අසත්‍ය චෝදනා බොහෝ විට කුමන්ත්‍රණකාරී හේතු මත නිර්මාණය කෙරෙන අතර මේ නිසා පුද්ගලයාගේ වෘත්තිය ජීවිතය දියුණු වෙමින් පවතින අවස්ථාවක මෙවැනි චෝදනාවක් එල්ල වීම,  ඔහුගේ වෘත්තීය ප්‍රගතිය අඩාල කිරීමට පමණක් නොව රැකියා අවස්ථා සහ අනුග්‍රහකත්ව ගිවිසුම් පවා අහිමි වී ආදායම් අහිමි වීමට ද හේතුවේ.

මෙම මූල්‍යමය පීඩනය ඉතා විශාල වන අතර, නීතිමය කටයුතු සඳහා වන වැය බර ද සැලකිය යුතු අයුරින් වැඩි විය හැකිය. නිර්දෝශී බව සනාථ කිරීමට ඇති අවස්ථා ද ඉතා සීමිත හා අපහසු කටයුත්තක් වනු ඇත.

අසත්‍ය චෝදනා නිසා ඇති වන සමාජ බලපෑම් ද සුළුවෙන් තැකිය නොහැක. මෙවැනි චෝදනාවන්ට ලක්වන පුද්ගලයා තදින්ම ජනමාධ්‍යවල අවධානයට ලක් වන අතර, ජනමාධ්‍ය හරහා ඔහුට එල්ල වී ඇති චෝදනා අනාවරණ කරමින් ඔවුන්ගේ චරිතයට ද දැඩි ලෙස හානි පමුණුවයි.

පුද්ගල ජීවිතය මෙලෙස අනාවරණ වීම පුද්ගලික සම්බන්ධතාවලට ද ඉතා අහිතකර ලෙස බලපෑ හැකි අතර, චෝදනාවලට ලක් වූ තැනැත්තා මිතුරන් සහ පවුලේ අයගෙන් දුරස් වීමෙ වැඩි ඉඩක් ඇත.

මෙවැනි අර්බුදයකින් පසු තම ප්‍රතිරූපය නැවත නිවැරදි කිරීම දිගු සහ අභියෝගාත්මක කාර්යයක් බව පැහැදිලි කරුණකි.

නිදහස් වීමෙන් පසු පවා, චෝදනාවල අඳුරු සෙවණැලි දිගු කාලයක් ඔහු වටා පැවතිය හැකි අතර, අනාගත අවස්ථා සහ අන්තර් සබඳතාවලට තදින් බලපෑම් ඇති කළ හැකිය.

මෙවැනි අසත්‍ය චෝදනාවන්ට මුහුණ දුන් පසු ඔහු පිළිබඳ  විශ්වසනීයතාවය නැවත ඇති කිරීම ඉතා අපහසු බව මේ අනුව පෙනී යයි. සමාජ ප්‍රතිරූපයට හානි වූ පසු එය  නැවත ඇති කිරීම පහසු නැත. මේ තත්ත්වයන් වෘත්තීය ජීවිතය කෙරෙහිද දිගු කාලීනව බලපෑම් ඇති කරයි.

මෙම ගැටලුවට පිළියමක් සෙවීම සඳහා සමබර ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීම අවශ්‍ය වේ. අසත්‍ය  චෝදනා ලැබූ අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මෙන්ම සැබෑ වැරදිකරුවන් නීතිය හමුවට පැමිණවීම ද අවශ්‍ය වේ. මෙම විනාශකාරී අසත්‍ය චෝදනා එල්ල කරන පිරිස් හඳුනා ගැනීම කෙරෙහි ද ජනතාවගේ අවධානය ලැබිය යුතුය.

එමෙන්ම අසත්‍ය චෝදනා ලැබූවන්ට නීතිමය ආරක්ෂණයන් හිමි වීමත් අසත්‍ය චෝදනාකරුවන්ට දැඩි දඩුවම් ලැබීමත් සිදු විය යුතු අතර අසත්‍ය චෝදනා ලැබූ අයගේ කීර්ති නාමය ඉක්මනින්ම ප්‍රතිනිර්මාණය කරගැනීමට ඉක්මන් නීතිමය ක්‍රියාමාර්ග ද අවශ්‍ය වේ.

අසත්‍ය චෝදනාවලට ලක් වූ අය සඳහා සාමූහිකව සහය වීමෙන් මෙම විනාශකාරී අත්දැකීමේ පසුබෑම යම් දුරකට අවම කරගත හැකි වනු අතර ඒ සඳහා අවශ්‍ය මානුෂීය සහයෝගය ද ඒ තුළින් ලැබෙනු ඇත

7 COMMENTS

  1. කලහැකි බොරු චෝදනා 2කි
    01 හොරෙකු ලෙස
    02 කාමාතුරයකු ලෙස
    මෙහි වැදගත් ම දෙය චෝදනා ව සමාජ ගත වූ සැණින් ඔහු වරද කරුවෙකු ලෙස පිලිගැනීමයි

  2. මේ වගේ කුමන්ත්‍රණ හින්දා අවුරුදු ගානක් මේ මිනිස්සු දුක් විදිනවා.
    නීතිය ඉදිරියේ යුක්තිය ඉෂ්ට වුනත්, ඇත්ත එළියට එන කොට පෙරහැර ගිහිල්ල ඉවරයි.

  3. මේ බොරු චෝදනා හින්දා සිදුවෙන අපරාදේ කියලා වැඩක් නෑ.
    මේ වගේ ජරා වැඩ කරන මිනිස්සු ගැන අපේ රටේ නීතිය තව දරුණු කරන්න ඕනේ.
    නැත්තං මේ වගේ කූට වැඩ දිනෙන් දින වැඩි වෙනවා.

  4. දැන් ලස්සනට නිලියෝ වගේ ඉන්න සමහර ගෑණු පොත්ත පාට කරන ඉන්නේ මේ මෙහෙම තමයි. පියුමි කුඩු සල්ලි සුදු කරනවා. මුන් කුඩු ගහන්න මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරනවා.

  5. අපේ මිනිස්සු සල්ලි වෙනුවෙන් කරන්නැති දෙයක් නෑ! 😡😡

  6. ලංකාවේ අලුත්ම trend එක!
    විධායක ශ්‍රේණියේ නිලධාරීන් ඉලක්ක කරගෙන බොරු ඡෝදනා යටතේ ඔවුන්ගෙන් මුදල් ගරා ගැනීමට කරන අලුත්ම වැඩක්.
    මේ වගේ මිනිස්සු ගැන හැමෝම ප්‍රවේසම් වෙන්න ඕනේ.
    අද දනුශ්ක ගුණතිලක, හෙට??

  7. මේ වගේ සිද්ධි කොළඹ හැම තැනම වෙනවා. අයිස් වලට පුරුදු වෙච්ච කෙල්ලෝ එක එක මිනිස්සු අමාරුවේ දානවා. මේක මත්ද්‍රව්‍ය එක්ක එන දරුණු ප්‍රශ්නයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here