පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගී වූ තුර්කි ජාතික වායු පිස්තෝල වෙඩික්කරුවෙක් වන Yusuf Dikec ආරක්ෂිත උපකරණ නොමැතිව තරගයට සහභාගී වී රිදී පදක්කම දිනා ගැනීමටද සමත්වී තිබෙනවා.
අවුරුදු 51ක් වයසැති මෙම තරගකරු විශේෂ කාච, ඇස් ආවරණ හෝ කන් ආරක්ෂක කිසිවක් නොමැතිව මෙම තරගකරු තරගයට මුහුණදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.