Connect with us

Politics

ආර්ථිකය ගොඩනැඟීමට පෞද්ගලික අංශයේ යෝජනා ද අයවැයට ඇතුළත් කිරීමට අවධානය

ආර්ථිකය ගොඩනැඟීම සඳහා පෞද්ගලික අංශයෙන් ලබාදෙන යෝජනා ද මෙවර අයවැයට ඇතුළත් කිරීමට අවධානය යොමු කරන බවත් ඊට අදාළ ක්ෂේත්‍ර පිළිබඳ වෙන වෙනම සොයා බලන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති ලේකම් කාර්‍යාලයේදි ඊයේ (01) පැවැති 2024 අයවැය පූර්ව සාකච්ඡාවකට එක්වෙමිනි.

රට මුහුණපා ඇති ආර්ථික අර්බුදයෙන් මිදී ප්‍රකෘතිමත් වීම සහ තිරසාර වර්ධනයක් කරා ගමන් කිරීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ වැඩසටහන් පිළිබඳව ද ජනාධිපතිවරයා පෞද්ගලික අංශයේ නියෝජිතයන් සමඟ මෙහිදී සාකච්ඡා කළේය.

එහිදී රාජ්‍ය ආදායම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සම්බන්ධව මෙන්ම, ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම, සංචාරක කර්මාන්තය, ඇඟළුම් කර්මාන්තය ඇතුළු විවිධ කර්මාන්ත නඟා සිටුවීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබිණ.

පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට ගත යුතු පියවර මෙන්ම විවිධ ක්ෂේත්‍රවලදී ව්‍යාපාරිකයන් මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් මෙවර අය වැයේදී අවධානය යොමු කරන ලෙස ද ඔවුහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් ඉදිරිපත් කළ මෙම අදහස් හා යෝජනා පිළිබඳව අවධානය යොමු කරන බවත් ඉදිරියේදී එම එක් එක් ක්ෂේත්‍රයන්ට අදාළව වෙන වෙනම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

මෙරට ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ගිය වැඩපිළිවෙළ ද මෙහිදී පෞද්ගලික ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක් විය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Politics

ජනපති දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල (ICCU) ව්‍යාපෘතිය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල (ICCU) ව්‍යාපෘතිය ඩුබායිහි පැවැත්වෙන COP 28 සමුළුවේදී අද (03) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

පැරිස් සම්මුතිය සමඟ ලෝකයේ රටවල් අනුගතව සිටියද, එහිදී එකඟ වූ ඉලක්ක සපුරා ගැනීමට එම රටවලට සහාය දැක්වීම සඳහා සැලකිය යුතු ආයතනික වෙනස්කම් කිසිවක් ක්‍රියාත්මක නොවු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

එම කඩිනම් අවශ්‍යතාව හඳුනා ගනිමින් දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ තීරණාත්මක ප්‍රයත්නයන්ට දායක වීමට අවශ්‍ය ධාරිතා ගොඩනැගීම සහ පර්යේෂණ කටයුතු දියුණු කිරීම සඳහා ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලයක් (ICCU) පිහිටුවීමට තමා යෝජනා කළ බවද ජනාධිපතිවරයා පැවසීය.

යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ දැනටමත් වෙන් කරන ලද අක්කර 600 ක ඉඩමක ස්ථාපිත කිරීමට නියමිත අතර මෙම විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවන බවත් එය ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ලෙස ක්‍රියාත්මක වනු ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා ලෝකයේ සෑම රටකම සහය සහ දායකත්වයට ඊට අපේක්ෂා කරන බව සඳහන් කළේය.

බංග්ලාදේශය, සීෂෙල්ස් සහ මෝල්ඩෝවා වැනි රටවල් දැනටමත් මෙහි කටයුතු සඳහා සහාය පළ කර ඇති බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටන එක් ජාතියක පමණක් වගකීමක් නොවන අතර සමස්ත ලෝකයම ඒ සමඟ අත්වැල් බැඳගත යුතු බවද වැඩිදුරටත් සඳහන් කළේය.

Continue Reading

Politics

“නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම” ජනපති COP28 සමුළුවට ඉදිරිපත් කරයි

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ අභියෝගයට මුහුණ දීම සහ නිවර්තන කලාපීය ජාතීන් සඳහා තිරසර සංවර්ධනයක් සහතික කිරීම අරමුණු කරගත් අනාගතවාදී වැඩපිළිවෙළක් වන “නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (02) COP28 සමුළුව වෙත ඉදිරිපත් කළේය.

දේශගුණික අරමුදල්වල ආකෘතිමය වෙනසක් සහ ඵලදායී ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා බහුපාර්ශ්වික ප්‍රවේශයක අවශ්‍යතාව මෙම සැලැස්ම කඩිනම් කිරීමට හේතු වූ බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

වසර 2030 වන විට ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීමේ ඉලක්කය ඉටුකර ගැනීමේ අවිනිශ්චිතතා පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපති ‍රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශනය ආරම්භ කළේය. මෙම තීරණාත්මක ඉලක්කය සපුරා ගැනීම සඳහා ඇති 50%ක අවස්ථාව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා අනෙකුත් රටවලින් මූල්‍යධාර ලැබීම අපේක්ෂා කළ නොහැකි බවද කියා සිටියේය.

එබැවින් මෙම අරමුදල් සපයා ගැනීමට නිවර්තන සහ නිවර්තන නොවන රටවල් මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික අංශය අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම වනාන්තර, වගුරු බිම් සහ කඩොලාන වැනි අත්‍යවශ්‍ය ස්වභාවික සම්පත් කේන්ද්‍ර කර ගත් ආයෝජන ආකර්ෂණය කර ගැනීම ඉලක්ක කර ඇති බවත්, ගෝලීය උණුසුම ඉහළ යාමට එරෙහිව සටන් කිරීමට මෙම ආයෝජන අත්‍යාවශ්‍ය බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

දේශගුණික විපර්යාසවලට මහුණදීමේ දී වාර්ෂිකව වැය කරන ඩොලර් ට්‍රිලියන ගනණක මුදල් ඉතිරි කර ගැනීමට මේ තුළින් හැකියාව ලැබෙනු ඇති බවද පැවසූ ජනාධිපතිවරයා පෞද්ගිලක අංශයේ දායක්තවය ද මේ සඳහා ලබා ගැනීමේ හැකියාවද පෙන්වා දුන්නේය.

නීල ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම සහ තිරසාර ඉන්දියානු සාගරයක් නිර්මාණය කිරීම සඳහා ඉන්දියානු සාගර වට අද්දර සංගමය සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද පැහැදිළි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම සහ තිරසාර ඉන්දියන් සාගරයක් පිළිබඳ ප්‍රයත්නයන් ලොව විශාලතම කාබන් අවශෝෂකය නිර්මාණය කරනු ඇති බවද සඳහන් කළේය.

මාලදිවයින, කෙන්යාව, බ්‍රසීලය යන රටවල ජනාධිපතිවරුන් මෙන්ම එමානුවෙල් සහ ප්‍රංශ ජනපති මැක්‍රොන් ඇතුළු ලෝක නායකයන් සමඟ සිදු කළ සාකච්ඡාවලදී, ඔවුන් මෙම වැඩපිළිවෙළ පිළිබඳ දැඩි උනන්දුවක් දැක් වූ බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය .

නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට විද්වත් කමිටුවක් පත් කිරීමටත්, එම කමිටුවේ සොයා ගැනීම් බ්‍රසීලයේ COP30 හි ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කළේය.

ශ්‍රී ලංකාව සහ ‍මාලදිවයින අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට යෝජිත දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය (ICCU) සඳහා වන සැලැස්ම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී එළිදක්වනු ලැබීය. මෙම විශ්වවිද්‍යාලයේ අරමුණ වනුයේ දේශගුණක විපර්යාස මැඩ පැවැත්වීම කෙරෙහි ධාරිතා ගොඩ නැංවීම සහ මධ්‍යගත පර්යේෂණ සඳහා අවකාශ සැළසීමයි.

දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අවශ්‍ය අරමුදල් ඒකරාශී කර ගැනීම සඳහා සාම්ප්‍රදායික චින්තනයෙන් මිදීමේ අවශ්‍යතාවය ද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා මෙම ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය මගපෙන්වනු ඇති බවද සඳහන් කළේය.

ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති මැල්කම් ටර්න්බුල් මහතාද මෙම අවස්ථාව සඳහා සහභාගි වූ අතර දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය පිහිටුවීමට ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළට ප්‍රශංසාව පළ කළ මැල්කම් ටර්න්බුල් මහතා ඉන්දියානු සාගර කලාපය ආරක්ෂා කර ගැනීම එම රටවල් ඉදිරියේ ඇති විශාලතම අභියෝගය බවද පැවසීය.

Continue Reading

Politics

ජනපති රනිල් සහ බිල් ගේට්ස් අතර හමුවක්

ඩුබායි හි පැවැත්වෙන COP28 සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව බිලියනපතියෙකු වන බිල් ගේට්ස් හමුවී තිබෙනවා.

ඒ අනුව කෘෂිකාර්මික නවීකරණය සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව ඇති අතර ශ්‍රී ලංකාව දියත් කර ඇති හරිත වැඩපිළිවෙල පිළිබඳව ජනාධිපතිවරයා කරුණු පෙන්වාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් COP28 සමුළුවේදී ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය  (ICCU) නිල වශයෙන් එළිදැක්වීම සිදුකර තිබෙනවා.

Continue Reading
Advertisement
World2 hours ago

ජොනතන් 191 වැනි උපන්දිනය සමරයි

World2 hours ago

ඉන්දීය ප්‍රාන්ත මැතිවරණ ජය මෝදිට

Hot News3 hours ago

හිමිනමකගෙන් බැට කෑ සිසුවා රෝහලේ

World3 hours ago

Watch : ඊශ්‍රායලය හමාස් යුද්ධය දරුණු අතට

Hot News3 hours ago

Watch : මාළු බෝට්ටු වලින් ගෙනාපු ලිංගික උත්තේජන පෙති 31000ක් මාට්ටු 

Politics4 hours ago

ජනපති දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල (ICCU) ව්‍යාපෘතිය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි

Hot News4 hours ago

පස් දරු මවගේ සිරුර රාස්සැල්ලෙන් හමුවෙයි

Hot News5 hours ago

සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළ යයි

Politics5 hours ago

“නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම” ජනපති COP28 සමුළුවට ඉදිරිපත් කරයි

Politics7 hours ago

ජනපති රනිල් සහ බිල් ගේට්ස් අතර හමුවක්

Hot News8 hours ago

Watch : තොවිලයට පැමිණි තරුණ පිරිසක් අතර ගුටි කෙලියක – නිවසකට දැඩි හානි

Hot News8 hours ago

Watch : ක්‍රොන්ක්‍රීට් මික්ෂර් රථයක් ප්‍රපාතයට පෙරලෙයි – එක් අයෙක් ජීවිතක්ෂයට

Weather9 hours ago

කාලගුණය පිළිබඳ රතු නිවේදනයක්

Hot News10 hours ago

සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයීම් අංශයට නව පත්වීම් දෙකක්

Hot News11 hours ago

දිවුලපිටිය නගරයෙන් ලක්ෂ 53කට අලෙවි කිරීමට ගෙන ආ ගජමුතු සමඟ පුද්ගලයෙක් අල්ලයි

World12 hours ago

පිලිපීනයේ දේව මෙහෙයක් අතරතුර පිපිරීමක් – 3 දෙනෙක් ජීවිතක්ෂයට

Politics12 hours ago

වැට් බදු අනුපාතය 24%ට ඉහළ දාන්නේ නැහැ – මුදල් රාජ්‍ය අමාත්‍ය

Hot News12 hours ago

හොර පාරෙන් ඉතාලි යන්න ගිය තරුණියන් දෙදෙනෙක් අත්අඩංගුවට

Politics13 hours ago

Watch : ඊළඟ ජනාධිපතිවරණයේදී වෙන දේ ගැන අනුර කියයි

Hot News13 hours ago

WhatsApp සඳහා නව ආරක්ෂක කේතයක්

Hot News13 hours ago

කොළඹ සහ ගම්පහ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට

Hot News14 hours ago

හන්තානේ අතරමං වූ වෛද්‍ය සිසුන් 180ක් බේරාගැනේ

World14 hours ago

සුනාමි අවදානම ගැන විශේෂ නිවේදනයක්

Weather14 hours ago

බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් – ඉදිරි පැය 12 තීරණාත්මකයි

Politics1 day ago

Watch : සජිත්ගේ හැසිරීම නාමල් හෙළා දකී මෙන්න නාමල් සජිත්ට කිව්ව කතාව

Politics1 day ago

ඩයනා, රෝහණ සහ සුජිත්ට පාර්ලිමේන්තුව තහනම් වුණත් ලැබෙන විශේෂ අවස්ථාව මෙන්න

Hot News1 day ago

පෑනක් වගේ ගිනි අවියක් සමඟ අපරාධයකට සැරසුණු දෙදෙනෙක් මාට්ටු

World1 day ago

එක කාන්තාවකට අවම වශයෙන් දරුවන් 8ක් ඉන්න ඕන – මෙන්න විශේෂ තීරණයක්

World1 day ago

ඉන්දියාවේ භූ කම්පනයක්

Politics1 day ago

ශ්‍රී ලංකා – බ්‍රසීල ජනපතිවරු හමුවෙයි

Sports1 month ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News3 weeks ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports3 weeks ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Local1 month ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local1 month ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

World3 weeks ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News1 week ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

Sports1 month ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

World1 month ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

World6 days ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Sports4 weeks ago

ආබාධයක් හේතුවෙන් ශකිබ් අල් හසන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

Hot News4 weeks ago

නුවරඑලිය පොලිස් නිලධාරීන් අධිකරණය කටයුතුවලින් ඉවත් වෙයි

Weather1 month ago

සුළි කුණාටුවක් ගැන අනතුරු ඇඟවීමක්

Hot News1 month ago

ලක්ෂ 51ක මුදලක් සභා ගිණුමට බැර නොකර ඒ මුදල් දියණියගේ වෙඩිමට වියදම් කරන්න අරන් ගිය නිලධාරිනියගේ වැඩ තහනම්

World3 weeks ago

ඇමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටී 5 දෙනෙක් ජීවිතක්ෂයට

World1 week ago

ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්

Hot News1 week ago

Watch : බටගොඩ කම්පා කරමින් නිවසේ සිටි 15 හැවිරිදි සිසුවා අකුණු සැර වැදී අවසන් ගමන් යයි

Hot News1 month ago

සතොස කිරිපිටි මිල පහළට

World2 weeks ago

Binance ලොක්කා වරද පිළිගෙන ඉල්ලා අස්වෙයි

Hot News3 days ago

මුළු කළුතරම පැයක් තුළ භීතියට පත්කල දොඩංගොඩ පූස්කොටා සහ ගෝලයා අත්අඩංගුවට

Hot News2 weeks ago

පාසල් සිසුවෙක් වස පානය කර පාසලට පැමිණෙයි

Hot News1 month ago

Watch : ලක්මව රනින් සැරසූ තරුෂිව රාජා ජුවලර්ස් රනින් සරසවයි

Hot News2 weeks ago

Watch : මින්නේරිය වැවේ දිය නෑමට ගිය දියණියන් දෙදෙනා සහ මව දියේ ගිලෙයි

Hot News1 month ago

වලල්ලාවිට ප්‍රාදේශීය සභා හිටපු ජ.වි.පෙ. මන්ත්‍රිවරයකු දියේ ගිලි මියයයි

Hot News4 weeks ago

Watch : අතුරු තහනම් නියෝගයත් එක්ක අර්ජුන ක්‍රිකට් ආයතනයෙන් පිටත්ව යයි

Hot News4 weeks ago

Watch : අර්ජුනගේ කමිටුවට ඇයි විජේදාසගේ පුතාව දැම්මේ ?

Hot News1 month ago

දිනේශ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් බවට හෙළි වෙයි

Hot News4 weeks ago

Watch : ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජීවිත අනතුරේ , මිහින්තලේ හිමිට ආපු ආරංචිය මෙන්න

Hot News1 month ago

මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

Hot News4 weeks ago

මේ දෙදෙනා දන්නවා නම් ඉක්මනින්ම පොලිසියට කියන්න

World3 hours ago

Watch : ඊශ්‍රායලය හමාස් යුද්ධය දරුණු අතට

Hot News3 hours ago

Watch : මාළු බෝට්ටු වලින් ගෙනාපු ලිංගික උත්තේජන පෙති 31000ක් මාට්ටු 

Hot News8 hours ago

Watch : තොවිලයට පැමිණි තරුණ පිරිසක් අතර ගුටි කෙලියක – නිවසකට දැඩි හානි

Hot News8 hours ago

Watch : ක්‍රොන්ක්‍රීට් මික්ෂර් රථයක් ප්‍රපාතයට පෙරලෙයි – එක් අයෙක් ජීවිතක්ෂයට

Politics13 hours ago

Watch : ඊළඟ ජනාධිපතිවරණයේදී වෙන දේ ගැන අනුර කියයි

Politics1 day ago

Watch : සජිත්ගේ හැසිරීම නාමල් හෙළා දකී මෙන්න නාමල් සජිත්ට කිව්ව කතාව

Politics1 day ago

Watch : මට නම් තියෙන්නේ පරම්පරාවෙන් එන තට්ටයක්

Hot News1 day ago

Watch : පාතාලය මර්දනය කරන විදිය කතාවෙන් නෙමෙයි වැඩ කරලා පෙන්වන්නම්

Hot News1 day ago

Watch : මරණ පරීක්ෂණයකට ගිය පොලිස් නිලධාරීන්ට බඹර ප්‍රහාරයක්

Uncategorized1 day ago

Watch : ඩයනා, සුජිත්,රෝහණ සිද්ධියෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

Politics2 days ago

Watch : රන්ජන්ගේ සහයත් අනුරට ද ?

Hot News2 days ago

Watch : රටටම ගෞරවයක් අරන් දෙන එක තමයි මගේ හීනය

Hot News2 days ago

Watch : ඩ්‍රෝන් යොදාගෙන ගුවනින් වල්නාශක ඉසින කවුඩුලු ගොවියෝ

Hot News2 days ago

Watch : රන්ජන්ට අකරතැබ්බයක්

Politics2 days ago

Watch : තවත් ක්‍රිකට් වංචාවක් ගැන විපක්ෂ නායකගෙන් විශේෂ හෙළිදරව්වක්

Hot News2 days ago

Watch : දේශබන්දුට රටම කැමති නෑ මිහින්තලේ හිමි කිව්ව කතාව මෙන්න

Hot News2 days ago

Watch : වැඩබලන පොලිස්පති දේශබන්දුට මහා සංඝරත්නයෙන් දැඩි අවවාදයක්

Politics2 days ago

Watch : ඩයනාගේ ගුටි කෙළිය ගැන වාර්තාව පාර්ලිමේන්තුවට එද්දී විපක්ෂය උණුසුම් වෙයි

Hot News3 days ago

Watch : අදත් පැය ගානක් ප්‍රශ්න කරපු දේවගැති ජෙරම්ට හෙටත් CID එකට එන්න කියයි

Politics3 days ago

Watch : මාව සෞඛ්‍ය ඇමැති කළේ නැත්තටම නැති කරන්න

Hot News3 days ago

Watch : දින 3ක් අතුරුදන්ව සිටි වැලිපැන්නේ තරුණියගේ දේහය ඇල ඉවුරකින් හමුවෙයි

Hot News3 days ago

Watch : ආයුධත් අරගෙන තෙල් ගහන්න ආපු මැරයෝ දෙන්නා

Hot News3 days ago

Watch : මස් පිණිස උඩවලවේ නිදහසේ සිටි හරක් රැගෙන ගිය ජාවාරම්කරුවන් පිරිසක් අල්ලයි 

Hot News4 days ago

Watch : දේශබන්දුගේ පත් කිරීමට පළමු විරෝධය කතෝලික සභාවෙන්

Hot News4 days ago

Watch : ලොවක් ඉදිරියේ ලක්මව රනින් සැරසූ පුංචි දියණිය

Hot News4 days ago

Watch : මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මර්දනය කරමින් ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාව දෙනවා

Hot News4 days ago

Watch : තරුණයෙක් කොටුව දුම්රියපොල ඉදිරිපිට වහලය උඩට නැග විරෝධතාවයක

Hot News5 days ago

Watch : විශ්ව රූ රුජිනක්ව සිට පැවිදි දිවියට පත් වියට්නාම භික්ෂූනිය ඓතිහාසික මිහින්තලා රජ මහ විහාරය වැඳපුදා ගනියි

World5 days ago

Watch : සටන් විරාමය දින 2ක් දික් කරද්දී ළඟ එන දරුණු යුද්ධය ගැන ඊශ්‍රායලය අනතුරු අඟවයි

Hot News5 days ago

Watch : සාක්ෂියක් ඉතිරි කර 24 හැවිරිදි තරුණියක් අතුරුදන්

Advertisement

Categories

Trending