Hot News
අස්වැසුම ගැන තීරණයක් – අස්වැසුම නොලැබූ සමෘද්ධිලාභීන්ට දෙසැම්බර් දක්වා සමෘද්ධිය

ජනවාරි මාසයේ ආරම්භවීමට නියමිත අස්වැසුම වැඩසටහනේ දෙවන අදියරේදී දරිද්‍රතාවය එකම නිර්ණායකය විය යුතු බවත්, දරිද්‍රතාවය මැනීම සදහා අඩු නිර්ණායක ප්‍රමාණයක් යොදා ගත යුතු බවත් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
අස්වැසුම පළමු පියවර අසාර්ථක වීමට යොදා ගත් පරාමිතීන් සංඛ්‍යාව වැඩි වීම හා එම පරාමිතීන්වලට තබන ලද බර හේතු වූ බව කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය.
අස්වැසුම සමාජ සුබසාධන වැඩසටහනේ ප්‍රගතිය සහ වර්තමාන තත්ත්වය පිළිබද විමසා බැලීම සදහා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා ඇතුළු නිලධාරීන් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට පසුගියදා (15) කැඳවා තිබූ අවස්ථාවේදී කාරක සභා සභාපතිවරයා මේ බව පැවසීය.
එමෙන්ම, දරිද්‍රතාවය මැනීම සඳහා විදුලි බිල යොදාගැනීමේ වැදගත්කම යළි අවධාරණය කළ කාරක සභා සභාපති පාඨලී චම්පික රණවක මහතා විදුලි ඒකක 30 ට අඩු විදුලි පරිභෝජනය යන පරාමිතිය මේ සඳහා භාවිතා කළ හැකි බවත්, ලංකා විදුලි බල මණ්ඩලය හා සම්බන්ධීකරණය කරගනිමින් එම පරාමිතිය භාවිත කිරීමට කටයුතු කරන ලෙස ද උපදෙස් දුන්නේය. එමෙන්ම, විදුලි බිල යන පරාමිතිය සඳහා 60%ක බර තැබීමක්ද, දරිද්‍රතාවය මැනීම සඳහා භාවිතා කරන අනෙකුත් පරාමිතීන් සඳහා 40%ක බර තැබීමක් ද කරන ලෙස සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත උපදෙස් ලබා දුන්නේය.
සුබසාධක ප්‍රතිලාභ තුන් ගුණයකින් වැඩි කිරීමක් සිදු කළ ද, රජයට හෝ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත ජනතා ප්‍රසාදයක් හිමි නොවීමට හේතුව ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී සිදුවූ දුර්වලතා හේතුවෙන් බව පෙන්වා දුන් සභාපතිවරයා; උගත් විරැකියාවෙන් පෙළෙන 20% කට වැඩි පිරිසක් වෙසෙන ශ්‍රී ලංකාව සඳහා අප්‍රිකාව වැනි රටවලට ගැලපෙන පරාමිතීන් නොගැලපෙන බව ද අවධාරණය කළේය.
2023 ජූලි මාසයේ අස්වැසුම ප්‍රතිලාභීන් 1,367,524 ක් සඳහා රු. 8,525,999,000/= ක මුදලක් ද, අගෝස්තු මාසයේ ප්‍රතිලාභීන් 1,365,076 ක් සඳහා රු. 8,496,698,750 ක් ද ගෙවා ඇති බව මෙහිදී හෙළිදරව් විය. 2024 අයවැය මගින් අස්වැසුම වැඩසටහන සඳහා බිලියන 180.5 ක් වෙන් කර ඇති අතර ඒ අනුව මිලියන දෙකකට මෙම ප්‍රතිලාභය ලබා දිය හැකි බව මෙහිදී සඳහන් විය.
අස්වැසුම සම්බන්ධයෙන් අභියාචනා 1,000,000 ලැබී ඇති බවත් ඉන් මේ වන විට අවසන් කර ඇත්තේ 2,00,000 ක් පමණි. ඒ අනුව ඉන් 119,794ක ප්‍රමාණයක් වැඩසටහනට ඇතුලු කර ගෙන ඇති අතර, 4655 ක අභියාචනා ප්‍රමාණයක් ප්‍රතික්ෂේප කර ඇත.
අස්වැසුම හා සමෘද්ධි ප්‍රතිලාභීන් දැනට ලක්ෂ 18 ක් සිටින බවත් ඉන් ලක්ෂ 395,000 ක් වන සමෘද්ධි ප්‍රතිලාභීන් සංඛ්‍යාවක් අස්වැසුම වැඩසටහනට ඇතුලත් වී නොමැති බවත් මෙහිදී අනාවරණය වූ අතර අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව දෙසැම්බර් මාසය වනතුරු මෙම සියලු දෙනා ප්‍රතිලාභ ලබන බවත් මෙහිදී අනාවරණය විය. එම පිරිසට හා මෙතෙක් අස්වැසුම වැඩසටහන සදහා ඉල්ලුම් නොකළ සමෘද්ධි ප්‍රතිලාභීන්ට ජනවාරි මාසයේ ආරම්භ වන අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම් කළ හැකි බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීහු ප්‍රකාශ කළහ.
ප්‍රතිලාභීන් තෝරාගැනීමේ ක්‍රියාවලිය සඳහා ග්‍රාමීය මට්ටමේ විශේෂිත නිලධාරින් අවශ්‍ය වන අතර, ඒ සඳහා නිශ්චිත වශයෙන් ම වෙන් වූ නිලධාරියෙක් සිටීම අත්‍යවශ්‍ය බව ද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීහු ප්‍රකාශ කළහ. ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව සම්බන්ධ ගැටළුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණයෙන් විසඳා ගෙන අභියාචනා ක්‍රියාවලිය සඳහා ඔවුන් සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය.
Hot News
සමාජයට වැඩදායී දෙයක් වෙනුවෙන් විනාඩි 5 ක් වෙන් කරන්න සෞඛ්‍ය ඇමතිගෙන් මාධ්‍යයට ඉල්ලීමක්

සමාජයට වැඩදායී දෙයක් වෙනුවෙන් විනාඩි 5 ක් වෙන් කරන්න සෞඛ්‍ය ඇමතිගෙන් මාධ්‍යයට ඉල්ලීමක් බෝ නොවන රෝග වළක්වා ගැනීම හා පාලනය කර ගැනීම පිළිබද කතිකාවතක් සකස් කිරීම ඉතාම කාලෝචිත ක්‍රියාවක් වන නිසා මාධ්‍ය ආයතනවලින් යම් ඉඩක් ලබා ගැනීම සදහා ඉල්ලීමක් කිරීමට තීන්දු කළ බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (07) කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති සමස්ථ ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ වාර්ෂික සමාජ සත්කාර උත්සවයට සහභාගි වෙමිනි.
ජීවත් වීමේ ආයු කාලය වැඩි වීමත් සමඟ අපිට තිබෙන බෝ නොවන රෝග තර්ජනය වැඩි වී තිබෙන බව ද ඒ නිසාවෙන් අධීරුධිර පීඩනය, දියවැඩියාව, පාර්ෂවික අඝාතය, හෘද අකර්මණ්‍ය, වකුගඩු රෝග හා පිළිකා රෝග ප්‍රභල ලෙස ඇති වී තිබෙන බවත් ඒ නිසා දියවැඩියාව පාලනය කිරීම යන කාරණාව මතභේදාත්මක හා සංකීර්ණ කාරණයක් බවට පත්ව තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“2020 වර්ෂයේ දී 10500 දෙනෙක් වකුගඩු රෝග ආශ්‍රිත රෝග නිසා ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. ඒක ලොකු සංඛ්‍යාවක්. ගිය වසරේ ඩෙංගු රෝගයෙන් 72 කගේ ජීවිත නැති වෙලා තියෙනවා. නිදන්ගත වකුගඩු රෝගයෙන් වසරකට 10500 කගේ ජීවිත නැති වෙනවා. ඒ වගේම තවත් ගැඹූරු කාරණයක් තියෙනවා වසරකට 12000 කගේ ජීවිත මාර්ග අනතුරු නිසා නැති වෙනවා. මාසයකට 1000 කට ආසන්න වශයෙන් දිනකට 35 දෙනෙකු මිය යනවා. අපේ රටේ ප්‍රධාන නාලිකාවල පළමු වන ප්‍රධාන විනාඩි 25 වෙන්කර තිබෙන්නේ මිනීමැරැමක්, ඝාතනයක්, අපචාරයක්, දුෂණයක්, දේශපාලඥයකුගේ කට කැඩිච්ච කතාවක් වැනි දේවල් වලට ඒක රටේ අවාසනාව.අපි මාධ්‍යයෙන් ඉල්ලීමක් කරනවා සමාජයට වැඩදායී දෙයක් වෙනුවෙන් විනාඩි 5 ක් වෙන් කරන්න කියලා අපිට පුළුවන් සෞඛ්‍ය අමාත්‍යංශය විදිහට මාර්ගෝපදේශන ලබා දෙන්න.” “ශ්‍රී ලංකාව ප්‍රභල බෝ නොවන රෝග අවධානමකට ලක්වෙමින් තිබෙනවා. මහාචාර්ය මන්දික විජේරත්න මහතා සදහන් කලා වගේ, නිදන් ගත වකුගඩු රෝගයට දැන් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කාරණය ලෙස සැලකෙන පාලනය නොකල දියවැඩියාව වැඩිහිටි ජනගහනයෙන් 1/3 කට ඇති වෙලා තියෙනවා. ආසන්න වශයෙන් වයස 35 කට වඩා වැඩි ජනතාවගෙන් 35% – 40% දියවැඩියා රෝග තත්වයෙන් පෙලෙනවා. ඒක දකුණු ආසියාවේ විශාලතම ප්‍රතිශතයයි. ජනගහනයෙන් 20% – 25% අවුරුදු 25 ට වඩා වැඩි අධික රුධිර පීඩනයෙන් පෙලෙනවා. ඒක ආසියානු ශාන්තිකර කලාපයේ මේ රෝගී තත්වයෙන් වැඩිම ප්‍රමාණයක්.” වකුගඩු රෝගීන් වෙනුවෙන් රුපියල් 5000 කට අධික වටිනාකමකින් යුතු වියලි ආහාර මළු හා සෞඛ්‍ය හිමිකම් රක්ෂණ හා රුධිර කාන්දුකරණ ප්‍රතිකාර සදහා මුල්‍යාධාර සහ වකුගඩු රෝගීන්ගේ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබා දීමට, 2024 වර්ෂය සදහා දින දර්ශනයක් එළිදැක්වීමට ද සමස්ථ ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය මෙහිදී පියවර ගන්නා ලදී.
Hot News
Watch : බදුල්ල -කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 06 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (08) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කර තිබෙනවා.
අද සවස පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රධාන මාර්ගය අසල කොටසක් බදුලු ඔයට කඩා වැටී නායයාමට ලක්වුණා.
Hot News
අපේක්ෂා රෝහලේ විකිරණ තාක්ෂණවේදීන්ගේ වර්ජනය අවසන්

පසුගිය 5 වැනිදා ආරම්භ කළ මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ තාක්ෂණවේදීන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා.
ඔවුන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා සමග පැවති සාකච්ඡා සාර්ථක වීමෙන් අනතුරුව වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
-
Hot News3 days ago
කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි
-
Hot News22 hours ago
කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග
-
Hot News3 days ago
ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල මිල සීඝ්රයෙන් පහළට
-
Hot News3 days ago
පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ දී උප පොලිස් පරීක්ෂකවරයෙක් සියදිවි හානි කරගනී
-
World2 days ago
විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමක් – තිදෙනෙක් ජීවිතක්ෂයට
-
Hot News4 days ago
තම දියණියගේ නිරුවත් ඡායාරූප විකිණීමට ඉල්ලූ සැමියාව බිරිඳ අවසන් ගමන් යවයි
-
Hot News2 days ago
Watch : කොස්ලන්දට ආ අලියා කොස් කන්න ගහට නැගපු හැටි මෙන්න
-
Hot News2 days ago
ඇමෙරිකානු YouTube තරුවකට මාස 06ක සිර දඬුවමක්