World
ඇමරිකාවේ රෝහලක වෙඩි තැබීමක්

ඇමරිකාවේ නිව් හම්ප්ශයර්හි මනෝ චිකිත්සක රෝහලක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සන්නද්ධ සැකකරුවෙකු රෝහල තුළ දී වෙඩි තබා එක් පුද්ගලයෙකු ඝාතනය කර ඇති අතර ප්‍රහාරකයා ඝාතනය වී ඇත්තේ ආරක්ෂක නිලධාරියෙකුගේ වෙඩි පහරින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
World
රුසියාවේ පාසලක වෙඩි තැබීමකින් ළමුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

රුසියාවේ පාසලක 14 හැවිරිදි සිසුවියක් විසින් සිදුකළ වෙඩි තැබීමකින් ළමුන් දෙදෙනෙකු මියගොස් තවත් ළමුන් පස්දෙනෙකු තුවාල ලබා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිසුන් පිරිසක් ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාර මාලාවක් සිදුකර ඇති එම සිසුවිය පසුව වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි.
ඒසේම සිය පියාට අයත් ගිනි අවියක් අදාළ සිසුවිය විසින් පාසලට රැගෙනවිත් ඇති බව රුසියානු විමර්ශන අංශ විසින් අනාවරණය කරගෙන තිබේ. වෙඩි ප්‍රහාරයට ලක්වූ එක් සිසුවෙකු එහිදී මියගොස් ඇති අතර තවත් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
World
Watch : උමං තුල සිටි හමාස් හමුදා නායකයන් රැසක් අවසන් ගමන් යවමින් ඊශ්‍රායල් හමුදාව පෙරට යයි

උමං තුල සිටි හමාස් හමුදා නායකයන් රැසක් ඝාතනය කරමින් ඊශ්‍රායල් හමුදාව පෙරට යයි, මේක ඉවර කරන්න පුළුවන් යුද්ධයක්ද? දැන් තීරණාත්මක දකුණේ සටන. ගාසා තීරයට ජාත්‍යන්තර හමුදාව කැඳවයි?
World
විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමක් – තිදෙනෙක් ජීවිතක්ෂයට

ඇමෙරිකාවේ නෙවාඩා විශ්වවිද්‍යාලයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම සාහසික වෙඩිතැබීම සිදුකළ සැකකරු ද ආරක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වෙඩිතැබීම් හේතුවෙන් අදාළ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ද තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
-
Hot News4 days ago
කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි
-
Hot News3 days ago
කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග
-
Hot News4 days ago
ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල මිල සීඝ්රයෙන් පහළට
-
Hot News5 days ago
පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ දී උප පොලිස් පරීක්ෂකවරයෙක් සියදිවි හානි කරගනී
-
World4 days ago
විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමක් – තිදෙනෙක් ජීවිතක්ෂයට
-
Hot News17 hours ago
Watch : පාසල් සිසුවියන් මත්පෙති ගන්න මුදල් සොයන අලුත්ම විදිය ගැන අනාවරණයක්
-
Hot News3 days ago
Watch : කොස්ලන්දට ආ අලියා කොස් කන්න ගහට නැගපු හැටි මෙන්න
-
Hot News4 days ago
ඇමෙරිකානු YouTube තරුවකට මාස 06ක සිර දඬුවමක්