Connect with us

Politics

අර්බුදයේ සිට ප්‍රකෘතිය දක්වා දෙවන ඉහළ පෙළේ වටමේස සාකච්ඡාව කොළඹදී

ආර්ථික ප්‍රකෘතියේ සහ ස්ථාවරත්වයේ කැපී පෙනෙන ප්‍රවර්ධනයක් සනිටුහන් කරමින් අර්බුදයේ සිට ප්‍රකෘතිමත්වීම පිළිබඳ දෙවන ඉහළ පෙළේ වටමේස සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) කොළඹදී පැවැත්විණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ලෝක බැංකුව (WB), ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC), බහුපාර්ශ්වික ආයෝජන සහතික කිරීමේ නියෝජිතායතනය (MIGA), ආසියානු සංවර්ධන බැංකුව (ADB), ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIlB), ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JIСА), ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID), යුරෝපා සංගමය (EU) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) ඇතුළු ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් සහ පෞද්ගලික අංශයේ සංවර්ධන හවුල්කරුවන් මේ සඳහා එක්ව සිටියහ.

මෙම ඉහළ පෙළේ වටමේස සාකච්ඡාව 2022 දෙසැම්බර් මාසයේ පැවැත්වුණු සාකච්ඡාවට අනුව සිදු වූ අතර ප්‍රධාන ආර්ථික හා ව්‍යුහාත්මක ගැටළු පිළිබඳ අවධානය යොමු කරමින් රජය විසින් ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ වැඩසටහන්වල ප්‍රගතිය සාකච්ඡා කිරීමේ අරමුණින් කැඳවා තිබිණි.

අර්බුදයේ සිට තිරසාර වර්ධන මාවතකට ප්‍රවිශ්ට වීම, ආයෝජන ආකර්ෂණය කර ගැනීම, පෞද්ගලික ප්‍රාග්ධනය යෙදවීම, රැකියා උත්පාදනය කිරීම සහ රජය හා මීට සහභාගී වන හවුල්කරුවන් විසින් ශ්‍රී ලංකාවට ඔරොත්තු දිය හැකි මෙන්ම සියල්ල අන්තර්ගත වූ හරිත සංවර්ධනයක් සඳහා අවශ්‍ය කැපවීම පවත්වාගෙන යාම කෙරෙහි ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

2022 දෙසැම්බරයේ පැවති පෙර සැසිවාරයේදී ලෝක බැංකුව (WB), ආසියානු සංවර්ධන බැංකුව (ADB), ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) යන ආයතනවල නියෝජිතයින් තීරණය කළේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවල සහාය ඇතිව සම්බන්ධීකරණ ආධාර වැඩසටහනක් අවශ්‍ය බවයි.

මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වීමේ මූලික සලකුණු පෙන්නුම් කර ඇති අතර, උද්ධමනය අවම කිරීම, විදේශ විනිමය ද්‍රවශීලතා පීඩනය ලිහිල් කිරීම සහ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපාය මාර්ගික සැලැස්ම අනුමත කිරීම ඇතුළුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ යම් ප්‍රගතියක් ලබා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) මඟින් සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන්ගේ සහාය ඇතිව ශ්‍රී ලංකා රජයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ, මූලික නීති සම්පාදනය කෙරෙමින් පවතින අතර ස්ථාවරත්වය යථා තත්වයට පත් කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළට නැවත ප්‍රවේශය වීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වෙමින් පවතී.

කෙසේ වෙතත්, සීමිත මූල්‍ය සම්පත් හා බාහිර බාධකයන් හමුවේ මෙම ප්‍රතිසාධනය කරා යන මාර්ගය තවමත් පුළුල් වී නොමැත.ඉදිරියට යාමේදී, තිරසාර වර්ධන මාවතක් නැවත ලබා ගැනීම සඳහා වේගවත් හා ප්‍රමාණවත් තරම් ගැඹුරු විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් මෙන්ම ආර්ථික පාලනය වැඩිදියුණු කිරීම, තරගකාරිත්වය වැඩිදියුණු කිරීම සහ දුප්පතුන් සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා සාර්ව මූල්‍ය හා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ.

සංවර්ධන හවුල්කරුවන් ද ඇතුළුව මීට අදාළ පාර්ශවකරුවන් සම්බන්ධ කර ගනිමින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා පැහැදිලි හා සංක්ෂිප්ත ක්‍රියාකාරී සැලැස්මක් පැවතීම, රජය විසින් සිදු කරනු ලබන මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සැලකිය යුතු ලෙස දායක වේ.

රජයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ කාර්යක්ෂම කිරීම සහ ප්‍රධාන යාවත්කාලීන සහ නිර්දේශ බෙදා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය, ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් සහ පෞද්ගලික අංශය අතර විවෘත අවකාශයක් සැලසීම මෙම වටමේස සාකච්ඡාව මඟින් සිදු වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී නැවත යථා තත්ත්වයට පත්වීමේ සිට තිරසාර වර්ධන මාවතක් කරා ගමන් කරමින් සිටින ශ්‍රී ලංකාව සඳහා පවතින වර්ධනයේ උපායමාර්ගික දිශාවන් පිළිබඳව සිය අදහස ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකාව තුළ දැනට පවතින ආර්ථික අවස්ථාවන් ඉදිරියට ගෙන යාමට මෙන්ම නව ආයෝජන විවෘත කිරීමට රජය සහ පෞද්ගලික අංශය එක්ව කැපවී කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

රජයේ වර්තමාන ප්‍රතිසංස්කරණ සඳහා සංවර්ධන හවුල්කරුවන් සහ පෞද්ගලික අංශය යන දෙඅංශයේම කැපවීම සහ විශ්වාසය පළවීම ද මෙම වටමේස සාකච්ඡාවේ ප්‍රතිඵලයකි. මීට අදාළව එක් එක් අමාත්‍යාංශ වෙත පැවරී ඇති කාර්යභාරය නිවැරදි හා අදාළ කාලසීමාවට අනුව සිදුවනවාද යන්න සොයා බැලීමට ජනාධිපති ප්‍රගති සමාලෝචන ඒකකයක් පිහිටුවීමටත්, “ආර්ථික ලැබ්” සංකල්පය ඔස්සේ පෞද්ගලික අංශය ද ඒකාබද්ධ කර ගනිමින් විවෘත දින ප්‍රකාශයට පත් කර මහජනතාවට අදාළ කාර්යයන් ඉටුවී ඇත්ද, නැද්ද යන්න විවෘතව දැන ගැනීමට සැලැස්වීමටත් තීරණය කෙරිණි.

ප්‍රතිසංස්කරණ ප්‍රමුඛතා, ප්‍රගතිය, අභියෝග සහ අවස්ථාවන් සලකුණු කරමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා “2022 දෙසැම්බර් මාසයේ පැවති අවසන් වටමේස සාකච්ඡාවේ සිට ක්‍රියාත්මක කර ඇති සහ ස්ථාවරත්වය පවත්වාගෙන යාම, වර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ ණය ලබාගැනීමේ සුදුසුකම් නැවත ස්ථාපිත කිරීම සඳහා මධ්‍ය කාලීන වශයෙන් සැලසුම් කර ඇති ප්‍රධාන ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රගතිය” යන තේමාව යටතේ ඉදිරිපත් කිරීමක් සිදු කළ අතර බහුපාර්ශ්වික සංවර්ධන බැංකු සමඟ කටයුතු කළ හැකි රජයේ ප්‍රතිසංස්කරණ සම්බන්ධීකරණ වේදිකාව පිළිබඳව ද කරුණු දැක්වීය.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් මෙතෙක් සිදුකරන ලද ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය අත්කර ගෙන ඇති ප්‍රගතිය පැහැදිලි කරමින් විශේෂ ඉදිරිපත් කිරීමක් සිදු කළේය.

මෙම ඉදිරිපත් කිරීම් හා අදහස් දැක්වීම්වලින් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ලෝක බැංකුව (WB), ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC), බහුපාර්ශ්වික ආයෝජන සහතික කිරීමේ නියෝජිතායතනය (MIGA), ආසියානු සංවර්ධන බැංකුව (ADB), ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIlB), ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (ЛСА), ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID), යුරෝපා සංගමය (EU) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) වැනි ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් සහ පෞද්ගලික අංශයේ සංවර්ධන හවුල්කරුවන් විසින් මෙහිදී මතුවූ කරුණු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගත්හ.

මෙම සැසිවාරයට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, මුදල් රාජ්‍ය අමාත්‍ය, රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

එමෙන්ම මෙම වටමේස සාකච්ඡාව සඳහා ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් ලෙස ලෝක බැංකුවේ (WB) මෙහෙයුම් කළමනාකරණ අධ්‍යක්ෂිකා ඇනා බ්යාර්ඩේ (Ms. Anna Bjerde, Managing Director of Operation), ලෝක බැංකුවේ දකුණු ආසියානු කළාපයේ උප සභාපති මාර්ටින් රයිසර් (Martin Raiser, World Bank Vice President for South Asia Region), බහුපාර්ශ්වික ආයෝජන සහතික කිරීමේ නියෝජිතායතනයෙහි (MIGA) මෙහෙයුම් පිළිබඳ උප සභාපති ජුනයිඩ් කමල් අහ්මෙද් (Mr. Junaid Kamal Ahmed, Vice President for Operations), ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නේවාසික නියෝජිත සර්වත් ජහන් (Ms. Sarwat Jahan, Resident Representative), ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) දකුණු, මධ්‍යම හා බටහිර කලාපීය උප සභාපති ෂික්සින් චෙන් (Mr. Shixin Chen, Vice President (South, Central, and West Asia), ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) ආයෝජන මෙහෙයුම්-කළාප අංක 01හි උප සභාපති ආචාර්ය උර්ජිත් පටෙල් (Dr. Urjit Patel, Vice President, Investment Operations-Region 01), ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති අතිගරු කාර්මෙන් මොරේනෝ (H.E. Carmen Moreno, Ambassador of the European Union to Sri Lanka) ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ (EU) නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී ලාර්ස් බ්‍රෙඩල් (Mr. Lars Bredal, Deputy Head of Delegation), ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති සචිරෝ ඉමෝටෝ (Ms. Sachiko Imoto, Senior Vice President), ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) නියෝජ්‍ය සහකාර පාලක අංජලී කෞර් (Ms. Anjali Kaur, Deputy Assistant Administrator) සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-අන්ද්‍රේ ෆ්‍රාන්චි (Mr. Marc-André Franche, Resident Coordinator, UN) යන මහත්ම මහත්මීහු එක් වූහ.

මීට අමතරව, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් බාලේන්ද්‍ර, මාස් හෝල්ඩිංග්ස් හි සභාපති මහේෂ් අමලීන්, වෙළෙඳ හා ආයෝජන අධීක්ෂණ කමිටුවේ සභාපති අජිත් ගුණවර්ධන, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ සභාපතිනි ෂෙරින් කාදර් යන මහත්ම මහත්මීහූ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සංවර්ධන හවුල්කරුවන් ලෙස මෙම අවස්ථාවට එක්විය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Politics

Watch : මාව සෞඛ්‍ය ඇමැති කළේ නැත්තටම නැති කරන්න

තමා 2010 වසරේ දී සෞඛ්‍ය ඇමති ලෙස පත් කළේ නැත්තටම නැති කරන්නට යැයි හිටපු ජනාධිපති පොළොන්නරුව  දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

Continue Reading

Politics

2027 වනවිට සියලු ගුරුවරුන් පුහුණුවක් සහිත උපාධිධාරී ගුරුවරුන් පන්තියට යවනවා – සුසිල්

2027 වර්ෂය වන විට සියලු ගුරුවරුන් පුහුණුවක් සහිත උපාධිධාරී ගුරුවරුන් වශයෙන් පාසල් පන්ති කාමරවලට යැවීම සිය අපේක්ෂාව බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.

මෙරට පෙරපාසල් අධ්‍යාපනය, සාමාන්‍ය පාසල් අධ්‍යාපනය, වෘත්තීය පුහුණු අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය යන ක්ෂේත්‍ර හතර ම ලොව වෙනත් දියුණු රටවල පවතින අධ්‍යාපන ක්‍රමවේද අනුව එම පාඨමාලා හා සම්පත්වලට සමගාමී ව සංවර්ධනය කර ඉදිරියේ දී මෙරට අධ්‍යාපන පද්ධතිය ජාත්‍යන්තර තලයට රැගෙන යන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

මෙරට විද්‍යාපීඨ 19ත් ගුරු විද්‍යාල 8ත් ඒකාබද්ධ කර ගුරු අධ්‍යාපනය සඳහා ම වෙන් වුණු අධ්‍යාපන විශ්වවිද්‍යාලය ස්ථාපිත කරන බවත් එමගින් 2027 වර්ෂය වන විට සියලු ගුරුවරුන් පුහුණුවක් සහිත උපාධිධාරී ගුරුවරුන් වශයෙන් පාසල් පන්ති කාමරවලට යැවීම සිය අපේක්ෂාව බවත් අවධාරණය කළේය.විධිමත් වෘත්තීය පුහුණු අවස්ථා ලබාගැනීම මගින් මෙරට හෝ විදෙස් රැකියා ලබාගැනීමට මෙන් ම ස්වයං රැකියාවක නිරත වීමේ පුළුල් ඉඩ ප්‍රස්ථා තවදුරටත් දරුවන්ට විවර කර දීමට සැලසුම් කරඇත.

Continue Reading

Politics

ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරනවා – බන්දුල

දිවයිනේ විවිධ ප්‍රදේශවල අබලන් වී පවතින ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් බිලියන 20කට ආසන්න ණය මුදලක් ලබාදීමට එකඟත්වය පළ කර තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

Continue Reading
Advertisement
Hot News11 mins ago

Watch : අදත් පැය ගානක් ප්‍රශ්න කරපු දේවගැති ජෙරම්ට හෙටත් CID එකට එන්න කියයි

Politics1 hour ago

Watch : මාව සෞඛ්‍ය ඇමැති කළේ නැත්තටම නැති කරන්න

Hot News1 hour ago

Watch : දින 3ක් අතුරුදන්ව සිටි වැලිපැන්නේ තරුණියගේ දේහය ඇල ඉවුරකින් හමුවෙයිWatch :

Hot News2 hours ago

Watch : ආයුධත් අරගෙන තෙල් ගහන්න ආපු මැරයෝ දෙන්නා

Hot News2 hours ago

වැල්ලවායේ අනතුරකින් පුද්ගලයකුට බරපතළ තුවාල

Politics2 hours ago

2027 වනවිට සියලු ගුරුවරුන් පුහුණුවක් සහිත උපාධිධාරී ගුරුවරුන් පන්තියට යවනවා – සුසිල්

Hot News2 hours ago

නව කැලණි පාලම තාවකාලිකව වැසේ

Weather3 hours ago

ධීවරයින්ට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

Hot News3 hours ago

අක්‍රීයව පවතින Gmail ගිණුම් ඉවත් කිරීම හෙට සිට ඇරඹෙයි

Politics3 hours ago

ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරනවා – බන්දුල

Hot News4 hours ago

නොවැම්බර් මාසයේ උද්ධමනය ඉහළට

Sports4 hours ago

උගන්ඩාව T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

Hot News5 hours ago

Watch : සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් CIDයට එයි

Hot News5 hours ago

Watch : මස් පිණිස උඩවලවේ නිදහසේ සිටි හරක් රැගෙන ගිය ජාවාරම්කරුවන් පිරිසක් අල්ලයි 

Hot News5 hours ago

උපත් පාලන කොපු ලබා ගන්න යන්ත්‍ර සවිකිරීමට පියවර

Hot News7 hours ago

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

Business7 hours ago

රත්තරන් මිල වාර්තාගත ලෙස ඉහළ යයි

Hot News8 hours ago

වික්ටෝරියා පාලමෙන් කැලණි ගඟට වැටුණු පොලිස් සැරයන් අතුරුදන්

Politics8 hours ago

ජනපති රනිල් ඩුබායි යයි

Hot News10 hours ago

අනවසර විදුලි රැහැනක පැටලී පියා සහ කුඩා දියණිය අවසන් ගමන් යයි

Hot News10 hours ago

විශාල පස් කන්දක් කඩා වැටීමෙන් ඇල්ල වැල්ලවාය මාර්ගය වැසේ

Hot News10 hours ago

වැලිකන්දේ බස් රථ අනතුරක් – 30 දෙනෙක් රෝහලේ

Hot News11 hours ago

දේවගැති ජෙරම් ප්‍රනාන්දු CIDයට

Politics11 hours ago

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ අටවන දිනය අද

Hot News11 hours ago

පානය කිරීමට ජලය ගන්නා ළිඳ අපිරිසිදු කලායැයි පුද්ගලයෙකු තවත් අයෙකුට බෝතලයකින් ඇනලා

Hot News12 hours ago

උත්සව සමයේ කූඨ වෙළෙඳුන් සොයා පාරිභෝගික අධිකාරිය අද සිට වැඩ අරඹයි

Hot News12 hours ago

“විසල් මහනුවර පුරවර සංවර්ධන වැඩසටහන”සඳහා රුපියල් මිලියන1,500ක් වෙන් කෙරේ

Weather12 hours ago

බෙංගාල බොක්ක කැළඹෙයි – වැස්ස තවත් සැරවෙයි

World23 hours ago

ප්‍රංශයේ පොදු ස්ථානවල දුම්පානය තහනම් කරයි

Hot News23 hours ago

සේනා දළඹුවා යළිත් බඩඉරිඟු වගාව ආක්‍රමණය කරයි

Sports1 month ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News2 weeks ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports2 weeks ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Local1 month ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local1 month ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

World3 weeks ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News1 week ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

Sports1 month ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

World1 month ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

World3 days ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Sports3 weeks ago

ආබාධයක් හේතුවෙන් ශකිබ් අල් හසන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

Hot News3 weeks ago

නුවරඑලිය පොලිස් නිලධාරීන් අධිකරණය කටයුතුවලින් ඉවත් වෙයි

Weather1 month ago

සුළි කුණාටුවක් ගැන අනතුරු ඇඟවීමක්

Hot News1 month ago

ලක්ෂ 51ක මුදලක් සභා ගිණුමට බැර නොකර ඒ මුදල් දියණියගේ වෙඩිමට වියදම් කරන්න අරන් ගිය නිලධාරිනියගේ වැඩ තහනම්

World2 weeks ago

ඇමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටී 5 දෙනෙක් ජීවිතක්ෂයට

World4 days ago

ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්

Hot News1 week ago

Watch : බටගොඩ කම්පා කරමින් නිවසේ සිටි 15 හැවිරිදි සිසුවා අකුණු සැර වැදී අවසන් ගමන් යයි

Hot News4 weeks ago

සතොස කිරිපිටි මිල පහළට

World1 week ago

Binance ලොක්කා වරද පිළිගෙන ඉල්ලා අස්වෙයි

Hot News1 week ago

පාසල් සිසුවෙක් වස පානය කර පාසලට පැමිණෙයි

Hot News1 month ago

Watch : ලක්මව රනින් සැරසූ තරුෂිව රාජා ජුවලර්ස් රනින් සරසවයි

Hot News1 week ago

Watch : මින්නේරිය වැවේ දිය නෑමට ගිය දියණියන් දෙදෙනා සහ මව දියේ ගිලෙයි

Hot News1 month ago

වලල්ලාවිට ප්‍රාදේශීය සභා හිටපු ජ.වි.පෙ. මන්ත්‍රිවරයකු දියේ ගිලි මියයයි

Hot News3 weeks ago

Watch : අතුරු තහනම් නියෝගයත් එක්ක අර්ජුන ක්‍රිකට් ආයතනයෙන් පිටත්ව යයි

Hot News3 weeks ago

Watch : අර්ජුනගේ කමිටුවට ඇයි විජේදාසගේ පුතාව දැම්මේ ?

Hot News4 weeks ago

දිනේශ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් බවට හෙළි වෙයි

Hot News4 weeks ago

Watch : ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජීවිත අනතුරේ , මිහින්තලේ හිමිට ආපු ආරංචිය මෙන්න

Hot News1 month ago

මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

Hot News4 weeks ago

මේ දෙදෙනා දන්නවා නම් ඉක්මනින්ම පොලිසියට කියන්න

Hot News4 weeks ago

Watch : ඇල්ලේ නමගිය සුපිරි පන්නයේ හෝටලයකට වෙඩි

Hot News11 mins ago

Watch : අදත් පැය ගානක් ප්‍රශ්න කරපු දේවගැති ජෙරම්ට හෙටත් CID එකට එන්න කියයි

Politics1 hour ago

Watch : මාව සෞඛ්‍ය ඇමැති කළේ නැත්තටම නැති කරන්න

Hot News1 hour ago

Watch : දින 3ක් අතුරුදන්ව සිටි වැලිපැන්නේ තරුණියගේ දේහය ඇල ඉවුරකින් හමුවෙයිWatch :

Hot News2 hours ago

Watch : ආයුධත් අරගෙන තෙල් ගහන්න ආපු මැරයෝ දෙන්නා

Hot News5 hours ago

Watch : මස් පිණිස උඩවලවේ නිදහසේ සිටි හරක් රැගෙන ගිය ජාවාරම්කරුවන් පිරිසක් අල්ලයි 

Hot News1 day ago

Watch : දේශබන්දුගේ පත් කිරීමට පළමු විරෝධය කතෝලික සභාවෙන්

Hot News1 day ago

Watch : ලොවක් ඉදිරියේ ලක්මව රනින් සැරසූ පුංචි දියණිය

Hot News1 day ago

Watch : මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මර්දනය කරමින් ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාව දෙනවා

Hot News1 day ago

Watch : තරුණයෙක් කොටුව දුම්රියපොල ඉදිරිපිට වහලය උඩට නැග විරෝධතාවයක

Hot News1 day ago

Watch : විශ්ව රූ රුජිනක්ව සිට පැවිදි දිවියට පත් වියට්නාම භික්ෂූනිය ඓතිහාසික මිහින්තලා රජ මහ විහාරය වැඳපුදා ගනියි

World1 day ago

Watch : සටන් විරාමය දින 2ක් දික් කරද්දී ළඟ එන දරුණු යුද්ධය ගැන ඊශ්‍රායලය අනතුරු අඟවයි

Hot News2 days ago

Watch : සාක්ෂියක් ඉතිරි කර 24 හැවිරිදි තරුණියක් අතුරුදන්

Politics2 days ago

Watch : රොෂාන්ගෙන් ක්‍රීඩා ඇමතිකම ගන්න පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෝ බලන් ඉඳලා

Hot News2 days ago

අධිවේගී මාර්ගයේ ලොරි දෙකක් ගැටෙයි – කාන්තාවක් ජීවිතක්ෂයට

Hot News2 days ago

Watch : මීරිගම මහා පරිමාණ රබර් ග්ලව්ස් නිෂ්පාදනාගාරයක් ඇවිලෙයි

Sports2 days ago

Watch : ක්‍රිකට් ආයතනය සුද්ද කරලා ක්‍රිකට් ගොඩගන්න හැටි හරීන් කියයි

Politics3 days ago

Watch : තමන්ට ඇමතිකමක් දුන්න නම් කරගෙන යන්න කොන්ද පණ තියෙන්න ඕන

Politics3 days ago

Watch : හොරකමට දූෂණයට එරෙහිව වැඩ කළාම මෙන්න ඉරණම

Hot News3 days ago

Watch : ලබන අවුරුද්දේ පාසල් සිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දෙනවා

Politics3 days ago

Watch : උදේ කරපු කතාවේ ප්‍රතිපල හවස ලැබෙයි – රොෂාන්ට අමාත්‍යධූරය අහිමි වෙයි

Hot News3 days ago

Watch : ප්‍රමෝද්‍ය අදත් ක්‍රීඩා වැරදි වැළක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට එයි

Politics3 days ago

Watch : රොෂාන්ගෙන් කතාවෙන් පස්සේ මැතිසබය උණුසුම් වෙයි

Politics3 days ago

Watch : ක්‍රීඩා ඇමති රොෂාන්ගේ විශේෂ ප්‍රකාශයට කලින් සජිත්ගෙන් ප්‍රශ්නයක්

Hot News4 days ago

Watch : ගමම ගඳ ගස්සන ඌරු කොටුව පරීක්ෂා කරන්න ගිය PHIලට අයිතිකරුගෙන් විරෝධයක්

Hot News4 days ago

Watch : සීදුව හොල්ලපු වෙඩි තැබීමේ සුලමුල හෙළිවෙයි

Hot News4 days ago

Watch : බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බසී

Hot News4 days ago

Watch : කාන්තාවන්ගේ රන් මාල කැඩු පස්දෙනෙක් මාලත් එක්කම පොලිසියට මාට්ටු

Hot News4 days ago

Watch : ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා අස්වූ මොහාන්ගෙන් පිටරට සිට ක්‍රීඩා ඇමතිට කෝල් එකක්

Hot News4 days ago

Watch : දැරියකට අමුතු පාඩමක් ඉගැන් වූ ඉංග්‍රීසි ගුරුවරයා අත්අඩංගුවට

Hot News5 days ago

Watch : ඇමති රොෂාන්ගේ බව කියන වාහනය ගැන පොලිසිය කරුණු හෙළිකරයි

Categories

Trending