Connect with us

Politics

ආලවකයා ආවත්, නාලාගිරි ආවත්, ගල් පෙරලුවත් රනිල්ව ජනාධිපති පුටුවෙන් ඉවත් කරන්න බැහැ

මෙරට ජනතාව නැවත වල පල්ලට දමා හෝ බලය ලබා ගැනීමට පිරිසකට උවමනා වුවද ශ්‍රී ලංකාව සිංගප්පූරුවකටත් එහා ගිය දියුණු රටක් බවට පත් කළ හැකි එකම රාජතාන්ත්‍රිකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පමණක් යැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අවධාරණය කළේය.

කුමණ බාධා පැමිණියද ඉදිරි ජනාධිපතිවරණයද රනිල් වික්‍රමසිංහ මහතා නිසැකවම ජය ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඊයේ (2) අනුරාධපුර යොවුන් නිකේතනයේ දී පැවති එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් විශේෂ සමුළුව එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී ඉදිරි ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරඟ කළයුතු බවට ඉදිරිපත් වූ යෝජනාව ඒක මතිකව සම්මත විය.

මෙහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“ආලවකයා ආවත්, නාලාගිරි ආවත් ගල් පෙරලුවත් රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති පුටුවෙන් ඉවත් කරන්න බැහැ.

මේ රට සංවර්ධිත රටක් බවට පත්කරලා මිස එතුමා සිය ගමන් අවසන් කරන්නේ නැහැ කියලා මම විශ්වාසයෙන් කියනවා.

අපි දශක ගණනවක සිට පරාජිත ජාතියක් විදිහට පොරොන්දු දේශපාලනය හසුවෙලා රට විනාශ කරගත්තා. හැමදාම රනිල් වික්‍රමසිංහ මහතා රට හදන්න සැරසෙනකොටම ජාත්‍යන්තරය සමග මේ රට දියුණු වෙනවාට අකමැති පිරිස රනිල් වික්‍රමසිංහ මැතිතුමාව පුටුවෙන් බස්වන්න කටයුතු කළා.

මේ රට සිංගප්පූරවකට එහා ගිය දියුණු රටක් බවට පත් කිරීමට හැකියාව තිබෙන එකම රාජතාන්ත්‍රිකයා වන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පමණයි.
ඒ නිසා සියලු දෙනාම එකතු වෙලා රටේ ජාතික නායකයා විදිහට තවත් වසර ගණනාවකට එතුමාව ජනාධිපතිධුරයට පත් කළයුතුයි.

හැත්තෑපස් වසරකට දියුණු කරන්න බැරිවුන රට දියුණු කරන්න පුළුවන් එකම නායකයා වූ රනිල් වික්‍රමසිංහ මහතාට සෘජු බලය ලැබුණු පළමු අවස්ථාව මෙයයි.

අද තමයි එතුමා විසින් සිහින දැකපු විදිහටත් සැලසුම් හදපු විදිහටත් රට හදන්න පටන් අරගෙන තිබෙන්නේ.

කට්ටිය හොරු අල්ලනවාද කියලා අහනවා. නමුත් ජනාධිපතිවරයා විසින් හොරු අල්ලන්න කලින් යලිත් හොරකම් කරන්න බැරිවෙන විදිහට අවශ්‍ය නීති සකස් කරලා තියෙනවා.නැවත වතාවක් මේ රටේ මිනිස්සුන්ව නොමඟ යවන්න බැරිවෙන විදිහට අවශ්‍ය කරන නීති රීති සකස් කරලා තිබෙනවා. තවත් නීති සකස් කරමිනුයි තිබෙන්නේ.

මේ සිදුවෙන්නේ අවුරුදු ගණනාවක් විනාශ වුන රටක් කෙලින් කරන වැඩක්. ඒ නිසයි එතුමා 2048 දී රට සමස්ථ වශයෙන්ම ජයග්‍රාහී රටක් බවට පත්වෙනවා කියලා කිව්වේ. හැබැයි අපිට 2024 වන විටම 2018 වර්ෂයේ තිබුණ තත්ත්වයට රට ගෙන එන්න හැකියාව ලැබිලා තියෙනවා.

මෙතනින් ඉදිරියට රට ගෙන යාමයි දැන් තිබෙන්නෙ. ඒ සඳහා අපේ පුරුදු වෙනස් කරගන්න සිදුවෙලා තියෙනවා.

ඒ වගේම සමාජයක් විදිහට අපිට නිවැරදි වෙන්න සිදුවෙනවා. එහිදී ජනතාව විදිහට සවිඥානික වීම වගේම විනය ගරුක වීමට සිදුවෙනවා.

නීතිය ඉදිරියේ සියලුදෙනා සමාන කරමින් තමයි ජනාධිපතිවරයා මේ ගමන යමින් සිටින්නේ. ඒ නිසාමයි මගෙන් පටන් ගමු කියලා මේ සංශෝධන සියල්ලම එදා පක්ෂ සම්මේලනයෙන් ආරම්භ කරමින් ජනාධිපතිවරයා රටට ආදර්ශයක් ලබාදීමට කටයුතු කළේ.

පක්ෂයේ සියලුම නායකයින් එකට එකතු වෙලා ජයගමු ශ්‍රී ලංකා කියලා මගෙන් පටන් අරගෙන මේ රට ඉදිරියට ගෙන යන්න කටයුතු කරනවා. ඒකට නායකත්වය ලබාදුන්නේ ජනාධිපතිවරයයි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ සියලුදෙනා එකට එකතු වෙලයි ඉන්නේ.

අද අපි මෙතන සඳහන් කරලා තියෙන්නේ යුනයිටඩ් නැෂනල් පීපල් කියලා. ඒ කියන්නේ එක්සත් ජාතික මිනිසුන් කියලයි. අද අපේ වේදිකාවට පොදු ජන පෙරමුණේ , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහෝදරවරුන් එකතු වුනා.

අපි හැමෝම එකතු වෙලා හදන්නේ පුළුල් පෙරමුණක්. එය නිර්මාණය කරන්නේ මේ රට ගොඩනගන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් නිසයි. ඒ අනුව යුනයිටඩ් නැෂනල් පීපල් වී ආ කියලා සියලුදෙනා එක මිටට ගොනු කරන වැඩපිළිවෙල තමයි මේ ආරම්භ වෙලා තියෙන්නේ.

එක්සත් ජාතික පාක්ෂකයින් තමයි මේ ගමනේ පෙර ගමන් කරුවන් වෙන්නේ. ඒකට පෙදුජන පෙරමුණ, සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඇතුලු සියලු දෙනා එකට එකතු කර ගැනීමට කටයුතු කරනවා.
මේ රට ඉදිරි ගමනක් යනවා දකින්න කැමැත්තෙන් හිටිය සියලුදෙනා එකට ගොනුකරලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එළැඹෙන මැතිවරණයේදී ජන්ද ලක්ෂ සීයක් ලබා ගනිමින් ජයග්‍රහනය කරවීමටයි මේ සියලු කටයුතු සිදුවන්නේ.

දැන් මේ රටේ දියුණුවේ අඩි තාලාම දාලා අවසන්. ඊට අවශ්‍ය සහය දෙන්න අපි සියලුදෙනා එක් වියයුතුයි. අද වැට් ගහලා ෆ්ලැට් වෙලා කියලා උද්ඝෝෂණ කරනවා. ඒත් උද්ඝෝෂණ කරන්න දන්නේ නැත්නම් ඒක, අර කපා කපා කෑලි කපා කියලා ඇවිත් කදුළු ගෑස් ගැහුවාම දුවන දරුවන් ටිකගෙන් වත් ඉගෙන ගතුයුතුයි.
අද උද්ඝෝෂණයක් කරන්න පුළුවන් මනුස්සයෙක් නැහැ. අද බයේ කකුල් දෙක ගැහි ගැහී ඉස්සරහට යන්න හයියක් නැති පිරිස බොරුවට තමන්ගේ දේශාපලන හයිය පෙන්වන්න හදනවා.

රට භාරගන්න කිව්වාම ඒකට කොන්ද පණ නැතිව, මෙහෙම වැටිච්ච රටක් භාරගෙන ගොඩ ගන්නේ කොහොමද කියලා කියපු කියිය නායකලා අරාජිකත්වයෙන් මේ රට දියුණු වෙනවා දකින කොට පිරටවල් වල මාධ්‍ය ආයතන එක්ක කරන වැඩ පිළිවෙල ගැන රටේම ජනතාවගේ අවධානය යොමු කළයුතු වෙනවා.

අද ව්‍යාපරිකයින් කියනවා ව්‍යාපාර යම් ආකාරයකින් හිස ඔසවමින් තිබෙනවා කියලා. ඒ වගේම වැඩ කරන ජනතාව කියනවා දැන් යම් ආකාරයකින් වැඩකරගන්න හැකියාව ලැබිලා කියලා.
අද වෘත්තිකයින්ට තමන්ගේ වෘත්තීන් වල නිතරවෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් මේ කිසිවෙකුට නැවත වතාවක්, විදුලිය, ඉන්ධන, නැති කාලයක් ඇතිවනවාට කැමති නැහැ.

ඒ වගේම ව්‍යාපාරිකයින් විශාල පොලී මුදල් ගෙවන්න කැමති නැහැ. හැම මනුස්සයෙකුමට අවශ්‍ය වෙන්නේ මේ රට අඩියකින් හරි ඉදිරියට ගෙනියන්නයි. මේ රට ඉදිරියට ගෙනයන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පමණයි කියන කාරණය හැමෝම දන්නවා.
එහෙනම් රනිල් වික්‍රමසිංහ මහතාට යන්න කියන්නේ, අපි ආවාමට අරවා මේවා කරනවා කියන්නේ දේශපාලන අවශ්‍යතාව තියෙන කුහක කමින් පිරුණු දැනටමත් කෝට් මහගෙන ඉන්න අයයි.

රටේ මිනිස්සු නැවත වතාවක් වල පල්ලට දාලා හරි තමන්ට බලය ගන්නයි මේ පිරිසට අවශ්‍ය කරලා තියෙන්නේ.
එදා තෙල් පෝලිම් වල මැරුණු, ගෑස් නැතිව පෝලිම් වලට හිටිය, රෝහල් වල බෙහෙත් නැතිව හිටිය මිනිස්සු ගැන හිතුවා නම් ඔය මෝඩ පුතානේලට, කයිය නායකලාට මේ රට භාරගනෙ වෙනස් කරන්න තිබුනානේ.

නමුත් තමන්ට බැරි බව ඔවුන් පෙන්නලා මේ රට දියුණු කරන්න පුලුවන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පමණක් බවට පෙන්නුව මෝඩ පුතානෝටයි, කයිය නායකලාටයි අපි ස්තූතිවන්ත වෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා මේ රට භාරගන්නේ නැතිව, කයිය නායකලා හෝ පුතානෝ මේ රට භාරගත්තා නම් අද වෙනකොට රට කොයි තැනක තිබෙයිද කියලා හිතන්න පුළුවන්ද? එහෙනම් පාර්ලිමේන්තුවට ගහන්න සැරසිලා හිටිය පිරිස එය දිගටම සිදුකරලා රට අරාජික වෙලා තියෙයි. එහෙනම් පිට රටකින් සාම සාධක හමුදා ඇවිත් තියෙන්නත් පුළුවන්.

මේවා තමයි තානාපති කාර්යාල හරහා තිබුණ සැලසුම්. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති පුටුව දෙන්න හදනකොට තානාපති කාර්යාල වල ඇතුලේ ඉදලා රනිල්ට හැර වෙන ඕන කෙනෙකුට දෙන්න කියලා සඳහන් කරලා තිබුනේ.

අපිට ආදරය පෙන්වන සමහර රටවල් තමයි හන්දි ගානේ වේදිකා හදලා අනුරාධපුරයෙන් තංගල්ලට සෙනඟ රැගෙන යන්න සල්ලි දුන්නේ. බස් එක හැප්පුන නිසා ඒ වැඩ් අහුවුනා. නැත්තම් කැට එකතු කරලා ඔය තරම් සල්ල හොයන්න පුළුවන්ද?
ඒ අයගේ වේදිකාවල සයිස් එක කොහොමද? රැලියකට එච්චර සල්ලි කොහොන්ද? ඔය මුදල් එන්නේ තානාපති කාර්යාල හරහායි. ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාව පරාජය කිරීමටයි. රනිල් වික්‍රමසිංහ මහතාව පරාජය කළා කියන්නේ මේ රට පරාජය කළා කියන එකයි.

මේ රට නැගිටිනවා දකින්න අකමැති මිනිස්සු තමයි ජවිපෙටත්, පුතානෝටත් සල්ලි වියදම් කරලා, ඒ වගේම සමහර මාධ්‍ය ආයතන වලටත් සල්ලි වියදම් කරලා මේ වැඩ කරමින් යන්නේ.

මේක රට බේරගන්න වෙලාව නෙමෙයි මේක ජනතාව බේරගන්න තියෙන අවසන් අවස්ථාවයි. මේ රටේ ජනතාව බේරගන්න හැකියාව ලැබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ ජනාධිපතිවරයා විදිහට හිටියොත් විතරයි. ජයග්‍රාහී ශ්‍රී ලංකාවක් කරා යන්න හැකියාව ලැබෙන අවසාන අවස්ථාව මෙයයි. ඒ සඳහා සියලුදෙනාට අත්වැල් බැදගන්න කියලා මම ආරාධනා කරනවා.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Politics

මොන බලපෑම ආවත් දියත්කර ඇති කිසිඳු මෙහෙයුමක් නවත්වන්නේ නැහැ – ටිරාන් අලස්

කුමන බලපෑම් පැමිණිය ද මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමට මෙන්ම කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන හිංසනය වැළැක්වීම අරමුණු කරගනිමින් දියත්කර ඇති කිසිදු මෙහෙයුමක් නැවැත්වීමට සූදානම් නැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

එසේම 2023 දෙසැම්බර් 17 වනදා ආරම්භ කළ යුක්තිය මෙහෙයුමෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 7.8ක් වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙසේ ද පැවසීය,

මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීම මෙන්ම කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන හිංසනය වැළැක්වීම සම්බන්ධයෙන් වන මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියටත් සිදුකරනවා. කුමන බලපෑම් පැමිණිය ද අප විසින් සිදුකරන මෙම මෙහෙයුම් නැවැත්වීමට කිසිදු සූදානමක් නැහැ. මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අපට විවිධ චෝදනා එල්ල වනවා.

මෙම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් උත්සාහ කරනවා. මත්ද්‍රව්‍ය ජාල තුළින් මුදල් ලැබෙන පිරිස් විසින් එම පුද්ගල කණ්ඩායම් සඳහා මුදල් වියදම් කරන බවට අපට තොරතුරු ලැබී තිබෙනවා.

දෙසැම්බර් 17 වනදා ආරම්භ කළ යුක්තිය මෙහෙයුමෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 7.8ක් වනවා. පොලිසිය භාරයට ගත් වාහන සහ ගොඩනැඟිලිවල වටිනාකම රුපියල් මිලියන 725ක් වනවා. ඒ වෙනුවෙන් සිදුකළ වැටලීම් සංඛ්‍යාව 58,562ක් වනවා. එම මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව 58, 234ක් වනවා.

ඒ වගේම ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලයේ පවතින පෝලිම් අවම කිරීම සඳහා E Passport සේවාව හඳුන්වා දීමට අප සූදානම් වනවා. කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය නිසා නැවත වතාවක් ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට පෝලිම් වැඩි වී තිබෙනවා. එම ගැටලුව නිරාකරණය කිරීම සඳහා අප කොරියානු රජය සමඟ සාකච්ඡා කර විභාගය සමත්වන අයවලුන් සඳහා පමණක් දැනට විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වනවා.

එමෙන්ම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහා නව හැඳුනුම්පත ලබාදීමට සියලු කටයුතු සූදනම් බව පැවසිය යුතුයි. අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය (Dangerous Drugs Control Board) හරහා මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සඳහා පාසල් සහ පොලිසිය ඒකාබද්ධව වැඩසටහන් කිහිපයක් මේ වන විටත් සිදු කෙරෙනවා.

ඒ වගේම ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපගේ අපේක්ෂකයා ලෙස වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අප සියලු දෙනාම සහයෝගය ලබාදෙනවා. මේ රට වැටී තිබුණු තත්ත්වයෙන් ගොඩගෙන පෝලිම් යුගය අවසන් කිරීමට ජනාධිපතිතුමාට හැකියාව ලැබුණා. එම තත්ත්වය සම්බන්ධයෙන් අවබෝධයක් ඇති අය වෙනත් ජනාධිපතිවරයෙක් පිළිබඳව සිතිය යුතු නැති බව අපගේ අදහසයි.

Continue Reading

Politics

ශ්‍රී ලාංකිකයන් ලෙස එක්වීමෙන් රට සීග්‍ර සංවර්ධනයක් කරා ගෙන යා හැකියි – ජනපති

ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුදෙනා එකට එක්වුවහොත් රට සීග්‍ර සංවර්ධනයක් කරා ගෙන යමින් වඩා සුරක්ෂිත රටක් මතු පරපුරට ගොඩනඟා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ත්‍රිකුණාමලය කෝනේෂ්වරා හින්දු විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 10වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ සමාරම්භක අවස්ථාවට අද (21) පෙරවරුවේ එක්වෙමිනි.

ජාති, ආගම් පදනමින් කිසිවෙකුත් ජාතික බාලදක්ෂ ජම්බෝරිය නියෝජනය නොකරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සෑම කාර්යයකදීම ශ්‍රී ලාංකිකයන් ලෙස එක්වීමෙන් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට එකමුතුවක් නිර්මාණය කර ගත හැකි බවද කියා සිටියේය.

රටට අවශ්‍ය යහපත් පුරවැසියන් නිර්මාණය කරන බාලදක්ෂ ව්‍යාපාරය පුළුල් කිරීමට අවශ්‍ය අනුහග්‍රහය ලබා දෙන බව මෙහිදී පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බාලදක්ෂ ව්‍යාපාරයට තාක්ෂණ අමාත්‍යාංශය සමග එක්ව කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කළ 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙලස විවෘත කෙරිණි.

“වෙනසක් සඳහා නායකත්වය”යන තේමාව යටතේ පෙබරවාරි 20 වනදා සිට 26 වැනිදා දක්වා පැවැත්වෙන මෙම ජාතික ජම්බෝරියට දෙස් විදෙස් බාලදක්ෂයන් සහ බාලදක්ෂ නායකයන් 11,500ක පමණ පිරිසක් එක්ව සිටිති. ප්‍රථම වතාවට බාලදක්ෂිකා ව්‍යාපාරය නියෝජනය කරමින් කණ්ඩායමක් කඳවුරට එක්ව සිටින අතර පෝතක බාලදක්ෂයන් සඳහා ද මෙවර අවස්ථාව හිමිකර දී තිබීම විශේෂත්වයකි.

10වන ජාතික බාලදක්ෂ ජම්බෝරියට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ශ්‍රී ලංකා බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා විසින් පිළිගත් අතර ජනාධිපතිවරයා වෙත ජම්බෝරි කර පටිය සහ පදක්කම පැලඳවීම ද සිදු කෙරිණි.

ජාතික බාලදක්ෂ ජම්බෝරිය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද සිදු වූ අතර ප්‍රධාන සමරු කලාපය ඇතුළු දිස්ත්‍රික් මට්ටමින් නිර්මාණය කළ සමරු කලාප ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව නිල ඇඳුම ප්‍රදානය සංකේතවත් කරමින් එය ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුවිය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ද ජම්බෝරි සිහිවටනය සහ සමරු තිළිණ පිළිගැන්විණි.

10 වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ ස්ථාපිත කර තිබෙන කඳවුරු නිරීක්ෂණය සඳහාද අනතුරුව එක්වූ ජනාධිපතිවරයා බාලදක්ෂ බාලදක්ෂිකාවන් සමඟ සුහද කතා බහක ද නිරත විය.

ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ස්වීඩනය, ඔස්ට්‍රියාව, එංගලන්තය, ප්‍රංශය, පෘතුගාලය, ඉන්දියාව, දකුණු කොරියාව, සිංගප්පූරුව, තායිලන්තය, පාකිස්තානය ,බංග්ලාදේශය, නේපාලය, මැලේසියාව, වියට්නාමය, ඉන්දුනීසියාව ඇතුළු රටවල් 28ක බාලදක්ෂයින් 10 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා එක්ව සිටී.

ජම්බෝරිය පැවැත්වෙන සෑම දිනකම බාල දක්ෂයන් සඳහා විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ක්‍රියාත්මක වන අතර ගිනි මැල සන්දර්ශන, සංස්කෘතික සංදර්ශන ද ඊට ඇතුළත් වේ. අද (21) සිට පෙරවරු 9.00 සිට රාත්‍රි 9.00 දක්වා මහජනතාව වෙනුවෙන් ජම්බෝරිය විවෘත කර ඇත.

Continue Reading

Politics

කුහක වෙන්න එපා. යමෙක් මාතෘභූමියට අගයක් එකතු කරන විට එයට සහය දෙන්න – සජිත්

මේ වන විට රට අමාරු තැනක පවතින බවත් දේශීය විදේශීය ණය ඇ. ඩොලර් බිලියන 90ක් ඇති බවත් මේ තත්ත්වයෙන් ගොඩ ඒමට සිදුවන්නේ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන කර්මාන්ත ප්‍රතිපත්තියක් තුළින් මෙන්ම තොරතුරු තාක්ෂණ අපනයන හා සෘජු විදේශ ආයෝජන ලබා ගෙන බවත් දේශපාලන කුහකත්වයෙන් තොරව මේ ප්‍රතිපත්ති මහපොළොවේ යථාර්ථයක් බවට පත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසිය.

යමෙක් රටට දේශයට මාතෘභූමියට අගයක් එකතු කරන විට එයට සහයෝගය ලබා දීමට සැවොම එකා මෙන් එකට එකතු විය යුතු බවත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ කර්මාන්තශාලා ගිණිතියන්න එවක කුහක දේශපාලනයේ නිරත පිරිස කටයුතු කළත් අද එම කර්මාන්ත ශාලා ලංකාවේ ආර්ථිකයේ හදවත බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (19) අනුරාධපුර කැකිරාව බස්තියන් ද සිල්වා මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 106 වැනි අදියට යටතේ රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

Continue Reading
Advertisement
Hot News5 mins ago

තරුණයන් අතර මුඛ පිළිකා වැළඳීමේ හැකියාව ඉහළට

Hot News1 hour ago

විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි

Hot News2 hours ago

විදුලි ගාස්තු අඩු කිරීමේ සංශෝධිත යෝජනාව අද මහජන උපයෝගිතා කොමිසමට

Hot News2 hours ago

දුම්රිය හරස් මාර්ග 400ක් සඳහා ආරක්ෂිත ගේට්ටු

Hot News4 hours ago

Watch : මේ දවස්වල උණුසුම ඉතාම අවදානම්

Hot News4 hours ago

ප්‍රාථමික අංශයේ සෑම සිසුවෙකුටම ලබන මාසයේ සිට නොමිලේ ආහාර වේලක් 

Sports5 hours ago

Watch : ඒ නෝ බෝල් එක පේන්නේ නැති අම්පයර් වෙන ජොබ් එකක් හොයාගත්තා නම් හරි

Hot News5 hours ago

රජයේ පාසල්වල 1 ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම අද

Weather5 hours ago

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි ස්වල්පයක්

Sports15 hours ago

ශ්‍රී ලංකාවට ලකුණු 3ක පරාජයක්

Sports17 hours ago

ශ්‍රී ලංකාවට ලකුණු 210ක දැවැන්ත ඉලක්කයක්

Hot News18 hours ago

මල්වානේ නිවස ගැන ඇමති විජයදාසගෙන් තීරණයක්

Politics18 hours ago

මොන බලපෑම ආවත් දියත්කර ඇති කිසිඳු මෙහෙයුමක් නවත්වන්නේ නැහැ – ටිරාන් අලස්

Hot News18 hours ago

නුදුරේදීම ඉරාන ජනපති ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙයි – ඉරාන විදේශ අමාත්‍ය

Hot News19 hours ago

ශිෂ්‍යභට පුහුණුවට ගිය සිසුන් දෙපිරිසක් ගුටි කෙළියක – 17ක් රෝහලට

Sports19 hours ago

අවසන් තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

Hot News20 hours ago

උද්ධමනය යළිත් ඉහළට

Hot News20 hours ago

ළමයින්ට පාඩම් කරන්න විදුලිය ඕන නෑ, කුප්පි ලාම්පුවෙන් පුළුවන් – විදුලිබල මණ්ඩලේ මාධ්‍ය ප්‍රකාශක

Politics20 hours ago

ශ්‍රී ලාංකිකයන් ලෙස එක්වීමෙන් රට සීග්‍ර සංවර්ධනයක් කරා ගෙන යා හැකියි – ජනපති

Hot News21 hours ago

සත්‍ය සමඟිය සහ සංහිඳියාව සඳහා වූ කොමිසමේ පනත් කෙටුම්පත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ ප්‍රසාදයට

Hot News22 hours ago

ඉරාන විදේශ අමාත්‍යවරයා ජනපති හමුවෙයි

Hot News23 hours ago

ක්‍රිකට් පිත්තකින් පහරදී පුද්ගල ඝාතනයක් සිදුකළ පිය පුතු දෙදෙනා අත්අඩංගුවට

Hot News23 hours ago

Watch : හරීන්ගේ ඉන්දියා කතාවට සද්දේ දාපු විමල්ට හරීන් හොඳට අමතයි

Politics1 day ago

කුහක වෙන්න එපා. යමෙක් මාතෘභූමියට අගයක් එකතු කරන විට එයට සහය දෙන්න – සජිත්

Hot News1 day ago

භාණ්ඩ කිහිපයක විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ දමයි

World1 day ago

අයිෆල් කුළුණ සංචාරකයින්ට වැසේ

Hot News1 day ago

වෙරළ හා ධීවර වරායන්හි අපද්‍රව්‍ය කළමනාකරණයට සක්‍රීය යාන්ත්‍රණයක්

Hot News1 day ago

Online පනතට එරෙහි පෙත්සමට නීතිපතිගෙන් විරෝධතා

Politics1 day ago

රට හදන තැන අදත් රැස්වෙයි

Hot News1 day ago

මහබාගේ වෙඩිතැබීමක් – පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Hot News2 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News1 week ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports4 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News3 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports3 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News2 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News1 month ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local4 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local4 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News4 weeks ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News2 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

World1 month ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

Hot News3 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World4 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News2 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports4 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

World4 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

World3 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Hot News3 weeks ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

Hot News4 weeks ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News3 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News2 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News2 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News3 months ago

කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග

Hot News4 months ago

නුවරඑලිය පොලිස් නිලධාරීන් අධිකරණය කටයුතුවලින් ඉවත් වෙයි

Uncategorized2 months ago

කහවත්තේ මව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දියණිය නිදහස්

Sports4 months ago

ආබාධයක් හේතුවෙන් ශකිබ් අල් හසන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

Hot News2 months ago

තම ජීවිතය ගැන නොසිතා මහ රෑ පූඩලු ඔයට පැන එක් දරු මවකගේ ජීවිතය බේරාගත් පොලිස් නිළධාරියා

Hot News4 weeks ago

Watch: මාරක රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට

Hot News2 weeks ago

දේපොළ කොල්ල කෑමට ආ පුද්ගලයකු නිවැසියන්ගේ ප්‍රහාරයකින් මරුට

Hot News4 hours ago

Watch : මේ දවස්වල උණුසුම ඉතාම අවදානම්

Hot News23 hours ago

Watch : හරීන්ගේ ඉන්දියා කතාවට සද්දේ දාපු විමල්ට හරීන් හොඳට අමතයි

Hot News2 days ago

Watch : වීසා නැතුව පොලිසියට සද්දේ දැමු චීන කාන්තාව පොලිසියෙන් කුදලගෙන යයි

Sports2 days ago

Watch : මතීෂට නෙට් එකේ බැට් කරන එක තමයි අමාරුම් වැඩේ

Hot News3 days ago

රටම කැළඹූ කොටකෙතන මව සහ දියණිය අවසන් ගමන් යැවූ සැකකරුට මරණ දඬුවම

Hot News3 days ago

Watch : ටිකට් ඉවරයි කියද්දීත් මිනිස්සු වැටවල් කඩාගෙන ටිකට් ගන්න එයි

Politics4 days ago

Watch : ගැහැණු සියල්ල එක මිටට අරන් අනුර කුරුණෑගලට

Hot News4 days ago

Watch : මුහුණේ තුවාල සහිතව මියගොස් සිටි තිදරු මවගේ සිරුර හමුවෙයි

Politics5 days ago

Watch : මේ රටට ගොඩක් මහන්සියි , ගොඩක් අමාරුයි ඔබගේ ජීවිතවලට දැනෙන වෙනසක් අවශ්‍යයි

Hot News5 days ago

මම හැමදාම ඉන්නේ කාර්යාල අඩස්සියේ – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

Hot News5 days ago

Watch : ප්‍රසිද්ධ පාසලක ගුරු – විදුහල්පති කඹ ඇදිල්ල නිසා බණ්ඩාරවෙලම උණුසුම් වෙයි

Hot News6 days ago

Watch : හදවතේ ගායකයා චාමර වීරසිංහ බැලීමට සජිත් ප්‍රේමදාස ඔහුගේ නිවසට යයි

Hot News6 days ago

Watch : සැමියාගේ මන්න මිටි පහරින් 21 හැවිරිදි බිරිඳ ජීවිතක්ෂයට

Politics7 days ago

Watch : කෙහෙළිය අසනීප නිසා අද උසාවියට එන්න බෑ කියලා , කෙහෙළිය නැතුවම නඩුව ඉදිරියට යයි

Hot News7 days ago

Watch : බස්වල සිංදු කියලා ත්‍රීවීල් එක උකස් තියලා ජෝතිගේ නමට බස් හෝල්ට් තුනක් හදපු රසිකයා

Hot News7 days ago

Watch : සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල ඇඟට දැනෙන ලෙස අඩු කරයි

Politics1 week ago

Watch : වතුකරයේ ජනතාව කම්කරුවන් ලෙස නොව ව්‍යවසායකයන් කිරීමේ අරමුණින් සජබෙ සාමුහික ප්‍රඥප්තියකට අත්සන් කරයි

Hot News1 week ago

Watch : තම නැගණිය දුක් මහන්සියෙන් වගා කළ කුඹුර , අයියයි අක්කයි විෂ නාශක තෙල් ගසා විනාශ කරලා

Hot News1 week ago

Watch : ගිලන් රථයට යන්න නවත්තපු දුම්රිය ගමන

Hot News1 week ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Hot News2 weeks ago

Watch : රෙදි කෑල්ල ගසක ගැට ගසා සෙල්ලම් කරමින් සිටි දරුවා ගෙල සිර වී අවාසනාවන්ත ලෙස මියයයි

Hot News2 weeks ago

Watch : නිවසක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙක් නිවැසියන්ගේ ගුටි කා අවසන් ගමන් යයි

Hot News2 weeks ago

Watch : තමන් විදුහල්පති බව අමතක කරලා වේදිකාව දෙවනත් කරමින් විදුහල්පතිවරයා දාපු ලස්සන නර්තනය මෙන්න

Politics2 weeks ago

Watch : ඉන්දීය සංචාරය ගැන එල්ල වූ චෝදනාවලට අනුර කුමාරගෙන් සැර උත්තරයක්

Politics2 weeks ago

Watch : නාමල් සහ ලිමිණිගේ ඉදිරි ගමන සාර්ථක වෙන්න රාම් කෝවිලෙන් ආශිර්වාද

Politics2 weeks ago

Watch : සනත් නිශාන්ත වෙනුවට ජගත් ප්‍රියංකර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි

Entertainment2 weeks ago

Watch : දකුණු ඉන්දීය ප්‍රකට සංගීතඥ හරිහරන් යාපනයට පැමිණෙයි

Politics2 weeks ago

Watch : අඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ 20ක් ලබා දෙනවා – ජනපති

Politics2 weeks ago

Watch : සජිත්ගේ දෑත් ශක්තිමත් කරන්න හිටපු නාවික හමුදාපති දයා සඳගිරිත් සජබෙට

Hot News2 weeks ago

Watch : තිලිණි ප්‍රියමාලි තවත් නඩුවකින් නිදොස්කොට නිදහස් කරයි

Advertisement

Categories

Trending