Hot News

අවුරුදු 25ක තරුණයෙක් වායු රයිෆල් එකෙන් වෙඩි තබා ගනී

මිනුවන්ගොඩ කටුවැල්ලකම ප්‍රදේශයේ 2024-04-20 දින අවුරුදු විසිපහක පිරිමි පුද්ගලයකු නිවසේ තිබෙන වායු රයිෆල් ගිනි අවියකින් වෙඩි තබා ගෙන ඇති බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

වෙඩි තබාගත් පුද්ගලයාව මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

ඉන්පසු අද උදෑසන වෙඩි තබා ගත් පුද්ගලයා කොළඹ ජාතික රෝහලේදී මියගොස් ඇති බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

වෙඩි තබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් ගම්පහ ජේෂ්ඨ පොලිස් අධිකාරි (1) නාලක සේනානායක මහතාගේ උපදෙස් මත මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති සම්පත් පෙරේරා මහතා සහ නිලධාරීන් මෙම වෙඩි තැබීම පිළිබඳව පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව අප කළ විමසීමකදී මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

මිනුවන්ගොඩ දමිත් තිසර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version