ඇමෙරිකාවේ සිට ගුවන් මගින් කොලඹ ට්‍රයිකෝ කැටුව නොඑන මගී භාණ්ඩ නිශ්කාශන ආයතනය හරහා එවන ලද පාර්සලයක විෂ මත්ද්‍රව්‍ය තිබී අද ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ශන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත්තා.

ආහාර අඩංගු ටින් වල බහා තිබූ මෙම මත්ද්‍රව්‍ය අතර කොකේන් ග්‍රෑම් 511 ක් හා මරිජුවානා ග්‍රෑම් 5161ක් අඩංගු වනවා.

මේවායේ වටිනාකම රුපියල් මිලියන 66කට වැඩි බව සඳහන්.

ගම්පහ ප්‍රදේශයේ කාන්තාවකගේ නමට පැමිණි මෙම භාන්ඩ තොගය ඇයගේ ලිඛිත අවසරය මත භාරගැනීමට පැමිණි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක් රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේම මෙම අත්අඩංගුවට ගත් පුද්ගලයා රේගුවට කරන ලද ප්‍රකාශයකට අනුව සැකපිට ට්‍රයිකෝ ආයතනයට අනුයුක්තව සේවය කරන සහකාර රේගු අධිකාරීවරයෙකු ද විමර්ශනය සදහා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

භාණ්ඩ හා සැකකරුවන් වැඩිදුර විමර්ශනය සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here