වෙළෙඳ සැලකින් ඇඳුම් සොරකම් කළ බවට චෝදනා එල්ල වීමත් සමඟ නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
ඇඳුම් සොරකම් කළ බවට චෝදනා එල්ල වී ඉල්ලා අස්වූයේ නවසීලන්තයේ මධ්‍ය වාමාංශික හරිත පක්ෂයේ මන්ත්‍රීවරියක වන ගොල්රීස් ගහ්රමාන් ය.
ඕක්ලන්ඞ් නුවර සුඛෝපබෝගී වෙළෙඳ සැලකින් ඇඳුම් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ වූ අවස්ථාවේදී ඇය මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට තීරණය කළේ.
තමන් දැඩි මානසික ආතතියකින් පෙළෙන බවත්, වරදක් බව දැන දැනත් තමන් එසේ කළේ එම ආතති තත්ත්වය මඟ හරවා ගැනීමට බවත් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය පැහැදිලි කළා.
ff