

Politics
ඇමති සුසිල්ට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සුබපැතුම්
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ආසියානු ශාන්තිකර කලාපය නියෝජනය කරමින් 2024 වසරේ සිට 2027 කාලය දක්වා යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක සභාව සඳහා ඡන්ද හිමි රටවල් 188ක් අතරින් 144ක බහුතර ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් 76%ක ඉහළ ප්‍රතිශතයකින් යුතුව තේරී පත්ව ඇති අතර ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ බොහෝ මන්ත්‍රීවරුන්ගෙන් ඒ මහතාට සුබපැතුම් හිමි විය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුබපැතුම් එක් කරමින් පවසා සිටියේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පරිණත ආචාර්යවරයකු වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා ලද මේ විශිෂ්ට ජයග්‍රහණය පෞද්ගලික ව එතුමාටත් රටටත් ලැබුණු විජයග්‍රහණයක් බවයි.
යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයට තේරී පත්වීම ඉතා දුලබ මෙන් ම අසීරුවෙන් ලබාගත යුතු අවස්ථාවක් බවත් එවන් තනතුරක් සඳහා ජාත්‍යන්තර ඡන්ද විශාල ප්‍රමාණයක් දිනාගනිමින් තේරී පත් වූ සුසිල් ප්‍රේමජයන්ත මහතාට දකුණු ආසියානු කලාපයට හා සමස්ත ලෝකයට ම සේවය කිරීමට මහඟු අවස්ථාවක් මෙමගින් උදා වූ බවත් රට වෙනුවෙන් හා පාර්ලිමේන්තුව වෙනුවෙන් තමන් ඒ සඳහා සුබපැතුම් එක් කරන බවත් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙහි දී පැවසී ය.
ප්‍රේමජයන්ත මහතා ප්‍රංශයේ පැරිස් නුවර පැවති යුනෙස්කෝ මූලස්ථානයේ දී මෙවර යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයට තේරී පත් වූ අතර මින් පෙර 2008 වර්ෂයේ ද එම තනතුර හොබවමින් රටට කීර්තියක් අත් කර දුන් බැව් සඳහන් කළ සුදර්ශන දෙණිපිටිය මන්ත්‍රීවරයා ද රටවල් විශාල සංඛ්‍යාවක් අභිභවා ලද මෙම දුලබ ජයග්‍රහණය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයාට සුබපැතීය.
මෙහි දී ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් ම සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා වෙත සිය උණුසුම් සුබපැතුම් පිරිනැමූහ.
Politics
ගුවන් විදුලිය හා රූපවාහිනිය පොදු සමාගමක් වෙයි

දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී පැවසුවා.
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව 2023 වසරේ රුපියල් මිලියන 277 ක්ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව 2023 වසරේ මේ වනවිට රුපියල් මිලියන 457 ක්ද අලාභ ලබා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
තවදුරටත් මහා භාණ්ඩාගාරයට මෙම මාධ්‍ය නාලිකා සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීමට අපහසු බවත්, ඒ අනුව ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටිනවා.
Politics
සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටව යන ඉන්දීය මහකොමසාරිස්වරයා කථානායකවරයා හමුවෙයි

සිය සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටව යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අද (28) කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී හමුවිය.
පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වූ පළමු රට ඉන්දියාව බවත්, ඒ සඳහා සිය කෘතඥතාව පළ කරන බවත් කථානායකවරයා මෙහිදී සඳහන් කළේය. එමෙන්ම තම ධුර කාලය තුළදී ඉන්දීය මහ කොමසාරිස්වරයා ඉන්දු ශ්‍රී ලංකා සබඳතා වර්ධනය කිරීම සඳහා දැක්වූ සියලුම ආකාරයේ සහයෝගයන්ටද කථානායකවරයා සිය ස්තුතිය පුද කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බවත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සාධනීය ස්ථාවරයක සිටින බවත් ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙහෙදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මේ අවස්ථාවට එක්ව සිටියාය.
Politics
සමගි ජන බලවේගයේ ප්‍රබල ආසන සංවිධායකවරයෙක් ඉවතට

සමගි ජන බලවේගයේ පස්සර සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ් එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා.
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙලෙස අදාළ ඉවත්කිරිම සිදුකර ඇති බව වාර්තා වෙයි.
-
World1 day ago
තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි
-
World2 days ago
ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්
-
Sports2 days ago
තීක්ෂණ සහ මතීෂ චෙන්නායි කණ්ඩායම රඳවා ගනී
-
Hot News1 day ago
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ඉඟියක්
-
Hot News3 days ago
නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්? පොලිස්පති කාර්යාලයෙන් ඉවත් වෙයි
-
Sports2 days ago
ගුජරාට් කණ්ඩායම දසුන් ශානකව ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි
-
Hot News1 day ago
දිවුලපිටියෙන් කොටුකරගත් ලක්ෂ 12ක මත්ද්‍රව්‍ය තොගය
-
Hot News3 days ago
Watch : පොලිස් නිළධාරීන් අත්අඩංගුවට ගත් ජීප් රථය කාගේද ?