Hot News

අවුරුදු ගීතය විකෘති කළ සුරාබදු නිලධාරියාගේ වැඩ තහනම්

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කරනු ලබන ‘සූරිය මංගල්ලේ’ ගීතය විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරියාගේ රාජකාරි තාවකාලිකව අත්හිටුවා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් නීතිඥ චන්න වීරක්කොඩි මහතා පැවසීය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් සහකාර සුරාබදු කොමසරිස්වාරයෙකුගේ ප්‍රධානත්වයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බවත් යම් හෙයකින් ඔහු වරදක් සිදු කර ඇති බවට අධිකරණය මගින් තහවුරු වුවොත් ඊට අදාළ පියවර ගන්නා බවයි ඔහු සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් 31 හැවිරිදි සුරාබදු නිලධාරියා අප්‍රේල් 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ (17) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version