අල්ලස් ලබා ගැනීමේ චෝදනාව යටතේ ඊයේ (10) අත්අඩංගුවට ගත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස් පතිරගේ ඇතුළු දෙදෙනා කොළඹ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ අනුව අධිකරණය නියෝග කර ඇත්තේ ඔවුන් නොවැම්බර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සබරගමුව හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක්ද වනවා.
අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් මෙහි විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.
සභාපතිවරයා ඇතුළු දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටියක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.