වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු දොළහක තම දියණිය සහ දියණියගේ වයස අවුරුදු එකොලහක මිතුරිය දූෂණය කල පියෙකු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්වාසීන් සිදු කල දැනුම් දීමක් මත පොලිසිය විසින් මෙම සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු පනහක පුද්ගලයකු වන අතර සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.
(ජයන්ත වීරසේකර – වැල්ලවාය)