බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් මත රුපියල් එක්කෝටි හතලිස් හතර ලක්ෂයක අයිස් මත්ද්‍රව්‍ය සමඟ කොටු වූ අහුංගල්ලේ සංජීවගේ අනුගාමිකයෙකු වැලිපැන්න පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැලිපැන්න හා අලුත්ගම ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මහා පරිමාණයෙන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුකරගෙන යන බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ බුද්ධි නිධාරීන්ට ලද තොරතුරක් මත අද සවස වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස්‌ කණ්ඩායමක් වැලිපැන්න වළගෙදර පන්සල පාර ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී එම නිවසේ කාමරයක් තුළ අයිස් මත්ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටි මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි විය.

එහිදී ඔහු සන්තකයේ තිබී රුපියල් එක්කෝටි හතළිස් හතර ලක්ෂයක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 900 ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට වැලිපැන්න පොලිසිය සමත් විය.

මෙසේ අත්අඩංගුවට පත්වූයේ වයස අවුරුදු 29 වී ඇති වැලිපැන්න වළගෙදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ මේ වන විට විදෙස් රටක සැඟව සිටින ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අහුංගල්‍ලේ සංජීව නමැත්තාගෙන් මෙම අයිස් මත්ද්‍රව්‍ය ඔහුට ලැබෙන බවත් ,ඔහු විසින් මෙම අයිස් මත්ද්‍රව්‍ය අලුත්ගම, වැලිපැන්න ,මතුගම, ලෙව්වන්දූව ප්‍රදේශවලට මෙන් ම වැලිපැන්න දක්ෂිණ අධිවේගි හුවමාරුවෙන් විවිධ පුද්ගලයින්ටද මෙම අයිස් මත්ද්‍රව්‍ය ලබා දුන් බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ඔහුට විශාල මුදලක් දිනකට ප්‍රධාන ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ලැබී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

ඔහුගේ නිවස වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී මෙම ජාවාරම මෙහෙයවූ ජංගම දුරකථනයක් ,මත්ද්‍රව්‍ය කිරීමට භාවිතා කරන ඉලෙක්ට්‍රොනික තරාදියක්,ඇසුරුම් කිරීමට යොදා ගන්නා ඇසුරුම් ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු හෙට දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here