Hot News

ඇමති හරීන් ඉල්ලා අස්වන බවට තර්ජනය කරයි..!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති කැබිනට් රැස්වීමේ දී, සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, තමන්, සිය අමාත්‍ය දූරයෙන් ඉල්ලා අස්වන බවට තර්ජනය කර තිබෙන බව වාර්තා වේ.

අමාත්‍යවරයා මෙසේ තමන් ඉල්ලා අස්වන බවට තර්ජනය කර තිබෙන්නේ නව වීසා ක්‍රමය සම්බන්ධයෙන් ඔහු තුළ ඇති අප්‍රසාදය ප්‍රකාශ කරමිනි.

ඒ අනුව, නව වීසා ක්‍රමය වහාම සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.

සංශෝධනයට අනුව, සංචාරකයන් සදහා ලබා දෙන දින තිහක වීසා බලපත්‍රයක ගාස්තුව ඩොලර් 50 සීමාවට යළි ගෙනැවිත් තිබේ.

මෙම ඩොලර් 50 තුළට, වී.එෆ්.එස් ආයතනය විසින් අයකරනු ලබන සේවා ගාස්තුවද ඇතුළත් ය.

ඊට අමතරව, රටවල් 50 ක් සදහා නොමිලයේ වීසා නිකුත් කළ යුතු බවට සංචාරක අමාත්‍යවරයා ගෙනැවිත් තිබෙන යෝජනාව හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට ද රජය තීරණය කර තිබෙන බව වාර්තා වේ.

දැනට රටවල් හතක සංචාරකයන් සදහා මෙරටට ඇතුළු වීමට කිසිදු ගාස්තුවක් අය නොකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version