අනුරාධපුර ඓතිහාසික අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට සිවුරක් පැළැඳවීමේ සිදුවීම හේතුවෙන් අවුකන බුද්ධ ප්‍රතිමාවට හෝ ඒ අවට පුරාවිද්‍යා සාධකවලට කිසිඳු භෞතික හානියක් සිදු වී නොමැති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කලාප භාර පුරාවිද්‍යා නිළධාරීන් විසින් ස්ථානීය පරීක්ෂාව සිදුකළ අතර එම වාර්තාවට අනුව මේ බව සනාථ වී ඇති බවයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් (වැඩබලන) K.A.D.R නිශාන්ති ජයසිංහ සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් අවුකන රාජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගෙන් ලබාගත් ප්‍රකාශ අනුව උන්වහන්සේ පවසා ඇත්තේ විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන කඨින පූජෝත්සවය වෙනුවෙන් පිළිම වහන්සේට පැය කිහිපයකට සිවුරක් අන්දවා පූජා පැවැත්වීමට තමන් වහන්සේ කටයුතු කළ බවයි.

තමන් වහස්සේගේ අනුදැනුම මත සිදු වූ මෙම පූජාව කිසිදු ආකාරයකින් බුදු පිළිමයට හෝ අනෙක් පුරාවිද්‍යා ස්මාරකවලට හානියක් කිරීමේ අරමුණකින් සිදු නොකළ බවයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here