අවුරුදු ගීතයක් විකෘති කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරු එළැඹෙන 22 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබෙනවා.
රන්වල බළකාය සමග ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතා විසින් ගයනු ලබන අවුරුදු ගීතයක් විකෘති කිරීම සම්බන්ධයෙනුයි එම සැකකරුට චෝදනා එල්ල වී තිබෙන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ, 31 හැවිරිදි වියේ පසුවන තලාතුඔය ප්‍රදේශයේ පදිංචි සුරාබදු නිලධාරියෙක්.