ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ජූලි 01 වැනිදා සිට ජපානයේ නිල චාරිකාවක නිරත වීමට නියමිතය.

ජපන් විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මියගේ ආරාධනයකට අනුව විදේශ අමාත්‍යවරයා මෙම චාරිකාවේ නිරතවන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා, ජපාන නියෝජිතයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වීමට නියමිතය.

විදේශ අමාත්‍යවරයා සමඟ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම සංචාරයට එක්වේ.

ff

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here