාලනඥයන් අවශ්‍ය නැහැ. ගමේ ආගමික උත්සව, ක්‍රීඩා උත්සව, සංස්කෘතික උත්සව සංවිධානය කරන්නෙත් ගමේ අයයි. අපේ බලාපොරොත්තුව සෑම ග්‍රාමසේවක කොට්ඨාසයක්ම එකම ජාලයක් බවට පත් කිරීමයි. සංහිඳියා සමාජයට කවුරුත් ඇඟිලි ගහන්න බැහැ. ගම ආරක්ෂා කර ගැනීමත් මේ සංහිඳියා සමාජයට පැවරෙනවා.
අද කවුරුත් රටේ ආර්ථිකය ගැන කතා කරනවා. රටේ ආර්ථිකය කඩාවැටීමට බලපෑ කරුණු කිහිපයක් තිබෙනවා. ප්‍රභාකරන්ගේ යුද්ධය නිසා රටට අහිමි වූ ජීවිත හා දේපළ අතිවිශාලයි. ඒ වගේම එදා ජවිපෙ විසින් බස්, ට්‍රාන්ස්පෝමර් ගිනි තිබ්බා. අධිකරණ 25කට වඩා ගිනිතබා විනාශ කළා. ඒවා ගිනිතබා විනාශ නොකළා නම් අද රටේ තිබෙන ආර්ථික තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණා.
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මේ රටට මහත් පිළිකාවක් බවට පත් වෙලා තිබෙනවා. කිසිම නීතියක්, නියාමනයක් නැහැ. මහ බැංකුවේ ලියාපදිංචි වෙලත් නැහැ. පිළිගත් මූල්‍ය ආයතනවලින් ජනතාවට ණයක් ගන්න අපහසුයි. ඒවායේ නීතිරීති වැඩියි. ජනතාව වැඩි වශයෙන් මෙම ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හරහා ණය ලබා ගන්නේ ඒ නිසයි. මහ බැංකුව වෙනුවට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය සඳහා වෙනම ආයතනයක් පිහිටුවිය යුතුයි. ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් සිදුකරන බරපතල තවදුරටත් සිදුකිරීමට ඉඩ දෙන්න බැහැ. ඒ නිසා මේවා පාලනය කිරීමට නව නීති පනත් ගෙන ඒමට ද කටයුතු කරනවා.
Politics
ලබන වසරේ සිසුන් ලක්ෂ 16කට දිවා ආහාරය

ලබන වසරේ සිට සිසුන් ලක්ෂ 16 ක් සඳහා දිවා ආහාරය ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
සියලු දරුවන්ට දිවා ආහාරය ලබාදිම ඉලක්කය වී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
-
Hot News4 days ago
මුළු කළුතරම පැයක් තුළ භීතියට පත්කල දොඩංගොඩ පූස්කොටා සහ ගෝලයා අත්අඩංගුවට
-
Sports4 days ago
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
-
Sports2 days ago
සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට IPL වෙන්දේසියේ ඉහළම ලංසුවක්
-
World2 days ago
සුනාමි අවදානම ගැන විශේෂ නිවේදනයක්
-
Hot News3 days ago
සුරාසැල් විවෘතව තබන වේලාව වෙනස් වෙයි ?
-
Hot News3 days ago
Watch : ඩ්‍රෝන් යොදාගෙන ගුවනින් වල්නාශක ඉසින කවුඩුලු ගොවියෝ
-
Hot News4 days ago
Watch : ආයුධත් අරගෙන තෙල් ගහන්න ආපු මැරයෝ දෙන්නා
-
World2 days ago
එක කාන්තාවකට අවම වශයෙන් දරුවන් 8ක් ඉන්න ඕන – මෙන්න විශේෂ තීරණයක්