ගාල්ල හියාරේ නැගෙනහිර මහ විද්‍යාලයේ 06 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 10 දෙනෙකු පාසලේදී සකස් කරන ලද ආහාර අනුභව කිරීමෙන් ඇති වූ සංකුලතාවයක් හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුලත්කර තිබෙනවා.

මෙම පන්තියේ ඉගෙනුම ලබන දරුවන් පිරිස අද ගෘහ විද්‍යා විෂය නිර්දේශයට අනුව පාසලේ දී පිළියෙල කරල ලද සැන්ඩ්විච් ආහාරයට ගැනීමෙන් පසුව මෙම සංකූලතා මතුවී තිබෙනවා.

මෙම සිසුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය පරීක්ෂ සිදු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here