මිනුවන්ගොඩ වෑගවූව ප්‍රදේශයේ කාලයක් තිස්සේ අවුරුදු 13 යි මාස 08 ක දැරියක් අපයෝජනයට ලක් කර පියා, ආච්චි, පෙම්වතා සහ මිනුවන්ගොඩ නගර සභාවේ සේවකයෙක් මිනුවන්ගොඩ ‍පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් මෙම සැකකරුවන් හතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දැරිය අපයෝජනයට ලක්කර මල්වාන ප්‍රදේශයේ කපුවෙක් සිටින බවට මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

මෙම කපුවා තව අත්අඩංගුවට ගෙන නොමැත. එහෙත් ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (01) නාලක සිල්වා මහතාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායමක් යොදා මෙම දැරිය අපයෝජනයට ලක් කර කපුවා අත්අඩංගුවට ගැනීම සඳහා සූදානම් බව මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති සම්පත් පෙරේරා මහතා පවසයි.

අපයෝජනයට ලක්වූ දැරියගේ මව කුඩා කාලයේ සිට දැරියගෙන් වෙන් වී වෙන විවාහයක් කර ඇති බව වාර්තාවේ.

මෙම දැරියගේ ආච්චි දරුවව අපයෝජනයට ලක් කරද්දි අත් දෙක ගැට ගසා පියාට සහ අනිත් පුද්ගලයින්ට අපයෝජනය ලක් කරන්න දී ඇති බව දැරිය පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කරයි.

කාලයක් තිස්සේ මෙම අපයෝජනයට ලක් කර දැරියගේ පියා, පෙම්වතා, මිනුමන්ගොඩ නගර සභාවේ පුද්ගලයෙකු, සහ අනුබල දුන් ආච්චි අද දින මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අපරාධ අංශය ස්ථානාධිපති සම්පත් පෙරේරා මහතා පවසයි.

අපයෝජය ලක් කළ එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නොහැකි බව මිනුවන්ගොඩ පොලිසිය පැවසූ අතර (කපුවෙක්) එම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් යොදා ඇති බව වාර්තාවේ.

(මිනුවන්ගොඩ දමිත් තිසර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here