ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න සහ යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් විකුම් ලියනගේ තමාගෙන් සමාව ඉල්ලූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසනවා.

පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේදී ඔවුන් දෙදෙනා මන්ත්‍රීවරයා සමග ඇතිකරගත් වචන හුවමාරුවක් පිළිබඳ ලද පැමිණිල්ලක් විමර්ශනයෙන් වුණා.

ඒ ජාතික ආරක්ෂාව පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාවේදී සන්නද්ධ හමුදාවල කාර්ය මණ්ඩලය ලක්ෂයක් දක්වා අඩු කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා ඊට විකල්පයක් ලෙස සන්නද්ධ හමුදාවන්හී ඉහළ නිලධාරීන්ට ලබාදී ඇති පහසුකම් අඩු කිරීම යෝග්‍ය බවට යෝජනාවක් කර තිබුණා.

එහිදී අරක්ෂක ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා මන්ත්‍රීවරයා බිය ගන්වමින් සහ තර්ජනය කළ බවට චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා විමර්ශනයේදී පවසා තිබෙනවා.

අදාළ සාකච්ඡාව ආරම්භයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ඉතා සාමකාමීව අදහස් දක්වා ඇතත් ආරක්ෂක ලේකම්වරයා ඇතුලු පිරිසගෙන් ලද ප්‍රතිචාර මත පසුව කාරක සභා රැස්වීම උණුසුම්වී ඇති බවද විමර්ශන වාර්තාවෙන් අනාවරණය කරනවා.

විමර්ශනය අවසානයේ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්නට සහ යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් විකුම් ලියනගේට චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයාගෙන් සමාව අයදින ලෙසයි නිර්දේශ කර තිබුණේ.

එමෙන්ම කාරක සභාවන්ට සහභාගීවන නිලධාරීන් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පිළිබඳ පනත සම්බන්ධයෙන්ද දැනුවත් විය යුතු බවටද පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව නිර්දේශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here