සිය මිත්තණියගේ මෙට්ටය යට සගවා තිබූ රුපියල් ලක්ෂ දාහතරක මුදලක් සොරකම් කළ බව කියන 14 හැවිරිදි මුණුපුරෙකු අද (08) දිනයේ අත්අඩංගුවට ගත්බව දොඩංගොඩ පොලිසිය පවසනවා.
දොඩංගොඩ, මිනුවන්දෙනිය ප්රදේශයේ පදිංචි කාන්තාවක් කළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇති පාසල් සිසුවා පැමිණිලිකාර කාන්තාවගේ මුනුපුරෙකු බවත් පොලිසිය සඳහන් කළා.