නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගෙන් රුපියල් 10,000 අල්ලසක් ලබා ගත්තේ යැයි අත්අඩංගුවට පත් නාරම්මල පොලිසියේ උප පොලිස් පරීක්ෂක හා කොස්තාපල් ලබන 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (22) නියෝග කළා.

නාරම්මල පොලිසියේ උප පොලිස් පරීක්ෂක උදය සරච්චන්ද්‍ර සහ පොලිස් කොස්තාපල් සාලින්ද රාජගුරු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

නරම්මල ප්‍රදේශයේ නීති විරෝධී කසිප්පු ජාවාරමේ නිරතවන අයෙකුගෙන් රුපියල් 10,000 අල්ලසක් ලබා ගැනීමේදී සැකකරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඔහුගේ නිවස තුළදීම අත්අඩංගුවට ගත් බව කොමිසමේ නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here