Connect with us

Article

“ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතක්” ගැන කතා කරන්න මේ පාර්ලිමේන්තුවටත් මේ ඇමතිවරුන්ටවත් සදාචාරාත්මක අයිතියක් නැත

ඉකුත් මාර්තු 21 වන දින අමාත්‍ය මණ්ඩල රැස්වීමට ජනාධිපති ඉදිරිපත් කළ සංදේශයකට අනුව දැන් “ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතක්” පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම්වන බව දැන ගැනීමට ඇත. ඒ සඳහා කෙටුම්පත සූදානම් කිරීමට නීතිපතිට සහ නීති කෙටුම්පත් සම්පාදකට ඉකුත් අප්‍රේල් මස 02 වන දින අමාත්‍ය මණ්ඩල ලේකම් මගින් දැනුම්දීමක්ද කර තිබුණි.

එම කෙටුම්පතෙහි මූලික පිටපත සකස්කර ඇත්තේ ජනාධිපති විසින් ශ්‍රී ලංකාවට ආයෝජන ලබා ගැනීමේ වටපිටාව දියුණු කිරීම වෙනුවෙන් යෝජනා සැළසුම් සකස් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයෙහි පිහිටවූ විශේෂ කමිටුවක් විසිනි. ඒ අනුව සම්පාදනය කර ඇති “ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත” සම්මත කෙරුණහොත් මේ රටේ ප්‍රතිපත්ති සකස් කිරීමේ හා ඒවා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රාජ්‍ය ව්‍යුහයෙහි බරපතල වෙනස්කම් සිදු කරනු ඇත.

එකී යෝජිත පනතින් ජාත්‍යන්තර මූල්‍ය ආයතනය සමග ඇතිකර ගෙන තිබෙන ගිවිසුම අනුව බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම, “ජාතික ආර්ථික පරිවර්තන ප්‍රතිපත්තිය” යටතේ නීතිගත කෙරෙන්නේය. ඉන්පසු නැවත පනත සංශෝධනය කිරීමකින් තොරව කිසිදු ආණ්ඩුවකට ජාත්‍යන්තර මූල්‍ය ආයතනය සමග ඇති ගිවිසුමෙන් බැහැරව කටයුතු කළ නොහැක.

එවගේම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අදාල පනතත් සමගම අහෝසි කෙරෙන්නේය. ඒ වෙනුවට දස දෙනෙකුගෙන් සමන්විත “ආර්ථික කොමිසමක්” ස්ථාපිත කෙරෙන්නේය. ජාතික ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඇමතිවරයාට උපදසේ දීමට, එකී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට යෝජිත ආර්ථික කොමිසම යටතේ තවත් ආයතන සතරක් පිහිටුවනු ලැබේ. දැනට සමස්ථ ලංකාවම ආවරණය කරමින් ආයෝජන මණ්ඩලයෙන් සිදු කළ යුතු කාර්යන් එකී ආයතනවලට පවරනු ලැබේ. ඉන් එක් ආයතනයක් පෞද්ගලික සමාගමක් ලෙස පිහිටුවනු ලබන්නකි. එහි වගකීම වනුයේ ආයෝජන ප්‍රවර්ධනය සඳහා ආර්ථික කොමිසමට අත් උදව් කිරීමය. එවගේම මේ පනත යටතේ මහින්ද රාජපක්ෂ කතා කළ රජයේ ව්‍යාපාර පමණක් නොව, නිදහස් වෙළඳ කලාප පවා පෞද්ගලීකරණය කළ හැක.

මේ සියල්ල ආර්ථිකයේ ප්‍රධාන සක්‍රීය පාර්ශව දෙකෙන් වැදගත්ම පාර්ශවය වන “සේවක පාර්ශවය” සමග කිසිදු ගනුදෙනුවක් නොමැතිව තීන්දු කෙරුණු බරපතල වෙනස්කම් ය. පෞද්ගලික හා රජයේ අංශ නියෝජනය කරන වෘත්තීය සමිති මේ සම්බන්ධ හරියාකාර තොරතුරු තවමත් නොදන්නවා විය හැක. එහෙත් පෞද්ගලික අංශයේ මිලියන දෙකහමාරක පමණ සේවක සේවිකාවන්ගේ අනාගත ජීවිත සුරක්ෂිතභාවය මේ පනතින් තීන්දු කෙරෙණු ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉකුත් දිනෙක කර තිබූ ප්‍රකාශයට අනුව, මේ ජනාධිපතිට සහ ඔහුගේ ආණ්ඩුව ලෙස කටයුතු කරන බහුතර මන්ත්‍රී කණ්ඩායමට රජයේ ව්‍යාපාර මොනම ආකාරයකින්වත් පෞද්ගලීකරණය කිරීමට වරමක් නැතැයිද එවැනි ජනවරමක් ඉදිරි මැතිවරණයකින් ලබාගත යුතු යැයිද, එතෙක් ඊට අදාල කිසිදු පියවරක් නොගත යුතු යැයිද කියූවත් ඉන් එහා යන පෞද්ගලීකරණ ක්‍රියාවලියක් මෙම “ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත” සම්මත කළ වහා නීතිගත වන්නේය.

සමස්ථ ආර්ථිකයම එළෙසින් උඩු යටිකුරු කෙරෙන මෙවැනි නීති සම්පාදනය කිරීමට මේ ජනාධිපතිට හා පාර්ලිමේන්තුවට මහින්ද රාජපක්ෂ කියූ ජනවරම පමණක් නොව, සදාචාරාත්මක අයිතියක්ද නැත. ජනාධිපති ධූරයට වික්‍රමසිංහ පත්වන්නේ ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයක් මගින්ය. ඔහු 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් අන්ත පරාජයට පත් වූවෙකි. පක්ෂයේ ආරවුල් මැද ඔහු ප්‍රමාදව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වන්නේ, ඔහුම 2010 මැතිවරණයෙන් පසු මනෝ ගනේශන් ජාතික ලැයිස්තුවෙන් පත් කළ නොහැකි යැයි ඉදිරිපත් කළ සියලු තර්ක, හේතු දැක්වීම් නොතකා ය. එදා ඔහු මනෝ ගනේෂන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුවේ මැතිවරණයෙන් පරාජය වූ මන්ත්‍රීවරුන්ගේ නම් මැතිවරණ කොමිසමට බාර දුන් ජාතික ලැයිස්තුවෙහි නොමැති හෙයින් එවැනි මන්ත්‍රීවරුන් ජාතික ලැයිස්තුවෙන් පත් කළ නොහැකි යැයි කීමෙනි. ඔහුද මනෝ ගනේෂන් මෙන්ම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන්නට හැම අතින්ම නුසුදුස්සෙකු විය. එහෙත් ඒ කිසිවක් ඔහු ඔහුට අදාල නොකරගෙන මන්ත්‍රී විය. එනිසා ව්‍යවස්ථාමය ප්‍රතිපාදනය සමගින් වූවත් ඔහු ජනාධිපති ධූරයෙහි අසුන් ගන්නේ ඊට සදාචාරමය අයිතියක් නොමැතිවය.

විශාල ජන වරමක් ලැබූ ජනාධිපති වරයෙකු නැවත ජන බලයක් හමුවේ ඉවත් කෙරුණු විට, ඉතිරි ධූර කාලය වෙනුවෙන් පත් කෙරුණු සදාචාර විරෝධි එවැනි ජනාධිපතිවරයෙකුට රටක ජාතික ප්‍රතිපත්ති සහමුලින් වෙනස් කිරීමට ඇති සදාචාරමය අයිතිය කුමක්ද?

මේ පාර්ලිමේන්තුවද එවැනිම ය. මේ පාර්ලිමේන්තුවට මෙන්ම මෙහි බහුතරයටද දැන් ජනවරමක් නැත. ඔවුන් පාර්ලිමේන්තුවෙහි නඩත්තු කරන්නේ ඔවුන්ට ඡන්දය දුන් ජනතාවගේ ජනවරම නොවේ. ඔවුන්ගේ දේශපාලන බලය රැක ගැනීමේ අවශ්‍යතාව පමණි. මේ මන්ත්‍රීවරුන් තීන්දු තීරණ ගන්නේ ජනතාවගේ අවශ්‍යතා වලට පටහැනිවය. කුරිරු ආර්ථික අහේනියකට හසුව ඉන්නා බහුතර ජනතාවක් ගැන කිසිදු වගක් නොමැතිව, තමන්ට බදු රහිත වාහන ලබා ගැනීමේ බාල වරප්‍රසාදය බුක්ති විඳින්නට තීන්දු ගන්නා පාර්ලිමේන්තුවකට, තමන්ට ලැබෙන රුපියල් ලක්ෂ දහයක රක්ෂණ ආවරණය තම පවුලේ සෙසු සාමාජික සාමාජිකාවන්ටද ලබා ගැනීම ගැන කතා වන්නේ යැයි කියන පාර්ලිමේන්තුවකට, ජන ජීවිතයට සෘජුව බලපාන්නාවූ “ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත” වැනි පනත් සම්මත කිරීමේ කිසිදු සදාචාරමය අයිතියක් නැත. ලාංකීය වීසා නිකුත් කිරීමේ තීන්දු සහ ඊට සම්බන්ධ දූෂණ චෝදනා ගැන විමසීමට මහජන මුදල් පිළිබඳ කාරක සභාවට අදාල අමාත්‍යාංශ නිලධාරීන් කැඳවා ගැනීමට තරම් අධිකාරී බලයක් නොමැති පාර්ලිමේන්තුවකට “ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත” වැනි පනත් සම්මත කිරීමට සදාචාරාත්මක බලයක් හා අයිතියක් තිබිය නොහැක.

මේ මස අවසන් වන්නට පෙර යෝජිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ හදිස්සියක් ජනාධිපති වික්‍රමසිංහට ඇතැයි කතා වන්නකි. ඊට එරෙහිව වෘත්තීය සමිති ගන්නා පියවර මෙවර හෝ නොසැළෙන, ශක්තිමත් එකමුතු පියවරක් නොවන්නේ නම්, ඉන් පරාජය වන්නේ ලක්ෂ ගණනක සේවක සේවිකාවන්ය. අගතියට පත් වන්නේ ඔවුන්ගේ සහ ඔවුන්ගෙන් යැපෙන්නන්ගේ අනාගත ජීවිතය. මේ වනවිට ප්‍රසිද්ධියට පත්ව ඇති මේ යෝජිත පනත් කෙටුම්පත ගැන සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ ස.ජ.බත් අනුර කුමාර හා ඔහුගේ ජා.ජ.බත් ස්ථිර ප්‍රතිපත්තියක සිට කටයුතු කරනු තවම දකින්නට නැත.

එහෙත් මා බලා සිටින්නේ ජනාධිපති වික්‍රමසිංහට සහ ආණ්ඩුවට පෞද්ගලීකරණය කිරීමේ ජනවරමක් නැතැයිද එබැවින් එවැනි තීන්දු තීරණ අත්හිටවිය යුතු යැයිද විවෘත දැනුම්දීමක් කළ මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ පනත සම්බන්ධයෙන් ගන්නා ස්ථාවරය කුමක්දැයි කියා ය. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් පරාජය කරන්නේ යැයි ඔවුන් කල් තබා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරනු ඇතිද? අපි බලමු.

(කුසල් පෙරේරා)

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Article

රනිල් ආයේත් පරද්දමු – (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

පසුගිය අසීරු දෙ වසර අවසානයේ උද්ධමනය අඩු විය. රුපියල ශක්තිමත් විය. සංචාරක කර්මාන්තය වැඩි දියුණු විය.

විදේශ සංචිත තර විය. අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සුලභ විය. පාසල් විවෘත විය. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මුහුදට විසි කොට අප්‍රෙල් අරගලය නිර්මානය කළ පීඩාකාරි යුගය මෙසේ තුනී වී යාම මග හැර යමින්, ”ඕවා කියලා වැඩක් නෑ රනිල් පරදිනවා” කියන මාලිමාව තම මුහුණු පොත් සහෘදයන් ලවා මාලිමාවට ජය වේවා කියවා ගත්තාට බංගාවේවා කියන උපන් නැකතක් හිමි ජෙප්පන් කවදාවත් දිනලාම නැත. 

දෝණි තම අම්මාටත් නො කියවන ඔසප් සංසිද්ධියට දේශපාලනික පෑඩ් ඇන්දවීමෙන් 2019 දීම සජිත් ප්‍රේමදාසත් අමු ජෝකරයෙක් විය. අනුන් දෙන දේ කමින් බොමින් යැපෙන, පිනට ලැඛෙන රෙදි කලිසම් වලින් විලි වසා ගන්නා කයියනායකලා වචනාර්ථයෙන් අපතයන් මිස යුගයක් නිර්මානය කිරීමට සමත් නො වෙති. එකට එකතුව රනිල් පරාද කළ හැකි වුණත් වඩාත් ගහ බැණ ගන්නේ මේ දෙ ගොල්ලමය. 

ගෝඨාට රැවටී දෙ කෝටි පනස් ලක්ෂයකට යන එන මං නැති කළ හැට නව ලක්ෂයෙන් එකියක් වූ නිවාස අධිකාරියේ නිලධාරිනියක් ගිය ගමන රනිල් පරද්දන්න ගෝඨාට දුන්නා. මේ ගමන මාලිමාවට දෙන්න ඉන්නේ. ඒත් බයත් හිතෙනවා. යනුවෙන් කීවේ පවත්නා දේශපාලන දෙ ගිඩියාව එළි දක්වමිනි. ඇයි සජිත් මොකද? එහි සිටි අයෙක් විමසූ විට ඇය කීවේ නිවාස අධිකාරියට එයා කළ විනාසය අපි දන්නවා කියාය. 

රටේ බහුතරය කතිර පාවිච්චි කළේ රට හදන්න නොවේ. රනිල් ගෙදර යවන්නය. දැන් සිදුව ඇත්තේ වෙනත් දෙයකි. 2015දී ඡන්ද 5098916ක් සහ මන්ත්‍රීන් 106ක් සමග රට කරවූ රනිල්, 2020දී ඡන්ද 249435ක් සහ එක් මන්ත්‍රී ආසනයකට සීමා කළේ එහෙමය. 2020දී සජිත් අප්පාවත් ජනාධිපති කරවූ එජාපයට හතුරු නො වුණා නම් රාජපක්ෂලාට තුනෙන් දෙකක් ගන්නේවත් රටට මෙහෙම වෙන්නේත්  නැත. 

රටක විපක්ෂ නායකයා අස්ථාවර රට භාර ගෙන අගමැති විය යුතු වුවද, 2022දී ලංකාවේ එහෙම නො වුණේ සජිත් බය වුණේ මැයි 9 වෙනිදා ගෝල්ෆේස්හිදී ඔලූවට එල්ලවූ පොලූ පාර නිසා විය හැකිය.

17 වසරක් තම දේශපාලන ප්‍රතිවාදියාවූ රනිල් හාස්කමකින් මෙන් නිමේෂයකින් රටේ පාලකයා වීම රාජපක්ෂලාට අදටත් මදි පුංචිකමක් විය. සිද්ධ වුණේ රටට පවත්නා එකම විකල්පය එක්සත් ජාතික පක්ෂය හෙයින් ජනතාව ගෙදර යැවූ රනිල් පාර්ලිමේන්තු බහුතරය විසින් යළි කැඳවීමය. රනිල් එජාප ශෛලියෙන් අර්බුදයට මුහුණ දුන් ආකාරය දෙ කෝටි පනස් ලක්ෂයක් දෙනා විමසිල්ලෙන් බලා සිටිති.  

දිගු කලක් වැසී තිබුණ පාසල් පද්ධතිය රනිල් ජනාධිපතිවී පැය 48ක් තුළ විවෘත නො කළ නම්, සජිත්ට ස්කෝලවල රැස්වීම් තියන්ට ලැඛෙන්නේ නැත. ඉන්ධන හිඟවී ඇනහිට තිබුණ රට, රනිල්  පැය 48ක් තුළ කිව්ආර් කේතය යොදා සක්‍රිය නො කරන්නට, එදා අඳුරු මුඩුක්ක්කුවක් පැවති රට අදටත් එසේම පවතිනවා නිසැකය. 

රනිල් පාසල් විවෘත කිරිමේ වාසිය, ගුරු වර්ජන නිසා අදටත් පාසල් දරුවන්ට නො ලැබීම නම් අවාසනාවකි. දීමනා වැඩි කරන්නැයි විභාග රාජකාරි නවතා මහා මාර්ගය අවහිර කොට ගුරු වෘත්තිකයන් වරක් ඉල්ලා සිටි සාකච්ඡාව, උසස් පෙළ  ප්‍රතිපල නිකුත් කරන තෙක් ලබා නො දෙන බව තීන්දු කළ ජනාධිපති වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේදී නිකමා කී සජිත් ගැන රටේ සිසු පරපුර සිතන විදිය මරික්කාර්ලා බුද්ධිකලා නො දැන සිටියාට හර්ෂලා කබිර්ලා එරාන්ලා රෝහිණිලා තලතලා රෝහිණිලා හොඳින් දනිති.  

2022ට සාපේක්ෂව, රටේ ජන ජිවිතය සාමාන්‍ය වෙමින් පවතී. පැට්‍රල් ලීටරය රුපියල් 117ට ගෑස් සිලින්ඩරය රුපියල් 1250ට ජනතාවට දුන් යහ පාලන ආණ්ඩුව පරදවා 2020දී රටේ බලය අල්ලා ගැනීමට රාජපක්ෂලාට වඳ ෂාපි වඳ කොත්තු හා පාස්කු බෝම්බය මෙන්ම සජබ විගඩමද හේතු විය. ඒ පාඩම ඉගෙන ගත් ජනතාව ඉදිරි ජනාධිපති මැතිවරණයේදී කළ යුත්තේ කුමක්දැයි ජනතාව විසින්ම තීරණය කළ යුතුව තිබේ.

දේශපාලනිකව එජාපයටත් අමිහිරි අත්දැකීමක් වූ රනිල් වික්‍රමසිංහ අප්‍රේල් අරගලයෙන් ප්‍රතික්ෂේපවූ රාජපක්ෂලා, ප්‍රේමදාසලා, අනුර කුමාරලා, වාසුදේවලා විමල් වීරවංශලා වෙනුවට තේරුණ එකම විකල්පය වීම තිත්ත වුවද ශක්තිමත් සත්‍යය බව තහවුරු වී හමාරය. බටලන්ද සහ බැංකු මංකොල්ලය ගැන කියමින් රනිල් රටට එපා කරවා රටේ බලයට පත් රාජපක්ෂ සිදු කළ සුනාමි ගිණුම, එක්ස්ප්‍රස් පර්ල් නෞකා වන්දිය, සිරිලිය ගිණුම, එයාර් බස් ගණුදෙනුව ආදි අනේක චෝදනා යටපත් කළ විපක්ෂය, මේ පිටපොට ගසන්නේ යළි රනිල් ගෙදර යවා රටේ බලය ඇල්ලීමටය.

අල්ලස, දූෂණය, වංචාව රටේ බලය අල්ලන මන්ත්‍රය කර ගත් ජෙප්ප්න් සිය තුවක්කු දේශපාලනය ගිනි අවි පැහැර ගැනීමෙන් බැංකු කැඩීමෙන් මිනී මැරිමෙන් පටන් ගත් බව රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මතකය. 88-89 භීෂණය සමයේ කු ප්‍රකට බටලන්ද හමුදා කඳවුර යනු, වීජේවීර පන පිටින් පුලූස්සා ඔහුගේ දරු පවුල ආරක්ෂා කළ රාජ්‍යය විසින් රටේ ආරක්ෂාවට ගොඩ නැගූ ආරක්ෂක කුටියක් මිස, අධ්‍යාපන හා යෞවන කටයුතු ඇමතිව සිටියදී අනාගතය වෙනුවෙන් නිර්මානය කළ විද්‍යා පීඨ, යොවුන් කඳවුරු වැනි රනිල් වික්‍රමසිංහ පන්නයේ ව්‍යාපෘතියක් නොවේ. බටලන්ද කඳවුරේදී ඝාතනය වූ විජේදාස ලියනාරච්චි ආරක්ෂක අංශවලට කොටු කළේ ජවිපෙය වෙනුවෙන් ජිනීවා ගිය ලංකාවේ ප්‍රකට දකුණේ දේශපාලනඥයෙකු බව රහසක් නොවේ. 

ඊයේ පෙරේදා අනුර කුමාර දිසානායක, නවසිය හැත්තෑ අටේ සිට දෙ දහස් විසි දෙක වසර 44ක් තුළ විදේශ ආයෝජන වලින් ලංකාවට ලැබුණේ ඩොලර් බිලියන 22ක් පමණක් බවත් වියට්නාමය 2022දී පමණක් ඩොලර් බිලියන 22ක් රටට ගෙන්වා ගත් කී සැනින්, දෙරණ මාධ්‍යවේදියා ඊට තමුන්නාන්සේලාත් වගකිව යුතු නැතිදැයි පෙරළා විමසුවේ 88-89 කාලයේ බලය අල්ලා ගැනීමට මනුෂ්‍ය ඝාතනවලට අමතරව සාපරාධි ලෙස ජෙප්පන් රටේ  ආර්ථීකයට කළ විනාසය එල්ටීටීඊයටවත් කළ නොහැකි බව නො කියා කියමිනි. 

ඩොලර් බිලියන 22ක විදේශ ආයෝජන එක් වසරකින් උපයා ගත් වියට්නාමය ඊට ගුරු කොට ගත්තේත්, පිදෙල් කස්ත්‍රෝ කොමියුනිස්ට් කියුබාවට නිදහස් ආර්ථීකය හඳුන්වා දුන්නේත්, ශ්‍රී ලාංකේය අත්දැකීමට අනුගතවය. ලෝක ප්‍රකට කියුබානු සුරුට්ටු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට වරින් වර එවන තරමට ක්‍රැස්තෝ ලංකාවට ලෙන්ගතු විය. 

චීනය හා වියට්නාමය මෙන් කියුබාව සාර්ථක නො වීමට හේතු අනුර කුමාරලා පැහැදිලි කළ  යුතුවේ. මහ කොළඹ ආර්ථික කොමිෂමට අදාළ අණ පනත් වලින් නිදහස් වෙළඳ කලාප තුළ වෘතිය සමිති ක්‍රියාකාරිත්වයට යම් සීමා තහංචි පනවන ලද්දේ වර්ජන නිසා ශ්‍රී ලංකාව හැර ගිය ජාත්‍යන්තර ආයෝජකයවන් පිළිබඳ ව්‍යාපාරික ලෝකයේ පැවති බිය සැක තුනී කිරිමටය. වෘත්තීය සමිති අරගල සහ ඊනියා ජනසතු ව්‍යාපාර නිසා නවසිය පනස් ගණන්වල ලංකාව හැර ගිය බොහෝ ජත්‍යන්තර ආයෝජකයන් සිංගප්පූරුවට කැඳවා ගත් බව ලී ක්වාන් යූ කියා තිබේ.

ෂෙල්, කැල්ටෙක්ස්, එසෝ ආදි අමෙරිකා සමාගම් සතුව පැවති ඉන්ධන ව්‍යාපාර ජනසතු කොට පිහිටවූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අදටත් රාජ්‍ය භාණ්ඩාගාරයට වැය බරක් වී ඇත්තේ වෘත්තිය සමිති මාෆියාව මිස වංචා දූෂණ නිසා නොවේ. මේ ඛේදවාචකයට ලංකා විදුලි බල මණ්ඩලය මෙන්ම, එයාර් ලංකා සහ ටෙලිකොම් ආදි රාජ්‍ය ආයතනද බිලි විය. (ලංවිම 1994 තෙක් 17 වසරක් එක දිගට ලාභ ලැබීය.)

තුවක්කු පෙන්නා මංකොල්ල කෑමත් වර්ජන තර්ජන හරහා අමතර දීමනා ලබා ගැනීමත් හේතුවෙන් ආසන්න අඩ සියවසක් රාජ්‍ය ව්‍යාපාර විනාස වීමටත් විදේශීය ආයෝජකයන් නො පැමිණිමටත් වඩාත් හේතු වුණේ ජෙප්පන් මිස වාංචා දූෂණ නොවේ.

1965-1970 කාලයේ  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ වරයෙකු ලෙස සහ පසුව සෙනෙට් සභාවද නියෝජනය කළ එජාප හිතවාදි ඔස්කා ද ලිවේරා සෙනෙට් මන්ත්‍රීවරයෙකු වීමේ සතුට සැමරීමට පැවති සාදයේදී එජාප මන්ත්‍රීන් ඇතුළු හිතවතුන් හමුවේ කී කතාවක් මෙහිදී ඉතා වැදගත්ය. අධ්‍යක්ෂ ධුරය දරද්දී වරක් ඔහුගේ නමට නිකුත් කළ චෙක් පතක ගෙවීම ගැන එකී සමාගමෙන් විමසූ විට ඒ වාර්ෂිකව අධ්‍යක්ෂ වරයෙකුට හිමි කොමිස් මුදල දැන ගත් වහා ආයතනයේ ගණකාධිකාරි කැඳවා එකී චෙක් පත ආයතනයේ සුභ සාධක ගිණුමට බැර කිරීමට නියම කළ බව කී ඔස්කාර් ලිවේරා, කොහොමද ජනසතු ව්‍යාපාරවල ඇතුල් පැත්ත  බව කියා සිනාසිණ. 

මාසික වැටුප් ලබන්නන් විරැකියාවෙන් පෙළෙන්නන් සරසවි සිසූන් මිස, ගොවීන් ස්වයං රැකියා කරන්නන් ව්‍යාපාරිකයන් උද්ඝෝෂණ වර්ජන සඳහා කැඳවා ගැනීමට වර්තමාන දේශපාලන ක්‍රියාකාරින්ට නො හැකිව ඇත්තේ කෘෂි කාර්මික නිෂ්පාදන හා සේවා මිල ඉහළ යාමෙන් ග්‍රාමීය ආර්ථීකය  වඩාත් කාර්යක්ෂම වීමට සමාන්තරව, අර්ධ කාලීන රැකියා අවස්ථා වැඩිවීම හේතුවෙනි. සමහර බැංකු සේවකයන් පවා අර්ධ කාලීනව කුරියර් සේවා වලට බැඳි වැඩ කිරීම රහසක් නොවේ. ශ්‍රම දායකත්වයෙන් අවංක කැපවීමෙන් සාධාරණව උපයා ගත් දෙයින් ජීවත් වීමට හුරුවූ රටේ බහුතරයක් දෙනා හැමදාමත් ස්ව ශක්තියෙන් ගොඩ නැගුණා මිස එක එකා පසුපස ගමන් කළේ නැත. 

මෑතක රටට කිර්තිය ගෙනා ග්‍රාමීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වැඩිහිටියන්ද තවත් උදාහරණයකි. වැට් බදු නීතියට එරෙහිව කළ දැවැන්ත උද්ඝෝෂණ වලදී අස්වැන්න අඩුවීමෙන් කැරට් කිලෝව රුපියල් දෙදහසක් වීමත් පාලකයාට එරෙහි සටන් පාඨයක් කර ගත් වමේ බලවේග ගිය සතියේ දෙහි කිලෝවක් රුපියල් 2000ක් වීම ගැන කතා කළේම නැත. මාධ්‍යට මුණ ගැසුණ දෙහි ගොවීන්ට අනුව, ඉඩොරය හේතුවෙන් අස්වැන්න අඩුවීමෙන් දෙහි මිල ඉහළ යාමක්, වර්ෂාව සමග නැවත මිල පහත වැටීමත් හැමදාම සිදුවේ. තවත් තරුණ දෙහි ගොවියෙක්, සහනාධාර නොව අතිරික්ත අස්වැන්න කල් ලබා ගැනීමේ විද්‍යාත්මක ක්‍රම හඳුන්වා දෙන ලෙස ඉල්ලා සිටියේය. මෙම ප්‍රකාශ වලින් තහවුරු වන්නේ අව්ව වැස්ස පවා තම වාසියට යොදා ගන්නා මුග්ධ දේශපාලනය ගැන ජනතාව වර්තමානයේ උනන්දු නොවන බවය. 

ව්‍යාපාරිකයෙකු හමුවූ රෝහල් සුළු සේවිකාවක් අමතර ආදායමක් ලැබිය හැකි අර්ධ කාලීන රැකියා ගැන විමසා තිබිණ. ලැඛෙන වැටුප මදිදැයි ව්‍යාපාරිකයා විමසූ විට, වැටුප් දීමනා වෙනුවෙන් වර්ජන කර රෝගීන්ගේ සාපයට ලක් වෙනවාට වඩා අමතර රැකියාවක් කිරීම පවුලටත් සහනයක් බව කියා තිබේ. ගතවූ දුෂ්කර කාලය සිහිපත් කළ උප තැපැල් ස්ථානාධිපතිනියක කීවේ, හම්බ කර ගත් දේ ඔහේ වැය කරමින් ගෙවූ නාස්තිකාර ජිවිතය කළමනාකරණය කර ගැනීමෙන් යමක් ඉතිරි කළ හැකි බව තේරුම් ගැනීම ආශිර්වාදයක් වූ බවය. මේ විස්තර කරන්නේ අප්‍රේල් අරගලයට මැදිවූ රටේ සාමාන්‍ය ජනතාව තුළ ඇතිවූ ආකල්පය වෙනසය.

දේශපාලනයෙන් බැහැරව ආර්ථීක අර්බුදය තේරුම් ගැනීම නිසා නව ආකල්ප වලින් ජන සමාජය ශක්තිමත්වීම නිසා දේශපාලන ක්‍රියාකාරකම් වලින් සාමාන්‍ය මිනිසුන් ඈත්වීමේ සම්භාවිතාව වැඩි බවය. මේ ආර්ථීක හා සාමාජික පරිසරය තුළ බොහෝ දේ සිදුවෙමින් පවතී. රට කැමති වුණත් නැතත් එකී වසර දෙක පුරා ක්‍රියාත්මක වන්නේ රනිල් වික්‍රමසිංහ විශ්වාසයෙන් කළ දේ පමණකි.

රටේ බලය ඉල්ලා කා කොටා ගන්නා අනුර සජිත් දෙදෙනාට උනුන් මුන ගැසී තම ආර්ථීක ප්‍රතිපත්ති ගැන කතා කිරීමත් රටේ හාස්‍යට ලක්වී හමාරය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එක දිගට එක්ව වැඩ කිරීමට විපක්ෂයට ආරාධනා කළ ද, අදටත් රටට ඔබින එකම වැඩ පිළිවෙල හුදෙකලා රනිල්ගේ මත වාදය පමණක් බව පැහැදිලිය. මේ පසුබිමෙහි ළඟ එන ජනාධිපති මැතිවරණයේදී ආයෙත් 2019දී මෙන් ආයෙත් රනිල් පරද්දමු කියමින් මේ ලිපිය අවසන් කරමි.

(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක

Continue Reading

Article

කුකුළන් සත් දෙනාගේ මරණවලින් හෙළිවෙන අප රටේ සංවර්ධන මන්දපෝෂණය

එදා මෙදා තුර අප රටේ දේශපාලනඥයන් වැඩිම දෙනකු ගෙන් වැඩිම වාර ගණනක් කියැවී ඇති වචන අතලොස්සක් තිබේ නම් “සංවර්ධනය” යන

වදන ද ඊට නියත ලෙසම එක් වනු ඇත. එහෙත්, ලොව දියුණු යැයි සැළකෙන බොහෝ රටවල් හා සසඳන විට අපේ රටේ සංවර්ධනය හුදෙක් වචන මාත්‍රයකට සීමා වී ඇති බවක් පෙනේ.

ඒ සඳහා නිදසුන් වශයෙන් දැක්විය හැකි බොහෝ සිදුවීම් තිබේ. ඒ සඳහා ආසන්නම නිදසුනක් ලෙස පසුගිය දා රිදීගම, පානගමුව ප්‍රදේශයේ කුකුළන් සත් දෙනකු මිය යාමේ සිදුවීම දැක්විය හැක.

එම සිදුවීමට අදාළ ප්‍රවෘත්තියට අනුව එම කුකුළන් ගේ මරණයට හේතු වී ඇත්තේ රජය විසින් අඩු ආදායම් ලාභීන් සඳහා නොමිලයේ ලබාදුන් සහල් ආහාරයට ගැනීම ය. එහෙත් එය නම් කළ හැක්කේ එම සිදුවීම හා සම්බන්ධ ආසන්නතම සහ ද්‍රශ්‍යමාන හේතුව වශයෙනි. එහෙත් යමක ආසන්නම හා ද්‍රශ්‍යමාන හේතුව ඒ හා සම්බන්ධ සැබෑ හේතුව වීමට සේම නොවීමට ද ඉඩ තිබේ.

කුකුළන් සත් දෙනකු ගේ මරණය බරපතල සිදූවීමක් නොවූවද කාලීන තත්වයන් යටතේ කුකුළන් සත් දෙනකු හදිසියේ එක් වරම මිය යාම එක්තරා අතිශය බරපතල තත්වයක් මත සිදුවීමට ද පැහැදිලි අවකාශයක් තිබේ. ඒ මේ වන විට ලොව යම් ව්‍යාප්තියක් පළ කරන H5N1 නම් කුරුළු උණ රෝගය පිළිබඳව සාධාරණ ලෙස අනුමාන කිරීමේ හැකියාවක් ඒ ඔස්සේ මතු වන බැවිනි. මේ වන විට එය ඇමරිකාවේ ගවයන් අතර පැතිර යාමක් ද පෙන්නුම් කරන අතරේ එමඟින් මිනිසුන් වෙත සම්ප්‍රේෂණය වීමේ නව මංපෙතක් විවර වනු ඇත.

මෙම කුරුළු උණ මූලික වශයෙන් කුකුළන් හා කුරුල්ලන් අතර පැතිරෙන වසංගත රෝගයකි. මෙම රෝග කාරකය ඉන්ෆ්ලුවන්සා A වෛරසයේ H5N1 කාණ්ඩය වශයෙන් නම් කොට ඇත. එය වඩාත් අනතුරුදායක වනුයේ පක්ෂීන්ගෙන් මිනිසුන්ට ද බෝ වන බැවිනි. නමුදු දැනට වාර්තා වී ඇති අන්දමට මෙය මිනිසුන්ගෙන් මිනිසුන්ට කුරුළු උණ බෝවීම ඉතාමත් විරල ය. නමුදු සංචාරක පක්ෂීන් වෙතින් කුරුළු උණ මෙරට කුකුළන්, කුරුල්ලන් අතරට පහසුවෙන් පැමිණීමේ හැකියාවක් තිබේ.

විසිතුරු පක්ෂීන් ලෙස වෙනත් රටවලින් අප රටට ගෙන්වන කුරුල්ලන්, කුකුළන් හා කුකුළු පැටවුන්, කුරුළු පිහාටු,මස් හා බිත්තර වැනි කුරුළු නිෂ්පාදනවල එම රෝග කාරක වෛරසය ඇත්නම් රෝගය අප රටට පැමිණිය හැක. කුරුළු උණ වසංගතය ඇති රටවලට කෙරෙන විදේශ සංචරණ මගින් ද මෙම රෝගය පැතිරෙන බව වාර්තා වී තිබේ. ඒ අනුව මෙම රෝගය පැතිරීම වලක්වා ලීම අභියෝගාත්මක කාරියකි. රෝගී හා මැරුණු කුකුළන්, කුරුල්ලන්, තාරාවන් සහ ගෘහාශ්‍රිතව ඇති කරන කුරුල්ලන් හා උන්ගේ අපද්‍රව්‍ය ස්පර්ශ කිරීමෙන් ද රෝගී පක්ෂීන්ගේ බාගෙට පිසූ සත්ව කොටස් හෝ බිත්තර ආහාරයට ගැනීමෙන් ද මෙම රෝගය මිනිසුන්ට වැළඳිය හැකි බව අනාවරණය වී තිබේ.

H5N1 වයිරසය ශරීර ගත වූ පසු දින 3-5 ක් අතර කාලයකින් පසු රෝග ලක්ෂණ පහළ වේ. මූලික රෝග ලක්ෂණ සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා, රෝග ලක්ෂණ වලට සමාන ය. ඒ අතර උණ, කැස්ස, උගුර අමාරුව, ඇඟ පත අමාරුව හා සමහර අවස්ථා වලදී පාචනය ද පැවතිය හැක. සාමාන්‍යයෙන් මෙම රෝග ලක්ෂණ කඩිනමින් දරුණු අතට හැරුණු පසු නියුමෝනියා රෝගයෙන් මරණයට පත්වීම් ද වාර්තා වෙයි.

පසුගිය කාලයේ මෙම කුරුලු උණ රෝගය දකුණු අර්ධ ගෝලයේ දක්ෂිණ ද්‍රවයේ ඇන්ටාක්ටිකාව පුරා ව්‍යාප්ත වෙමින් පැවැති බවත් එය මුහුදු ලිහිණින් වැනි කුරුල්ලන් අතර මෙන්ම පෙන්ගුයින් කුරුල්ලන් අතර ව්‍යාප්ත වෙමින් පැවැති බව ද වාර්තා වී තිබේ. මෙය මාරාන්තික තත්ත්වයක් වීමේ අවදානමක් පවතින බව විද්‍යාඥයින් අනාවැකි පළකර ඇති අතර පර්යේෂකයින්ට අනුව ඇන්ටාක්ටිකාවෙන් පළමු වරට කුරුලු උණ වැළඳුණු කුරුල්ලන් හඳුනාගෙන ඇත්තේ එහි ප්‍රධාන භූමියෙනි. කුරුළු උණ සම්බන්ධ නවතම පර්යේෂණයන්ට අනුව, නිව් යෝර්ක් නගරයේ H5N1 පැතිර යාම පිළිබඳ. විද්‍යාත්මක පත්‍රිකාව ක්ෂුද්‍ර ජීව විද්‍යාව සඳහා වූ ඇමරිකානු සංගමයේ වෛරස් විද්‍යාව සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලදී.

එම වාර්තාව මඟින් මෙය ග්‍රාමීය පරිසරයට සහ වාණිජ කුකුළු ව්‍යාපාරවලට පමණක් සීමා නොවී නාගරික මධ්‍යස්ථාන දක්වා ව්‍යාප්ත වන බව අවධාරණය කරයි. මෙය ගෝලීය ව්‍යාප්තියක් දක්වා වන මංපෙතක් වීමට ද පුළුවන. නමුත් හුදෙක් දූපත් මානසිකත්වයක් මිස ගෝලීය චින්තනයක් නොමැති අප ජන සමාජය මෙවන් දේ කෙරෙහි සංවේදී වනුයේ ඉතා අඩුවෙනි.

ඉහත සඳහන් කුකුළන් හත් දෙනකු එක් වර මිය යාමේ සිදුවීම අප රටේ ජන මාධ්‍ය තුළින් නැවත නැවතත් ‘වර නැඟෙන්නට’ වූයේත් එය පාර්ලිමේන්තු සභා ගර්භය සේම අධිකරණය වෙත යොමු වන්නට වූයේත් එම කුකුළු මරණ හා අඩු ආදායම් ලාභීන් හට ආණ්ඩුවෙන් නොමිලයේ ලබා දෙන සහල් අතර යම් ආසන්න සහ ද්‍රශ්‍යමාන සබැඳියාවක් ගොඩනැඟී තිබූ බැවිනි.

නමුත් එවැනි සිදුවීමක් හා සබැඳි විද්‍යාත්මක විමසුමක දී එම සිදුවීම තුළ පැවැතිය හැකි බරපතල බව සළකා විද්‍යාත්මක කෝණයකින් විමැසීම ලොව සෑම දියුණු රටකම සිදුවන බව නොරහසකි. නමුත් ඉහත සඳහන් කුකුළු මරණ සහ මේ වන විට ලොව නන් දෙසින් වාර්තා වන H5N1 කුරුළු උණ රෝගය අතර යම් සබැඳියාවක් තිබේදැයි විමසීමට මෙරට සෞඛ්‍ය සහ පශු වෛද්‍ය අංශ ප්‍රමාණවත් අයුරින් මැදිහත් වූයේ ද යන්න ගැටළුව අප තුළ පවතී.

තාක්ෂණික වශයෙන් යම් ආකාරයකට නවීනත්වය හා මුසු වුවද චින්තනමය සහ ආකල්පමය වශයෙන් අප ජන සමාජය ඒ නවීනත්වයට කෙතරම් සහසම්බන්ධ දැයි විමසීමක් කිරීමේ දී ඉතා පැහැදිලිව පෙනී යන කරුණක් තිබේ. එනම් ඒ සහසබඳතා ඉතා දුබල මට්ටමක පවතින බවකි.

ඉහත සඳහන් සිදුවීමට අදාලව මෙය විමසීමට ලක් කළහොත් එම සහල් ආහාරයට ගැනීමෙන් පසු කුකුළන් මිය යාම එම සහල් ආහාරයට ගැනීම නිසා කුකුළන් මිය යාමක් වීමට සේම නොවීමට ද පුළුවන. 

“අම්මා රෑ එළිවෙනකම් තනියට මොන මොනවද කියවන්න පටන් ගත්තා, ඒත් අපි කට්ටඩි මහත්තයෙක් ගෙන්නලා ඇප නූලක් දැම්මට පස්සේ ඒ කියවන එක සෑහෙන්න අඩු වුණා;දැන් ආයිමත් කලින් වගේම කියවනවා”. මානසික රෝගීන් සමඟ පැමිණෙන ඔවුන් ගේ ඥාතීන් සහ භාර කරුවන් එසේ පවසනු මනෝ වෛද්‍යවරුන්ට ඉතා හොඳින් හුරු පුරුදු ය. එහෙත්, එම තනිව කියැවීම නතර වූයේ ඇප නූල දැමීම නිසා ද නැතහොත් ස්වභාවික හේතුවක් නිසා ද යන්න සනාථ කිරීමට කරුණු කිසිවක් ඔවුන් සතුව නැත. එය ඔවුනට දැනෙන හැඟෙන දෙයක් පමණි.

එමෙන්ම ඉහත සඳහන් කුකුළන් සත් දෙනා මිය යාම H5N1 කුරුළු උණ නිසා සිදුවී නොමැති බවට පෞද්ගලිකව අනුමාන කිරීමට අපට පුළුවන. එහෙත්, එවන් අනුමාන වලට වඩා එවැනි බිහිසුණු තත්ත්වයක් වලකා ගැනීම පිණිස වඩාත් යුහුසුළු වීම අතිශය වැදගත් ය. ඒ “අවදානමට වඩා සුදානම ඉතා වැදගත්ය” යන නියාමය අනුව ය. නමුත් සංවර්ධනය යනු අවිචාරවත් සමාජයක් ඡන්ද බිලි බා ගැනීමේ ඇමක් ලෙස භාවිතා වන අප රට තුළට සැබෑ සංවර්ධනයේ මූලික පදනම වන විද්‍යාත්මක චින්තනයක අරුණළු කෙලෙස කවදා වැටේ ද යන්න ද බරපතල පැනයකි.


(විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ)

Continue Reading

Article

රනිල්ගේ කොළඹ කවය සහ ප්‍රේමදාස (අල)වංගුව

ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 මැයි 09 වෙනිදා ”මම කිසිම කොන්දේසියක් නැතිව රට භාර ගත්තා.

මගේ පක්ෂයට එදා තිබුණේ එක් මන්ත්‍රී ධුරයක් පමණයි.”  යනුවෙන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයේදී කඩා වැටුණ රටේ වගකීම භාර නොගත් පාර්ලිමේන්තුවේ පිංගුත්තරයන් ගැන කීවේ නැත. 

එජාපයට හිටියේ එක් මන්ත්‍රී කෙනෙක් පමණයි කී සැනින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස භූමි තෙල් ඉහිරුණ ගැරඬියෙකු සේ තම සිරුරටම පැටලී සිටි හැටි ආකාරය බලා සිටියහ. 

ආර්ථීකය කඩා වැටී ඉන්ධන හිඟ වී, පාසල් වැසී ආහාර හිඟ වී රට අපායක් වූ අවදියේ රටේ විපක්ෂ නායකයා ජනාධිපතිකම කෙසේ වෙතත් සුදුස්සෙකු තෝරා ගන්නා තෙක් හෝ මැයි 9 වෙනිදා අගමැති තනතුර භාර ගත යුතු වුවද, සජිත් හැසිරුණේ දෙවන ලෝක යුද්ධ අවදානම හමුවේ බුදු අම්මෝ මට බෑ කියා අගමැතිකම දමාගිය නෙවිල් චෙම්බ්ලේන් වාගේය. 

ජූලියේ පාර්ලිමේන්තුව නව ජනාධිපති වරයෙක් තෝරා ගැනීමට රැස්වූ දිනයේ අග්‍රාමාත්‍ය රනිල්ට නිතරගයෙන් පත් කර අරගලයේ ජනාධිපති ලෙස ප්‍රකාශ කිරීමේ අවස්ථාව සජිත් අහිමි කර ගත්තේය. 

ප්‍රේමදාස ඝාතනය නිසා රට අස්ථාවර වීම වැළැක්වීමට විපක්ෂ නායිකා බණ්ඩාරනායක මැතිනිය අගමැති විජේතුංගගේ නම ජනාධිපති තනතුරට යෝජනා කරමින් ඉතිහාසයේ ගෞරවයට පාත්‍ර වූවද ප්‍රේමදාසලා ලංකා දේශපාලනයෙහි සාර්ථක නො වුණේ ප්‍රේමදාසගේ හදිසි මරණය අසා හෝ රටේ මිනිස්සු අනේ අපොයි නො කීවේ වැදූ ගෙහි දෝෂ නිසා මිස, ප්‍රභූ දේශපාලනයේ වරදින් නොවේ.  

මෙහිදී තම හැකියාව දැන සිටි සජිත් ප්‍රේමදාස, රාජපක්ෂලා දේශපාලනයෙන් හටගත් තුත්තිරි ගහක් වැනි ඩලස් අලහප්පෙරුමගේ ඇඟේ එල්ලීමෙන් සජබයට ශක්තියක් දුන් විසි හතර ලක්ෂයක් ජනතාවට කළේ නිගරුවට ලක් කිරීමත්, 1970 මැතිවරණ පරාජය හමුවේ එතෙක් එජාප කැබිනට්ටුව නියෝජනය කළ සජිත්ගේ තාත්තා, පුරවැසි පෙරමුණ අටවා දාස පාල යුගයක් ගැන දොඩවා, ලක්ෂ සංඛ්‍යාත යුඇන්පී කාරයන් අවතක්සේරු කිරීම 2020 පුතාත් ඒ ආකාරයටම  කළේය. 

තමන් උස්සා තැබූ එජාපයට හතුරුව අප්පලා පුතාලා කෑදරව කළ නොහොබිනා කම් යූඇන්පී කාරයන් හඳුන්වන්නේ ප්‍රේමදාස (අල)වංගුව හැටියටය. අලවංගුව යනු පරෙස්සම් විය යුතු යකඩ උලක් මිස කල්ප වෘක්ෂයක් නොවේ.

ඉම්තියාස් බාකිර් මාකර්ලා 2020දී සජබය පිහිටුවා එජාප වළ දැමීමට සජිත් සමග ගත් නිහීන උත්සාහය සජබයටම පාරා වලල්ලක් වී හමාරය. පාලකයා එළවීමට මුළු රටම විපක්ෂ නායක වටා ඒකරාශීවීමේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය අනුව, 1974 දී ආණ්ඩුව සමග සිටි හබරාදුව මන්ත්‍රී අධි නීතිඥ ප්‍රින්ස් ගුණසේකරත් ජේ. ආර්. සංවිධානය කළ සත්‍යග්‍රහයට සුදු වතින් සැරසී ගාන්ධි තොප්පි දමා පැමිණීමත්, රොනී ද මැල් අනුව යමින් විජේවීරත් අලියාට ඡන්දය දී පහෙන් තුනක බලය එජාපයට ලබා දීමට සම්මාදම් වීමත්  රටට නායකත්වය දීමට සජිත්ට නො හැකි බව තහවුරු වීමකි.  

එසේම වහසි බස් දොඩමින් විපක්ෂ කණ්ඩායම් වලට අභියෝග කිරීමෙන් හෙළි වන්නේ උස නම් සිකියුරිටි කොට නම් ක්ලාක් මොඩලයේ සජිත්ගේ තනි ඇඟිලි පුරුකේ දේශපාලන දැනුම රාජ්‍ය තාන්ත්‍රීක දැක්ම නොවේ. විපක්ෂ මතවාදීන් මෙහෙයවීම කෙසේ වෙතත් ඩලස් අලහප්පෙරුමටවත් නායකත්වය දිය නො හැකි තරමට ඉම්තියාස්ලාගේ රන්ජිත් මද්දුම බණ්ඩාරලාගේ සිහින කුමාරයා දේශපාලනිකව පිරිහී හමාරය. 

ආසන්න වසර දෙකක සිට රටේ පවත්නා පලදායිතාව යනු දේශීය සහ ජාත්‍යන්තර සහායෙන් රනිල් වික්‍රමසිංහ සිදු කළ කළමනාකාරිත්වයේ ඍජු ප්‍රතිපලය වේ. හෙවත් බංකොලොකත් කී රට ගොඩ නැගීමට උර දුන් ශක්තිමත් මිනිසා පිළිබඳ කතාන්තරය වේ.

මේ ලේඛකයා, මැයි 13 වෙනි සඳුදා උසාවි ගොස් ආපසු එමින් සිටියදී මහනුවර දළදා වීදියේ රැකියා නැති උපාධිධාරින්ගේ පෙළ ගැසී විරෝධතාවක යෙදෙනු ඇස ගැටිණ. ඒ වනවිට රාජ්‍ය ආයතන ගණනාවක් වැඩි වැටුප් සහ දීමනා සහන ඉල්ලා අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් වෙමින් පැවතිණ. මෙතැනට පැමිණි කෙනෙක් ”මොකද මේ …….? ”කියා තවත් කෙනෙකුගෙන් විමසීය. 

”රට වැටිලා නම් ටිකක් ඉවසන්න කියන්න කෙනෙක් නැතිකම.”

”රනිල් වටේ කොළඹ ඉන්න හත් අට දෙනා කොහොමද ලංකාවක මිනිසුන්ට ඒක කියන්නේ” දෙවැන්නා එසේ කියා උපහාසයෙන් සිනාසිණ. 

විපක්ෂයට අවශ්‍ය සහන ලබා දීම නොව රට අවුල් කිරීමය. පාසල් වාර මැද ගුරුවරු වීදි බැස්සවීමත් විභාග උත්තර පත්‍ර බලන කාලයේ දීමනා ඉල්ලීමත් මෙවැන්නකි. 2022 අපේල් 9 වෙනිදා බංකොලොත් බව ලෝකය ප්‍රකාශ කළ රටේ හෙට දවස මෙසේ විනාස කරන්නේ බලය ඉල්ලන ඔලූ බක්කන් විසිනි. 

56දී ආසන 8ට වැටුණ එජාපය, කඩිනමින් ඩඩ්ලි යළි කැඳවා දෙවරක් රටේ අගමැති කරවා රට ගොඩනැගීය. 1970දී විජයග්‍රාහී තුන් හවුල් පාලනය නිසා වැටුණ රටේ ආර්ථීකය යළි ගොඩ නැගුවේ ජේ.ආර්. විසිනි. 1994දී රට භාර ගත් වමේ සන්ධාන හත් වසර අවසානයේ 2001දී ආර්ථීකය ඍණ අගයක් ගෙන කඩා වැටුණ රට රනිල් යළි දෙ වසරක් තුළ රට ගොඩ නැගීය. 2015-2019 පස් අවුරුදු පාලනය අවසානයේ වඳ කතා පාස්කු බෝම්බ චෝදනා මිස, රටේ ආර්ථීක ශේෂ පත්‍ර ය් අවුලක් නො තිබිණ. වැටුප් වැඩි කර ඉන්ධන කිරිපිටි ගෑස් ආදි අත්‍යාවශ්‍ය සේවා සහ භාණ්ඩ මිල අඩු කර පැවතියද, 2020 හැට නව ලක්ෂයක් එක්ව එජාපය සමග ගෙදර යැවූ රනිල් යළි රට ගොඩ නගමින් සිටියි.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට ගිනි සහ මරණ බිය ඇති කරවමින්, විධායක ජනාධිපති සහ අගමැති සෝයුරන්ට යන 0075 නැති කළ රට පරාජිත රනිල්ට රට භාරදීම ගැන කිසිවෙකු එරෙහි නො වුණ රටේ ජන රැළි  වර්ජන මඟ හැර පාඩුවේ ජීවත්වන නිහඬ බහුතරය රටට අවශ්‍ය ක්‍රමය ජයග්‍රහණය කරවනු ඇත. 

1953දී ලී ක්වාන් යූගේ සිංගප්පූරුවත් 1992දී  චිමිංගේ වියට්නාමයත් ගුරු කොට ගත් අවස්තා දෙකේදීමම පාලනය කළේ එජාපය විසිනි. 2019දී රුපියල් 117ක්වූ පැට්‍රල් ලීටරය 2022දී රුපියල් 1000ටත් සොයා ගත නො හැකි විය. 2024මැයි මුල පැට්‍රල් ලීටරය රුපියල් 400ට අඩු කළ විට එය රුපියල් 117ක් වන්නේ කවදාද කියා විපක්ෂය විමසීය. ඒ සඳහා තවත් අවුරුදු තුනක් ගත විය හැකි බව ජනාධිපති වික්‍රමසිංහ කීය. 

2020 එජාපය බිංදුවට වැට්ටවූ සජිත් සහ ඉම්තියාස්ලා 2022දී අර්බුදයට විසඳුම ලෙස ඩලස් අලහප්පෙරුම නම් කළේ තමන් සතු කෙරුවාවේ ප්‍රමාණය දැන සිටි  නිසාය.   

2019 එජාපය අර්බුදය තේරුම් ගත් එජාප නියෝජ්‍ය නායකයාව සිටි කතානායක කරු ජයසුරිය, අගමැති වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස කතානායක නිල නිවෙසට ගෙන්වා කළ එජාප ආරවුල ගැන නිල නොවන සාකච්ඡාවේදී 1956දී මෙන් එජාපය විනාශ නො කළ යුතු බව අවධාරණය කළේය. කරු-රනිල්-සජිත් හමුවේදී ආරවුල පක්ෂ අභ්‍යන්තර ගැටලුව ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත්ද, එජාප නායකයා ලෙස රනිල් ද පිළි ගැනීමට කරු ජයසූරිය හමුවේ රනිල් සජිත් එකඟ වූහ. අගමැති වික්‍රමසිංහ, මෙම එකඟතාවට පසුව ප්‍රේමදාස නිවෙසට ගිය අවස්ථාවේදී හේමා සජිත්ගේ වගකීම රනිල්ට පැවරූ බව රහසක් නොවේ.

ආර්.ප්‍රේමදාස එජාපයට කළ හූනියම සිහි කරමින් සජිත්ව දැඩිව විවේචනයක් කරමින් සිටි මේ ලේඛකයාට 2019දී සජිත්ට ගහන්ඩ එපා අපි එයාට උදව් කරමු යයි ඉල්ලනතරමට අගමැති රනිල් වික්‍රමසිංහ කරු ජයසුරියට සහතික කළ සම්මුතියෙහි පිහිටා සිටියේය. රටට තීරණාත්මක අවස්ථාවන්දී දේශපාලන හා පුද්ගලික මාද වාද බැහැර කොට පෙනී සිටිමේ විශිෂ්ඨ එජාප සම්ප්‍රදාය, 2010දී හා 2014දී 2019 දීත් අනුගමනය කළ රනිල් වික්‍රමසිංහ, උතුරු නැගෙනහිර ජනාධිපති මැතිවරණ සටන සජිත් වෙනුවෙන් මෙහෙයවීය. 

අප්පලා පුතාලාගේ මේ අතීතය යළි සිහිපත් කළේ මැයි 9 වෙනි දින සජිත්, පාර්ලිමේන්තුවේදී ජනාධිපති වික්‍රමසිංහට එල්ල කොට සිදු කළ අසික්කිත හැසිරීම නිසාය. 

ප්‍රේමදාසලා කොහොමටත් එහෙමය. නවසිය හැට ගණන්වල මුලදී මැතිනිය බලයට ආවොත් අගමැති පුටුව මාසිකව හෝදන්ට සිදුවන බවට ප්‍රසිද්ධියේ කීවේ සජිත්ගේ තාත්තා ය. දරු තිදෙනෙකුට මව් වූ බණ්ඩාරනායක මැතිනියට මෙසේ නිගරු කිරීම ගැන කෝපයට පත් ඩඩ්ලි සේනානායක, ආර්. ප්‍රේමදාස කැඳවා තමුන්ටත් අම්මෙක් සිටිනවා නේද අසා දැඩි සේ අවවාද කළ බව රහසක් නොවේ. 

මහජන වේදිකාවල අත්පොලසන් මැද කතා කළ ජනාධිපති ප්‍රේමදාසගේ මරණය අසා රටක මිනිස්සු රතිඤ්ඤා පත්තු කොට කිරිබත් කෑවේ කලින් සැලසුම් කොට නොව ප්‍රේමදාසලා එජාපයට රටට ඇනයක් අලවංගුවක් වූ නිසාය. 

එජාපයෙන් කැඩී සජබයට මාරුවූ බහුතරයක් වර්තමානයේ අරමුණක් නැති සජිත්ගේ භූමිකාව එකඟ නැත. ඔවුන් එජාපයට උරුම දේශපාලන තීරුවක සමාජ අවශ්‍යතාව පිළිබඳ දැඩි විශ්වාසයෙන් පසුවේ. මේ ගතික ස්වභාවය සමීප කර ගැනීමට රනිල් තබා එජාප ක්‍රියාකාරින් හෝ සමත්ව නැත. එහි වගකීම රනිල් වික්‍රමසිංහ මුළුමනින්ම භාර ගත යුතුවේ. එජාපයෙන් කැඩී සජබයට මාරුවූ බහුතරයක් වර්තමානයේ අරමුණක් නැති සජිත්ගේ භූමිකාව එකඟ නැත. ඔවුන් එජාපයට උරුම දේශපාලන තීරුවක සමාජ අවශ්‍යතාව පිළිබඳ දැඩි විශ්වාසයෙන් පසුවේ. මේ ගතික ස්වභාවය සමීප කර ගැනීමට රනිල් තබා එජාප ක්‍රියාකාරින් හෝ සමත්ව නැත. එහි වගකීම රනිල් වික්‍රමසිංහ මුළුමනින්ම භාර ගත යුතුවේ.

රනිල් ධනාත්මකව එදාට වඩා ඛෙහෙවින් වෙනස්ව ඇති බව එජාපයේ කවුරුත්  පිළිගනිති. එහෙත් ගැටලුව වන්නේ තවමත් රනිල් තමන්ට අවේනික කවය තුළම භ්‍රමරණය වීමය. අතීතයේ රනිල්ට ලැබුණ බලය හැම විටෙකම ගිලිහී ගියේ ගමේ යූඇන්පී කාරයන් කළකිරීම නිසාය. සජබය හිට ගත්තේ ඒ පීඩනය තුළය. 

ගෙවුණ වසර දෙක තූල රනිල් පරස්පර දේශපාලන මත දරන්නන්ට සමීප වුවද තවමත් ඔහුට යූඇන්පී කාරයන් සමීප වී නැත. රනිල් සහ එජාප අතර පවත්නා මහා හිදැස  සුළුවෙන් තැකිය නො හැකිය. මෑතක පිට පළාත්වල නීතිඥයන් හමුවූ අවස්ථාවක රනිල් වෙනුවෙන් පෙළ ගැසෙන වෙනත් වෘත්තික කණ්ඩායමක් ගැන දැනුම් දුන් විට ජනාධිපති වික්‍රමසිංහ දුන් ක්ෂණික පිළිතුර සමරතුංගට කියන්න යන්නය.  

ගතවූ දෙවසර තුළ ජනාධිපති කාර්ය සාධනය සඳහා තෝරා ගත් කොයි සමරතුංගත් හැරිලාවත් බලන්නේ ඛෙල්ලේ ටයි එකක් ගැට ගසා තිබුණොත් පමණක් බව ටයි කෝට් පළඳින රනිල් වික්‍රමසිංහ දන්නේ නැත.  

මෙයට පෙරද සිහිපත් කළ පරිදි උරුමය අස්වැසුම වැනි පලදායි ක්‍රියාකාරකම් රටේ සාමාන්‍ය මිනිසාට සමීප නො වන්නේ ටයි පටලවා ගත්  සමරතුංගගේ කවය නිසාය. 

රනිල් මේ මුහුණ දි සිටින්නේ මැතිවරණයකටය. ගසක් යට දහර මණ්ඩිය ගොතා වාඩි වී ගහෙව් බිමට වැටෙන යමක් කා යැපෙන්න කල්පනා කළ ඉන්දියාවේ නිගණ්ඨ සම්ප්‍රදායට දේශපාලනය කොට වඳ කොත්තු ආරංචියටත් කතිර ගැසූ ලංකාවේ ඡන්ද දිනන්න බැරි බව කවුරුත් කාටවත් අමුතුවෙන් කියා දිය යුතු නැත. දෙ වසරක් තුළ වැටුණ රට තුළ මහා පෙරළියක් කළ රනිල් පිළිබඳ පණිවිඩය ගෙන යන වාහකයන් ඇත්තේම නැත. 

(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක

Continue Reading
Advertisement
Hot News31 mins ago

ආරවුලක් දුරදිග ගොස් පුද්ගලයෙක් අවසන් ගමන් යයි

Hot News1 hour ago

වගා නොකළ ඉඩම් වගා කිරීම සඳහා අවශ්‍ය නීති රීති හඳුන්වා දෙනවා – අනුප පස්කුවල්

Hot News2 hours ago

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට විවෘත කෙරේ

Sports3 hours ago

ශ්‍රී ලංකා මීටර් 4×400 පිරිමි සහාය දිවීමේ කණ්ඩායමට රන් පදක්කමක්

Hot News3 hours ago

රයිසිගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වෙන්න අලි සබ්‍ රි ඉරානයට

Hot News3 hours ago

ඉරාන ජනාධිපතිගේ වියෝවට ශෝකය පළ කිරීමට අනුරත් තානාපති කාර්යාලය යයි

Hot News3 hours ago

ඇල්ල – වැල්ලවාය මාර්ගය යළිත් වැසේ

Sports4 hours ago

කුසල් ජනිත් කිසිඳු කණ්ඩායමක් මිලදී නොගනී

Hot News4 hours ago

Watch : එක්ස්කියුස් මී නොකියා පන්තියට පැමිණියාට උරණ වූ පාසලේ ගුරුවරයා සිසුවියට සිදුකළ නරුම වැඩේ

Hot News4 hours ago

ඉරාන ජනපති මියගිය පුවත තහවුරු වූ මොහොතේ ම ඔහු එවූ තිළිණයක් ලංකාවට

Hot News4 hours ago

සජබයේ තවත් ප්‍රබලයෙක් රනිල්ගේ අතේ එල්ලෙයි

Hot News4 hours ago

බන්ධනාගාර නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග අවසන්

Hot News5 hours ago

මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය ඉහළට

Sports5 hours ago

සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්

Hot News6 hours ago

ඉරාන ජනපතිගේ වියෝව නිසා ජාත්‍යන්තර තේ උත්සවය අවලංගු කරයි

Hot News6 hours ago

අලි මිනිස් ගැටුම පාලනය සඳහා නියමු ව්‍යාපෘති දෙකක්

Sports6 hours ago

මතීෂ ඉතිහාසගත මුදලකට අලෙවි වෙයි

Hot News8 hours ago

වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

Hot News8 hours ago

සමාජ මාධ්‍ය ජාලවල ප්‍රචාරය වන අසත්‍ය පුවතක් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Hot News8 hours ago

එකම හෝටලෙන් කාපු මටත් දැන් වෙන හෝටලයකින් කන්න ඕන – සී.බී.රත්නායක

Hot News8 hours ago

නාවිකයින්ට සහ ධීවරයින්ට රතු නිවේදනයක්

Hot News9 hours ago

ගෝල්ෆේස් තොරණ කඩා වැටෙයි

Hot News9 hours ago

Watch : LPL ක්‍රීඩක වෙන්දේසිය ඇරඹෙයි

Hot News10 hours ago

ඩයනා ගමගේට ඇප

Article10 hours ago

රනිල් ආයේත් පරද්දමු – (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

Hot News10 hours ago

යුද හමුදා සාමාජිකයින් 15,667ක් නීත්‍යානුකූලව ඉවතට

Sports10 hours ago

කුසල් මෙන්ඩිස්ට වීසා ලැබෙයි

Hot News10 hours ago

අතුරුදන් කී ඩයනා අධිකරණයට එයි

Hot News11 hours ago

ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ

Hot News11 hours ago

වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කරයි

Hot News2 months ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News5 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News2 months ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News3 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports7 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News6 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports6 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News5 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News4 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local7 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local7 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News4 weeks ago

කිරිපිටි මිල පහළට

Hot News2 months ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News4 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News5 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

Hot News6 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World4 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

World6 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News3 months ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Hot News5 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports7 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

Hot News4 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World7 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

World6 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Hot News3 months ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News4 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News6 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News5 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News5 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News2 months ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Hot News4 hours ago

Watch : එක්ස්කියුස් මී නොකියා පන්තියට පැමිණියාට උරණ වූ පාසලේ ගුරුවරයා සිසුවියට සිදුකළ නරුම වැඩේ

Hot News1 day ago

Watch : සජිත් දුන් දිනයකට අනුර එකඟ වෙයි

Hot News1 day ago

Watch : කසිප්පුකාරයෝ බේරන්නේ නැති නිසා ඇමතිට මළපැනලා

Hot News3 days ago

Watch : සනත් නිශාන්ත සිහි වූ බිරිඳ චමරි සංවේදී වෙයි

Hot News3 days ago

Watch : අධික වේගය කරපු විනාශයක් – බස් දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

Hot News3 days ago

Watch : Foxhill ඛේදවාචකයෙන් මියගිය 16 හැවිරිදි පුංචි සත්සරණීත් ගමක් හඬවමින් යන්නම යයි

Hot News3 days ago

Watch : රංගන ශිල්පී කාවිංග පෙරේරා යුඑන්පියට

Hot News4 days ago

Watch : සජිත්ටත් ඇලඩින්ගේ පුදුම පහන වගේ මේක එකපාර වෙනස් කරන්න බෑ

Hot News4 days ago

Watch : ට්‍රැෆික් නිලධාරියා මතට ගසක් කඩා වැටී දරුණු අනතුරක්

Hot News5 days ago

Watch : මිරිස්කුඩු වලින් සෙල්ලම් දාපු ඇමති ප්‍රසන්න ගුවන්තොටුපළේ සේවකයෙක්ට ගහලා

Hot News1 week ago

Watch : ආණ්ඩුවෙන් නිකන් දුන්න හාල් කාලා මැරුණ කුකුලන්ගේ ප්‍රශ්ණය පාර්ලිමේන්තුවට යයි

Sports1 week ago

Watch : වනිඳු ඇතුළු සිංහ පැටව් T20 ලෝක කුසලානයට පිටත්ව ගිය හැටි මෙන්න

Hot News1 week ago

Watch : කැරට් කැබැල්ලක් සිර වී දරුවෙකු ජීවිතක්ෂයට

Hot News1 week ago

Watch : දින 20කට පසු කොටු වූ සුසිත්ගේ පෙම්වතිය මුල සිට අගට සිදු වූ සියල්ල වමාරයි

Hot News1 week ago

Watch : මහ වැස්සේ දකුණු අධිවේගයේ අනතුරක්

Hot News1 week ago

Watch : කලු පාට වෙස්මුහුණු දාගෙන ආපු කල්ලියක් ව්‍යාපාරික ස්ථානයකට කඩා පනී

Hot News1 week ago

Watch : වැලිපැන්නෙන් ආයුධ ගබඩාවක් මතුවෙයි

Hot News1 week ago

Watch : සුසිත්ව නිහඬ කළ ඇත්ත හේතුව මේකද? සුසිත් ගැන අලුත්ම අනාවරණය මෙන්න

Hot News1 week ago

Watch : බලන්ගොඩ දරුණු අනතුරක් , ලොරියේ තිබූ යකඩ බට බස් එක විදගෙන ඇතුළට එයි

Hot News1 week ago

Watch : මේ මැණික් ගල වික්කොත් නම් ලංකාවම ගොඩ

Hot News2 weeks ago

Watch : බේරේ වැවේ දැම්ම නම් මමත් මැරෙන්න තිබ්බා

Hot News2 weeks ago

Watch : ඩයනා ගෙදර යවන්න වෙච්චි බාරය ඔප්පු කරන්න පුරාණ මෝදර දේවාලේ විශේෂ පූජාවක්

Hot News2 weeks ago

Watch : මහින්ද දේශප්‍රිය ඩයනාගේ ඉතිහාසයම දිග හරී

Hot News2 weeks ago

Watch : මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළගේ ගුණසමරුවට පොහොට්ටුවේ මන්ත්‍රීවරු එන්න බැහැ කියලා

Hot News2 weeks ago

Watch : පොහොට්ටුවේ ලොක්කෝ ඔක්කොම එක්ක ඇවිත් බැසිල් අලුත් ඔෆිස් එකේ වැඩ පටන් ගනී

Hot News2 weeks ago

Watch : ඉරාජ් ඉදිරියේ අරගලය පාවා දුන්නා කියමින් ජින් ආන්ටිව අරගලකරුවන් පන්නයි

Hot News2 weeks ago

Watch : ඩයනා වෙනුවට මුජිබර් පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි

Hot News2 weeks ago

Watch : වයස අවුරුදු 92ක වයස්ගත පුද්ගලයෙක් පසුපස ගොස් හිත් පිත් නැත්තෙක් කරපු අපරාධය

Hot News2 weeks ago

Watch : තුවාල සහිතව අබිරහස් ලෙස මියගොස් සිටි හඳුන් දිවියෙකුගේ සිරුරක් තේ වත්තක

Hot News2 weeks ago

Watch : අපිට ලොකු ප්‍රශ්නයක් වෙච්ච ගලි බවුසරයක් හිටියා, ගලි බවුසරේ දැන් ගෙදර

Advertisement

Categories

Trending