බුද්ධ දේශනාවේ වදන් කිහිපයක් උපුටා දක්වමින් ඉදිරිපත් කළද මෙවර අයවැයෙන් බුදු දහමේ උන්නතිය උදෙසා කිසිදු ප්රතිපාදනයක් වෙන් නොකොට ඇති බව කදුරට සවිබල පදනමේ හා ජන පුබුදු මානව සංවර්ධන කේන්ද්රයේ නිර්මාතෘ පූජ්ය ගලහා සිරි ශාන්ත හිමියෝ පවසති.                                                                                                           

උඩුනුවර, කරමඩ, වේළුවනාරාම විහාරස්ථානයේ 15 දා පැවති මාධ්ය හමුවකදී උන්වහන්සේ ඉහත අදහස් පළ කළහ.                                         

“රාමඤ්ඤ මහ නිකායේ කාරක සංඝ සභික පූජ්ය ගලහ සිරි ශාන්ත හිමි මාධ්ය හමුව අමතමින් මෙසේද පැවසූහ. මෙවර අයවැය නිකම්ම නිකම් ඉලක්කම් සහිත ලියවිල්ලක් විතරයි. ජනපතිවරයා කියපු කිසිම දෙයක් ඉටුවෙයිද කියන ගැටලුව අපට තිබෙනවා. ඔහු මෙයට ප්රථමයෙන් ඉදිරිපත් කළ අයවැයත් නිකම්ම නිකම් පුස්සක් වුණා. මේ රටේ ව්යවස්ථාවෙන්ම දක්වලා තියෙනවා බුදු දහම ආරක්ෂා කළ යුතු බව. නමුත් මේ අය වැයෙන් බුදු දහමේ උන්නතියට, ආරක්ෂාවට සත පහක් වෙන් කරලා නෑ. ඔය බොදු පර්යේෂණ ආයතන ආරම්භ කරනවා කිව්වට ඒවා කවදාවත් වෙන දේවල් නෙමෙයි. බුදු දහමේ අභිවෘද්ධිය උදෙසා කිසිදු මුදලක් වෙන් නොකළ එකම අයවැය මෙය වශයෙන් මහා සංඝරත්නය දකිනවා. මේ රටේ බුදු දහම විනාශ කිරීමේ මහා කුමන්ත්රණයක් තියෙන බවත් අපි දන්නවා. මේ අයවැය ඒකෙම කොටසක් වෙන්න පුළුවන් කියන සැකය මහා සංඝරත්නය වශයෙන් අපිට තිබෙනවා.”                                                                                                        

මේ ජනාධිපතිවරයා පැමිණි දවසේ සිට කරන එකම දේ ජනතාවට බදු පිට බදු ගහලා එයාලගේ සුරක්ෂිත භාවය ආරක්ෂා කරගන්න එකයි. ඒ

ඇරෙන්න මහජනතාව වෙනුවෙන් කිසිම සුබසාධනයක් මේ අයවැයෙන් ලැබිලා නෑ. ජනවාරි මාසයේ සිට වැට් බද්ද තවත් වැඩි උනාම මේ රටේ ජනතාවට ආර්ථික පීඩනය උහුලගන්න බැරිව දිවි නසාගන්න තමයි වෙන්නේ.                                                                                                             

දැනටම මේ පවතින ආර්ථික පීඩනය වෙහෙර විහාරස්ථාන වලට දරාගන්න බෑ. ජල විදුලි ගාස්තු ඇතුළු අනිකුත් ආර්ථික ගැටලු හමුවේ පිරිවෙන් වැසි යනවා.මේ අභියෝගයට මූණ දෙන්න බැරුව  තරුණ භික්ෂූන් වහන්සේලා දහස් ගණන් සිවුරු හැරලා යනවා. කිසිදු පිළිවෙළක් හෝ සැලසුමක් නොමැති අස්වැසුම වැඩසටහනට අති විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. මේක නම් ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන කරපු දෙයක් කියලා අපට හිතෙනවා.                                                                 

නමුත් මේ ආකාරයෙන් කටයුතු කර වත්මන් ජනාධිපතිතුමාට නැවත කවදාවත් බලයට එන්න ලැබෙන්න නැති බවත් මතක් කරන්න කැමතියි යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

(කේ.එල්. සුරවීර මහනුවර )                           

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here