අඩු ආදායම්ලාභින්ට රජයෙන් දුන් සහල්, කුකුළන් ආහාරයට ගැනීමෙන් කුකුළන් 7දෙනෙක් මියගොස් ඇති පුවතක් වාර්තා වෙනවා.

පසුව සෞඛ්‍ය බලධාරින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු රම්බඩගල්ල මහේස්ත්‍රාත් යු. එස් කේ.කේ වැරුණියගොඩ සහල් සම්බන්ධව රස පරික්ෂණ වාර්තාවක් කැඳවන ලෙස නියෝග කර තිබෙනවා.

රිදීගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන්ට ලබාදුන් සහල් පානගමුව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභියකු නිවෙසට රැගෙන ගොස් ඇති අතර එම සහල්වලින් ස්වල්පයක් කුකුළන්ට ආහාරයට දමා ඇති අතර ඒවා ආහාරයට ගත් කුකුළන් හත්දෙනකු සිහිසුන්ව සිට පසුව මියගිය බව නිවෙස් හිමියා පැමිණිලි කර තිබෙන බව එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසනවා.

එම සහල් ආහාරයට ගැනීමෙන් පසු කුකුළන් හත්දෙනකු මියයෑම ගැන සෞඛ්‍ය බලධාරීර්න් කළ පරීක්ෂණවලදී මියයෑමට හේතු කිසිවක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බවත්, ඒ අනුව අධිකරණයට කරුණු වාර්තා කර රසපරීක්ෂක වාර්තාවක් කැඳවීමට නියෝග ලබාගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here